Tuesday, February 19, 2013

මානව හිමිකම්

ප්‍රභාකරන්ගේ පුතා මැරෙන්න විනාඩි කීපෙකට කලින් ගත්ත ෆොටෝ වගේකින්. පිටරට ඇත්තන්ගේ දරු දුක වාවගන්න බැරි තරමට ඉහල ගිහින් කියලා ආරංචියක් ආව. පොඩි එකෙක්ට වෙඩි තියලා මරන එක මොන තරම් අපරාධයක්ද මුන්ව එල්ලලාම මරන්න ඕන කොටි පැටියා උනත් ඌට මානව අයිතිවාසිකම් තියනවා නැද්ද ආයිබොං..

අනික ඒ අහිංසකයා මැරිලා ඉන්න හැටි දැක්කම පපුව පිච්චිල යනවනේ .. හා නැද්ද.

අනික කවදාවත් කොටි ඔය විදියට අහිංසක දරුවෝ මරලා දැම්මද.ගමකට ගැහුවත් හරි පරිස්සමට අවුරුදු 14න් පහල අය එකතු කරලා පන්සලකට යවලනෙ අනික් උන් ටික කීතු කීතු වලට කැපුවෙ හා නැද්ද.

බස් එකකට බොම්බ තිබ්බත් කලින් දවසේ මාධ්‍ය නිවෙදනයක් දුන්නා හෙට බස් වල බෝම්බ තියනවා ලමයි බස් වල යවන්න එපා කියලා. එහෙම කරපු ප්‍රභාගෙ පුතාටනේ මුන් මෙහෙම කලේ. දරු දුකට පපුව පැල්න්නෙ නැද්ද අප්පා..

කොටි එච්ච්ර පරිස්සමට ලමයි බේරලා යුද්ධ කලා ඇයි අපේ හමුදාවට එහෙම බැරි උනේ. බලන්න අද නෙට් එක සර්ච් කරපු ගමන් අපිට පෙන්නෙ හමුදාවෙන් බෝම්බ ගහලා වෙඩි තියලා මරපු ලමයිනේ. කවදාවත් නෙට් එක සර්ච් කරද්දි ආවද කොටි සංවිධානෙන් බෝම්බ ගහලා කපලා කොටලා මරපු පොඩි උන්ගේ පින්තූර. ඇයි අප්පා... මෙහෙම කලේ.
ඉතින් සුදු ඇත්තෝන්ගෙ අසල්වැසි රටේ ඇත්තොන්ගේ පපුව උනුවෙන් නැද්ද. එයාල කවදාවත් කාගෙවත් පැත්තක් අරන් නෑ

මීට කලින් කවදාවත් ඒ වගේ අමානුශික විදියට මරලා දාපු ලමයි ඒ අය දැකලා නැති නිසානෙ මේ තරම් පපු උනුවෙලා කෑ ගහන්නේ. මුන්ව මානව හිමිකම් වලට ගෙනියන්ඩම ඕන .

අපි හෙන නරක ජාතියක් ඔ‍යි.. කැතයි කැතයි... කැතම කැතයි.

Sunday, February 3, 2013

නිදහස.

                                  වෙනදා මෙන්ම හෙටද සුපුරුදු ලෙස හිරු පායා එද්දී ජාතියක් ලෙස අභිමානයෙන් අපිට අවදි විය හැක. හෙටින් ඇරබෙන දින සිට අසරණ වූ සිංහයන් කඩපිලේ. බස් රියේ. ත්‍රී වීලරයේ කඩුවද සියතින් දරාගෙන මරබියේ අහස දෙස බලාගෙන එල්ලී සිටිනු දැකිය හැකි වෙනු ඇත.  එහෙමමත් තැනක සතර පා බිම තබා ප්‍රතාපවත්ව තේජාන්විත වු සිංහයන් ජාතියේ අබිමානය පා කඩුව සියතින් දරා සිටිනු ඇත. නිදහස වෙනුවෙන් ලද නිවාඩුවේ උදෑසන වරුව රූපවාහිනිය ඉදිරියේ හිද ජාතික අභිමානය නැරබීම වෙනුවෙන් වෙන් කල හැක.  ජාතියේ නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන් දින හතරක් පහක් පුරා. අව් කාශ්ටකේ වේලෙමින් නිදහසේ අභිමානය වෙනුවෙන් සිය අවි අත දරනු ඇත. ඔවුන් එදිරිපිට වායුසමීකරනය කරන ලද විශේෂිත පීඨීකා වල එදා උන්ට එරෙහිව අවි එසවු සමහරක් ඔවුන් දෙස සිනාසෙමින් බලා සිටිනු ඇත. ජාතියේ අභිමානය වෙනුවෙන් උන් පසු කර යද්දී අභිමානයෙන් යුතුව හිස හරවා උන් හට ආචාරය පුද කිරීමට ජාතියේ විරුවන් හට  සිදු වෙනු ඇත. නිදහස වෙනුවෙන් වැසුනු කඩපිල් අද්දර බිම  එදා වේල වෙනුවෙන් කුලී කල උන් බඩගින්නේ වේලෙමින් ජාතියේ නිදහස අභිමානයෙන් යුතුව සමරනවා ඇත. හෙටින් නිදහස අවසන් වූ පසු  නැවතත් වර්ශයකට පසු ඔබටද මටද නිදහස උදාවෙනු ඇත. හෙටින් බොහෝ දවසකට පසුද  නිදහසින් පසු අමතක වූ   දුහුවිල්ලෙන් නෑවුනු  අසරණවූ  සිංහයන් කඩපිලේ. බස්‍ රියේ මහමගදී.. ඔබටද මටද හමුවනු ඇත.

ඔබටද මටද වචනයකට පමනක් සීමා නොවූ. අභිමානවත් නිදහස් දිනයක් වේවා

Time in Sri Lanka: