Thursday, February 13, 2014

ඌට උගේ නොවන උගේම ප්‍රජාවක් හිටියා..






පහු ගිය මාස ගානක් පුරවටම පේරාදෙනිය ගලහ හන්දිය පහු කරන් යනකොට  නිතර ඇහැ ගැටුන දෙයක් තිබ්බා..

ඒක.. ටකරං මඩුවක්  ..

කලු පාටින් සැරසිච්ච මඩුව අතරේ පැය හයේ ශිෆ්ට් වලට නංගිලා මල්ලිලා වගයක් සාමකාමී සත්‍යග්‍රහයක.  උදේට එතනින් යනකොට තිබ්බ මුනු දවල්ට නෑ.. අලුත් මූනු.. මොනා උනත් පාරවල් වහන් නටන නාඩගම් වලට වඩා අඩුම ගානේ තමන්ගේ විරෝදය අපිට වදයක් නොවෙන විදියට ඒ අය පෙන්නුවා..

ඒ ලග තිබ්බා බෝඩ් එකක් ඒකෙ තිබ්බා සත්‍යග්‍රහයට අදට දින කියලා වෙනස් වෙන පුවරුවක්. ඒකෙ දින ගාන 70කට ලං වෙනකං මම ඕක ලගින් එහෙ මෙහෙ ගියා මට මතකයි. පස්සෙ ඒකත් බලන එක අමතක වෙලා ගියා..

පහු ගිය දවසක මම හිටපු බස් එකකට නැග්ග ඒ මල්ලි කෙනෙක් මොන මොනවදෝ ගොඩාක් කියවලා අන්තිමට මේ ටික කිව්වා

" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "

මට ගලහ හන්දිය හරි සුපුරුදුයි... ජීවිතේ ගොඩක්  තදබද වෙලාවට  ඔය පාරේ මම බොහොම දුර ගිහින් හිතට නිවාඩු දීලා ඇති..

ඒ ගමන් වලදි වගේම සාමාන්‍ය ජීවිතේදි බොහෝ වෙලාවට ගලහ හන්දිය බොහොම කලබලයි.. කලු කොඩි, පෝස්ටර් , බැනර්, වලි , පොලිස් වාහන , ගලහ හන්දියට අරුම නෙවෙ... ඒ හැම වෙලාවකම උබලා ගලහ හන්දිය දෙදරවන සද්දෙන් කෑ ගහල කිව්වෙ බස් එකේ මලයා කතාව අවසන් කරපු වචන පේලියම තමා...

" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "

උබලා හැමදාම කොඩි වැල් පොස්ටර් අලවන මහ තල් ගස් ඒකට සාක්කි..


ඒත් මල්ලියේ මේ බොහොම ලග දවසක ඔය අට්ටාලෙට පේන දුරින්..

උබලගේ ප්‍රාජාවෙ එකෙක් එල්ලිලා මැරුනා..

මම බොහොම ආසාවෙන් හිටියා උබලා උගේ අයිතිය වෙනුවෙනුත් පාරට බහී කියලා..

ගලහ හන්දිය ඌ වෙනුවෙන් කලු පාටින් වැහිලා යයි කියලා..




එහෙම නොවුනම .. මම ආයෙම කල්පනා කලා..

" ඔය කියන ප්‍රජාවට ඌ අයිති නැතුව ඇති "

මම එහෙම හිතුවා..

කෝකටත් අර මල්ලිගෙ ප්‍රකාශෙට ඔය කොල්ලව ආදේශ කරලා බලමු..


" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "


කොල්ලා දුප්පත්.. තාත්තා මාලු විකුනලා කොල්ලව කැම්පස් එව්වෙ..

සමීකරනේ ගැලපෙනව නේද..


අපි ඉතිං ඉගනගත්තු උන්ද...


සමීකරනේ මොකක් හරි අවුලක් ඇති.. කැම්පස් එකෙක්ගෙන්ම තමා අහගන්ඩ ඕන. යාන්තමින් පේරා එකෙක්ම සෙට් කරන් උගේන් ඔය කතාව ඇහුවා

" ඌ කැම්පස් එකෙන් අයින් වෙලා හිටියෙ අයියේ "

මුලු ප්‍ර්ශ්නෙම අහලා ඌ දුන්න පලවෙනි උත්තරේ

" ඒ කිව්වෙ "

රැග් සීන් එකකට ඌ සාක්කී දුන්නා ..පස්සෙ එක එක කේස් ඌට වැටුනා  කොහොමත් ඒ කේස් වෙනකොටත් මූ රැග් නිසා කැම්පස් අත ඇරලා ඉදලා තියෙන්නෙ.


" එහෙනං බං නිදහස් අධ්යාපනේට ඕක ඇතුලෙන්මනේ කෙලවෙන්නෙ "

මං එහෙම ඇහුවම ඌ හිනා උනා..

" ඇයි යකෝ හිනා වෙන්නෙ.. පොඩ්ඩ ඇත්තං රෙද්ද උස්සන පාරට බහින උබලා ඕකටත් බැහැපංකෝ "

ඌ ආයෙම හිනා උනා..

" අයියට ඕවා මීටර් වෙන් නෑ අයියේ "

ඌ හිනා වෙලාම එහෙම කිව්වා..


ජීවිතේ අන්තම අඩියක ඉදලා කට්ට කාලා කැම්පස් ආව එකෙක්. රැග් කරලා ඒවට විරුද්ධ උනාම ජීවිතෙත් එපා කරවලා කැම්පස් එකෙන් එලවලා දාන එකටද බං නිදහස් අධ්යාපනයක් වෙනුවෙන් සටන් කරනවා කියලා කියන්නෙ.

" ඕවා ගැන කතා කරලා වැඩක් නෑ අයියේ.. අපි පස්සෙ සෙට් වෙමු.."



ඒ කතාව එතනින් ඉවර උනා...



ඒ කියන්නෙ ඌ උබලගේ ප්‍රජාවෙ නෙවෙ. ඌට නිදහස් අධ්යාපනය අයිති නෑ.. 



ආයෙම දවසක පාරක බස් එකකදි , ගිරිය කඩාගෙන. නිදහස් අධ්යාපනේ ශිෂ්‍ය ප්‍රජාව ගැන එහෙම මට කියලා දෙන්න මල්ලි කෙනෙක් ආවොත් මට උගෙන් අහන්න ප්‍ර්ශ්න ගොඩක් ඉතුරුයි..

පාරක් පාරක් ගානෙ බස් එකක් බස් එකක් ගානෙ අපිට උබලගේ ප්‍රජාව නිදහස් අධ්‍යාපනේ වටිනාකම කියලා දෙන්න මහන්සිවෙන වෙලාවෙන් විනාඩි ගානක් හරි අරගෙන උබලගෙ උන්ටම ඒ ටික මතක් කරල දියල්ලා


උබලා  එදා ඉදලා අද වෙනකම්   කොයි තරම් උබලා වෙනුවෙන් පෙනී හිටියා , කතා කරා , උද්ගෝෂන කලා කියලා කිව්වත් හොදට මතක තියාගනිල්ලා 

උබලා කවදාවත් උබලා වෙනුවෙන් කතා කරලත් නෑ... කරන්නෙත් නෑ..



Monday, February 10, 2014

ඇයි මල්ලි අවුලක්ද ?




හැමදාම එන පාරේ.. ගෙදර එන ගමන් හිටියේ..
කොහොමත් මම කලබල ටවුම මැදින් එන්න වැඩිය කැමැත්තක් නෑ. ඒ නිසා ටවුමට ඇතුලෙන් යන පාරෙන් බොහොම දුරක් ඒ වෙනකොට මම ඇවිත් තිබ්බෙ. පිටිපස්සෙන් ආව වෑන් එක එලවපු එකා හෝන් ඒක උඩ නැගගෙන පාරේ ඉඩ ඉල්ලපු නිසා මම ඌට ඉඩ දුන්නා, ඒ එක්කම පැයට කිලෝමීටර් හිතාගන්න බැරි ගානකින් ඕවටේක් කරපු ඩිලිවරි වැන් එක තව මීටර් 10ක් ඉස්සර වෙන්කොටම පාර අයිනේ උගේ පාඩුවෙ හිටපු බල්ලෙක් දඩාස් ගාල හැප්පුවා. වේගෙ කිසිම අඩුවක් නොකරපු වෑන් එක. ඊලග තප්පරේදි නොපෙනී ගියා. ( සැලකිය යුතුයි සමහර බල්ලෝ ඉන්නවා මාර්ග නීති තුට්ටුවකට මායිම නොකර පාර මැද බුදියං ඉන්න උන් මූ එකෙම එකෙක් නෙවෙයි පාරෙනුත් සෑහෙන්න ඇතින් හිටියත් වෑන් එකෙ ඕවටේක් ස්පීඩ් එකට වාහනේ කොන්ට්‍රෝල් නැති උනා)

වාහනේ වැදුන බල්ලා පාර අයිනේ වැටිලා මහා හයියෙන් විලාප තියනවා. තව වාහනේකට යට වෙයි කියලා ඌව අයින් කරන්නත් බය. මරු විකල්ලෙන් හපයිද කියන සැකේ හින්දා. මම බයිසිකලෙන් බහිනකොටම මාව පහු කරපු නවීන පන්නේ ජීප් එකක් ඉස්සරහින් නැවැත්තුවා. තප්පර ගානක් ඇතුලත ඒකෙන් බැහැලා ආවේ වයස 60ක 65ක විතර මහත්තයෙක්.

" අප්පා අහිංසකයව හප්පලා නේද ? "

ලගට එන ගමන් ඔහු ඒ විදියට ඇහුවා..

ඊලග තප්පරේදි ඔහු ආයෙම මෙහෙම කිව්වා

" බේරගන්න පුලුවන් වෙයි.. පුතා අල්ලමුද වාහනේට.. "

වෙන්න යන දේ ..හිතාගන්න අමාරු උනත් .. මම හා කියලා ලං උනා ..

"බලාගෙන හපයිද දන් නෑ,,, "

මම කිව්වෙ කෝකටත් පරිස්සමට

"බය වෙන්න එපා පුතා ඌ දන්නවා ඌට හොදක් කරන්න කියලා "

වාහනේට බල්ලා දා ගත්ත මහත්ත්යා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වාහනේ හරවලා ආපහු නුවර පැත්තට පිම්මේ ඇදුනා..

වාහනේ ගියාට පස්සෙත් මම බොහොම වෙලාවක් ඒ පැත්ත දිහා බලාගෙන වෙච්ච දේ මුල ඉදලා කල්පනා කලා..

ඒ එක්කම ලග නවත්තපු ත්‍රි වීල් අයියා කෙනෙක් මං දිහා බලලා මෙහෙම ඇහුවා

" ඇයි මල්ලි අවුලක්ද ? "

ඇත්තටම කාලෙ හැටියටනම් මේක මහා අවුලක්..


Time in Sri Lanka: