Sunday, July 27, 2014

දෙසීයට ආප්ප කමුද ?




මැලේශියාවෙ ප්ලේන් එක කඩන් වැටුනට ,පස්සෙ අලුත්ගම  ගිනි ගත්තට පස්සෙ ලංකාවෙ මිනිස්සුන්ට දරුනුවටම දැනුන අනිත් ප්‍රශ්නෙ තමා ජැකීගෙ රුපියල් දෙසි‍යෙ ආප්පෙ..

මට හිතාගන්න අමාරු ඔය සිද්ධිය ගැන අපේ සමහරක් කියන කතා මේකට අදාල වෙන්නෙ කොහොමද කියන එක ගැන..


ඔන්න මට ඇහුන කතා කීපයක්

" ඔවුන්ගෙ ලොකු කමටනෙ බං ඕවගෙන් කන්නෙ "

" කාගේ සල්ලිද ඉතිං ඔය හූරගෙන කන්නෙ... "

" කුඩු කාරයන්ට ගිය රටනේ... "

" මිනිස්සුන්ට එදා වේල කන්න නැතුව විදවනවා මුන්ගේ ආප්පයක් දෙසීයලු .."

" පිස්සුනේ බං .. රුපියල් දෙසීයක් දීලා ආප්ප කනවද.. "


 ඒ කියන්නෙ මේ කඩෙන් කන උන් හෙන දේශද්‍රෝහියොනෙ..


ලංකාවෙ බහුතරය්ක් හිතං ඉන්නෙ අතේ සල්ලි තියෙන්නෙ අත දිග ඇරලා වියදම් කරන්නෙ කුඩු කාරයෝ හා නීතීවිරෝධීව බිස්නස් කරන අය කියලා..  පාරේ ටිකක් වටින වාහනයක් ගියොත් . ටිකක් ලොකු ගෙදරක් හදලා තිබ්බොත්   ඕං ඔකනම් කුඩු බිස්නස් කාරයක්ගෙ වෙන්ඩ ඇති කියලා මිනිස්සු කියනවා මේ කන් දෙකට ඕන තරම් ඇහිලා තියනවා..


අද මන්දිර වගේ ගෙවල් තියන , නැව් වගේ වාහන තියන හැම මිනිහම ඉපදුනේ ඒවත් අම්මගෙ බඩින් අරගෙන නෙවේ නේ..  හන්දියේ ත්‍රීවිල් එකේ පටවගෙන ඇවිත් ඉස්පිරිතාලෙ  ගේට්ටුව ඉස්සරහ වදාපු උනුත් අද යාන වාහන ඇතුව  මන්දිර හදාගෙන හොදට කාල බීලා ඉන්නවා,  ඒ තමුන්ගෙ මහන්සියෙන් ඉගනගෙන , නැත්තං තමුන්ගේ මහන්සියෙන් බිස්නස් කරලා දුක් විදලා අද ඒ තැනට ඇවිත්.. එතකොට එහෙම එකෙක් අර කඩෙන් දෙසීයක් දීලා ආප්පයක් කාපු ගමන් ඌ දේශද්‍රෝහී කුඩුකාරයෙක්..


ලංකාවේ අති මහත් බහුතරයක් ජීවත් වෙන්නෙ සුරංගනා ලෝක වල .. උදේ 7 ඉදලා හවස පහ වෙනකම් මොනවාම හරි කරලා.. ඇවිත්  රෑ 7 ඉදලා  අම්මගෙ රෙද්දෙ ස්ටාර්  , උබලගෙ අම්මද අපේ අම්මද ලක්ශපති . තොපි බැලුවොත් අපිට සල්ලි , ගොන් දෙපැය  වගේ වැඩසටහන්  ටික බලලා පෙරවගෙන නිදාගන්න උන්ට ආප්පයක් දෙසීයක් වෙන එකට මේ තරම් හිත රිදෙන එක පුදුමයක් නෑ..


උන් අප්ප කන්නෙ උන්ගෙ සල්ලි වලින්නම් .. දිරවන්නෙ උන්ගේ බඩේ නම් කඩේ අයිති එකාටයි කන එකාටයි ප්‍රශ්නයක් නැත්තං .. බෞද්ධාලෝක මාවතේ හෝල්ට් එකකට වෙලා යන වාහන ව්අලට ගල් ගහලා වැඩක් නෑ නේ..

ඔතන ප්‍රශ්නෙ කඩේ ආපෙ දෙසීය වීමද එහෙමත් නැත්තං හිතේ කුහක කමද කියල ටිකක් කල්පනා කරලා බැලුවනම් උත්තරේ හම්බවෙයි

අන්තීමේදි කියන්න තියෙන්නෙ මෙච්ච්රයි... අද මට බැරි උනත් මම ආසයි අනාගතේ දවසකදි හරි දෙසි‍යක් දීලා ආප්ප කන්න ..  බයිසිකලේ අත ඇරලා ප්‍රාඩෝ මොන්ටේරෝ එකක යන්න.. එහෙම නැතුව  සයිවර් කඩේ ආප්ප කන ගමන් දෙසීයෙ ආප්ප කන උන්ට ඉරිසියා කරන්නවත් .. ප්‍රාඩෝ වල යන අයට ඕවටේක් කරලා ඇද කිය කිය බයිසිකලේ දිගටම යන්නවත් මගේ අදහසක් නෑ.. 

මොකද .. එහෙම අදහසක් නැති උනොත් මට ඉතිරිවෙන්නෙ     සටන් පාඨ විතරයි

" ඔබ දුප්පතෙක් ලෙස ඉපදීම ඔබේ වරදක් නෙවෙයි, නමුත් ඔබ දුප්පතෙක් ලෙස මියගියොත් එය ඔබේ වරදක්. "

එහෙම කිව්වෙ බිල්ගේට්ස්

ඊට පස්සෙ පොරට වඩා ලොකු පොරක් මෙහෙම කියලා තියනවා

" ඔබ අද සයිවර් කඩෙන් කෑම කන එක  ඔබේ වරදක් නෙවේ . නමුත් ඔබට ෆයිව්ස්ටාර් හෝටෙලෙකින් කන මට්ටමට යන්න බැරි උනොත් එය ඔබේ වරදක්. "




Wednesday, July 16, 2014

දෙවොන්දරා සං.....




හිරු රුදු වී නිමා කෙරෙන
තව දවසක හැන්දෑවක
නුවර වැවට උඩින් වැටෙන
හිරු රැලි මනරම්
මල් පාවඩ නැති පාරේ
අතැගිලි බැද ඇවිද යන්න
මාත් එක්ක නුඹ එනවද
දෙවොන්දරා සං..

වෛවාරණ අරුමෝසම්
මේ සුන්දර ලී කැටයම්
මේ ඔක්කොම නුබේ නමට
තෑගි කරන්නම්
නුඹ ආ මග අමතක කර 
හෙට දවසට ඇවිද යන්න
නුඹෙ ආදරේ මට දෙනවද
දෙවොන්දරා සං..

හින අහුරු පොදි බැදගෙන
නැලවෙන මල් වසන්තයක
ඇවිදින එක හීනයක්ම
වෙලා හිතට දැං
සැප බස් රිය කවුලු  දොරින්
නුඹෙ හිනාව බොඳවෙනකොට
ආයෙත් නුවරට එනවද
දෙවොන්දරා සං..



2014 | 07 | 16




පසු සටහන -   නුවරදි   සංචාරකයන්ට විසිතුරු දේවල් විකුනන තරුන ගෑනු ලමයෙක් හා සංචාරකයෙන් බොහොම සමීපව කතා බහ කරමින් ඉන්නවා දැකලා හිතට ආව සිතුවිල්ලක්
Time in Sri Lanka: