Sunday, October 31, 2010

ආවර්ජනා......


ගොඩක් කාලෙකට පස්සේ පහුගිය දවසක මගෙ ඉස්කෝලෙට ගියා
. පරන පුරුදු ගෙට්ටුවෙන් ඇතුලට මම ගියත් මගෙ හිත පරන ලෝකෙට ගිහින්. කාලෙකට ඉස්සර ගෙවුන කියාගන්න බැරි තරම් සුන්දර ලෝකෙ මට එක මොහොතකින් මැවිලා පෙන්න ගත්තා. හැමදාම වෙලාවට ඉස්කෝලට එන මාව පිලිගන්න වේවැල අතේ තියන් ඉන්න අපේ ප්‍රින්සිපල් සර් ,හැමදාම වදයක් වෙච්ච පීරියඩ වලට අමා ඔසුවක් උන සංගීත කාමරේ, නැටුම් කාමරේ අඩියෙන් අඩිය අපිව උඩට ගෙනාපු තරප්පු පේලිය වෙනදා වගෙමයි පරන පුරුදු ආදරෙන් ඉස්කෝලෙ මන් දිහා බලන් ඉන්නවා. මතකයන් ඇරෙන්න අනිත් දේවල් 5 S වෙලා මතක් කරපන් මගෙ හිත මට කිව්වා අමතක කරන්න තරම් කිසිම මතකයක් නොවටිනා වෙලා නෑ. මේ හතර කොනේ උනු හැම දෙයක්ම එදා වගෙම මට මතකයි තරප්පු පෙලේ උඩටම නැගලා වැටට හෙත්තු වෙලා මම ඇස් දෙක පියාගත්තා. ජීවිතේ ආපස්සට යවන්න පුලුවන් නම් ........ හිත බොලඳ වෙලා ...මම හිනා උනා.. ,නෑ උඹලට නෙවේ මට උබලට කවද හරි තේරෙයි මේ කාලේ තියන වටිනාකම ඉස්සර දවසක මොකක්දෝ මගුලට මගේ කන මිරිකලා පන්ති භාර සර් කියපු හරුපේ තේරුම යස අගේට මට තේරුනා. තරප්පු පේලියට සමු දීලා මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු තැන් තුනට ගියා සංගීත කාමරේ. ඉස්කෝලට ආව දවසේ ඉදලා ගෙදර උන තැන. , නැටුම් කාමරේ සර් ගෙන් ගුටි කකා වැඩියෙන්ම ෆන් ගත්තු තැන, සමස්ත ලංකා තරගවල මතක තාම මැවිලා පේනවා. මූ කොහොමද නැටුම් ,සංගීතේ දෙකම කලේ කියලා දැන් අහන්න එපා පූරුවෙ පිනකට මට ඒ වාසනාව ලැබුනා නැටුම් වලට දායක උනේ සංගීත අංශයෙන් තේරුනා නේ. ඒ මතක ගොඩක් සුන්දරයි අන්තිමටම ආවේ බෑන්ඩ් රූම් එක ලගට කැඩෙට් උන හින්දා විදපු දුක රන්ටැබේ .යුනිෆොර්ම් ,බූට් පොලිශ් ,හකු පැලෙන්න ගුටි කාපුවා , එදා කොයි තරම් දුකක් උනත් අද දැනෙන දුක තරම් නෑ නේද. හැමදේම පහු කරගෙන අන්තිමටම මං හිටපු පන්ති කාමරේට ආවා හ්ම්...... කලු ලෑල්ල මං එක්ක හිනා උනා අදත් පන්තියට පරක්කු උනා නේද ඔව් .. පරක්කු උනා ගොඩක්ම පරක්කු උනා...... නලියන ඇස් දෙක තද කරගෙන මම කිව්වා ඉස්සර දවසක හිතේ තියන දේවල් ඔක්කොම ලියපු මගේ ඩෙස්ක් එක හොයලා මම මුලු පන්තියම පීරුවා හැමදේම අලුත් වෙලා මතකය ඇරෙන්න එහෙනම් ආයුබොවන් .පන්ති කාමරේට සමු දීලා මම එලියට ආව 2005 විභාගේ ලියලා අන්තිම දවසෙ මම ඉස්කෝලෙ ගෙට්ටුවෙන් එලියට බහිනකොට මන් ඉස්කෝලෙට දන ගහලා වැන්දා එදා මට මගේ ජීවිතේ කොටසක් මේකේ තනි කරලා යනවා කියලා මට දැනුනා. හදා ගන්න බැරි හිතත් එක්ක මම ගෙට්ටුව ලගට ගියා දකින දේවල් පැහැදිලි නැත්තේ ඇයි කියලා මගේ හිත එක්ක තර්ක කරන්න ගියේවත් ඇස් වලින් එන්නේ කදුලු නෙවේ කියල හිතන්නවත් මම උත්සාහ කලේ නෑ ජීවිතේ වටිනම කොටසක් අතීතෙට එකතු වෙලා කියන එක විතරක් ඒ හමදේම අතරින් හිතට දැනුනා පුරුදු විදියටම ඉස්කෝලෙටම තියන එකම ගෙට්ටුවෙන් එලියට බැහැලා අදත් මම දනගහලා වැන්දා.. අම්මේ........ අයුබෝවන්

Monday, October 18, 2010

කුනු....




ගුඩ් මෝර්නින් සර්........
කන්තෝරුවේ පිය ගැට පෙල පාමුල
කුනු බාල්දියත් අතේ තියාගෙන
තනි මට අක්කර ගානක ඉඩක් ඉතුරු කරලා
පැත්තකට වෙන ගමන්
උඹ මට සුභ පැතුවා
ඊලගට තරප්පුව නගින
අකුරු දෙකේ ලොකු මහත්තයට
ඒ ඉඩ මදිවෙලා
බෝ වෙන ලෙඩෙක් දැකපු ගානට
මූන ඇද කරගෙන
ඌ මට මෙහම කිව්වා
දවසම ඉවරයි.........
කුනු වලට උඹ ඔය තරම් බයද
හොදට හිතපන්
ආයෙම හිතපන්
උන් අදින්නේ අපේ කුනු....

Sunday, October 10, 2010

ආදරයේ වේදනාව




Monday, October 4, 2010

ලොකු දොස්තර



ජීවිතයට වාරු නැතුව රොහලේ නවතිද්දී
ලොකු දොස්තර මම දැක්කේ මගේ දුක විමසද්දී
කතා කරන වචන ගානේ මගේ දුක වැඩි වෙද්දී
මට ඇඩුනේ මගේ පැතුම් හීන වෙලා යද්දී

මට නොතිබ්බ මහ ලොකු ලෙඩ වල නම් කියවද්දි
අහන් ඉන්න උනා මටත් පිහිටක් නැති වෙද්දී
ගනන් කරලා ඔරව ගොරව කතා බහ කරද්දී
ලෙඩ අහුවෙත් නෑ අපිටත් හිතේ බය තියෙද්දී

ගෙදර උන්ගේ මනාපයට මගේ ටිකට් කැපෙද්දී
ලොකු දොස්තර චැනල් කොලා මං එපා කියද්දී
පින් කද වගේ හිනා වෙලා මගේ දුක අහද්දී
පුර පෝය හඳයි මෝය කටයි චැනල් සෙන්ටරේදී







මෙය සමස්ත  වෛද්‍යවරුන් සියල්ලක්ම මෙලස‍යැයි  කීමට ගත් උත්සාහයක් නොවන අතර එම උතුම් වෘතිය නිගාවට ලක්වන අයුරින් හැසිරෙන සුලු පිරිසක් හා මා ලැබු සත්‍ය අත්දැකීමක් ඇසුරින් කරන ලද නිර්මාණයකි

Friday, October 1, 2010

මුවහත




යකඩ කටින් යටිගිරියෙන්
අපේ දුකට උන් විදවපු.......
අවුරුද්දෙන් දින ගානක්
අපේ ජීවිත උන්ට පෙනුනු......
හීන දැකපු මාලිගාවේ
ආයෙත් උන් රජකරවපු
වලං පතුලේ කැද උගුරට
තුන් වේලම හිත හදාපු......
තැලෙන යකඩ දැක දැක උන්
ඒ යකඩෙම ඔප දමාපු
කැපෙන දවස ඈතක නෑ
මුවහත වැඩි උන් තියාපු....
Time in Sri Lanka: