Thursday, May 22, 2014

කිසිදා මහලු නොවන හඩින් හන්තාන සිහිනය දකින්නට




බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ


වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ



වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

...........


හඬ - පන්ඩිත් අමරදේවයන් සමග උමාරියා සිංහවංශ
පද රචනය - ජානක සිරිවර්ධන
තනුව - අරුණ ගුනවර්ධන


දන්සැල් සහ හිඟන කතාවක්

       


 


                                ඒ වෙනකොට වෙලාව හවස හයට විතර.. දවස කිව්වොත් වෙසක් දවසට කලින් දවස . ටික දවසකට පස්සෙ රෝන්දෙ ගහන්නම හිතාගෙන කොළබ ගියා. කොහෙමෙන් කොහොම හරි කොලඹ වටේ තිබ්බ වැඩ වගයක් ඉවරකරගෙන වෙන්ට පවුලත් පිටිපස්සෙ තියාගෙන බයිසිකලේ බොරැල්ලෙ BOC එක ඇතුලට දැම්මෙ සල්ලි ටිකක් ගන්න හිතාගෙන. ATM එකේ පෝලිම වන්දනා කරලා මම ආයෙම  බයිසිකලේ පැත්තට ඇවිදගෙන එනකොට තරමක වයස්ගත පුද්ගලයෙක් ඒ පැත්තට ඇවිදගෙන එනවා මම දැක්ක. ඒ වෙලාවෙ එක පාරටම මට හිතුනා මේ නම් දෙශීය ආදායම් බදු එකෙන් තමා කියලා. සාමාන්යෙන් අතක් පයක් කැඩුනු , හොදටම වයස කෙනෙක්ට ලෙඩෙක්ට ඇරෙන්න ජොබ් එකට හිගා කනවා කියලා හිතන අයට මම සල්ලි දෙන්නෙ නෑ. කොහොමත් ඒ ආව කෙනා ඔය කිව්ව එක මුලික සුදුසුකමක්වත් සපුරලා තිබ්බෙත් නෑ. කොහෙමෙන් හරි අමුත්තා කටහඩ අවදි කලා

" අනේ මහත්තයෝ කීයක් හරි "

එ ප්‍රකාශෙ ඉවරවෙන්නත් කලින්ම මම හැරෙන තෑපෑලෙන් මෙහෙම කිව්වා

" නෑ.. නෑ.. දැන් නම් බෑ.. "

ඊට පස්සෙ ඒ පුද්ගලයා කියපු දේ ටිකක් අමුතු ඉල්ලීමක් උනා..

" අනේ මහත්තය අද හිරෙන් නිදහස් උනේ හෙට ගමට යනවා සල්ලි එපා කඩේකට ගිහින් කන්න පාන් බාගයයි පරිප්පුයි අරන් දෙන්න . මහත්තයා ඉස්සරහම කන්නම් "

මොන මිනුම් දඩු තිබ්බත් බඩගින්නට ඒවා පරාද නිසා මම පර්ස් එක දිහා බැලුවා..

ඇත්තටම ඒ වෙලාවෙ මාරු සල්ලි නොතිබුන නිසා පර්ස් එකේ තිබ්බ 100 කොලයක් මම මනුස්සයට දීලා බයිසිකලේට ගොඩ උනා. ඒ අතරේ ඒ මනුස්සයා ඉක්මන් ගමනින් රිජ්වේ එක පැත්තට ඇදෙනවා මම දැක්කා.

" හොරෙක්ද දන් නෑ "

වෙන්ට පවුල පිටිපස්සෙ ඉදන් කෙදිරුවා..

" කමක් නෑ අපි දුන්නෙ කන්ඩ කියලනෙ "

මමත් හිත හදාගෙන බයිසිකලේ ඇද්දුවා..  බයිසික්ලේ බැංකුවෙන් එලියට දාලා රිජ්වෙ එක පැත්තට ඇදෙනකොට අර මනුස්සයා ඉස්සරහින් යනවා .

වෙසක් පෝයට දවසක් කලින් තියලත් මට කුප්ප අදහසක් ආවා.

" බලමුද අර පොර යන්නෙ කොහෙටද කියලා "

මම එහෙම අහද්දි මගේ කුප්ප ක්‍රියා වලට හැමදාම අනුබල දෙන වෙන්ට පවුල එක හඩින්ම ඒක අනුමත කලා.

බයිසිකලෙ බොහොම හෙමින්  ඉස්සරහට ඇදුනා ඒ එක්කම ඔහු රිජෙවෙ එකට කලින් ඇතුලට තියන පාර පැත්තට හැරුනා.. මමත් රිජ්වෙ එකෙ තාප්පෙ ලග බය්ක් එක නතර කරගත්තා. 

ඊට පස්සෙ විනාඩියෙදි ... ඒ පුද්ගලයා එතන තිබුනු හෝටලයක් ඇතුලට ගිහිල්ලා ඉදගන්නවා අපි දෙන්නම බලාගෙන

" අනේ පවු.. ඇත්තටම බඩගින්නෙ ඉන්ඩ ඇති "

වෙන්ඩ පවුල පිටිපස්සෙ ඉදලා  එහෙම කෙදිරුවා..

" පව් නේද ඕකෙන් කන්ඩ ඇති වෙයිද මන්දා.. "

මමත් ඒකට උත්තර බැන්දා...

" නෑ කයි කයි තව කීයක් හරි ඇති නේ.. අනික හෙට දන්සැල් නේ ඔය මනුස්සයා හොදට කාල ගෙදර යයි. "

වෙන්ට පවුල එහෙම කිව්වම මමත් එක අනුමත කලා .. ඔව් හෙට දන්සැල් නිසා බඩ පිරෙන්න කයි.

අපි එහෙම හිතලා පිටත් උනා.. මොකද  ඊලග දවසෙ අපෙ පෑලෑනැත් උනේ දන්සැල් වදින එක.

ඉතිං පහුවෙනිදා පාන්දරම යාලු මිත්‍රයෝ දෙනෙකුත් එක්ක අපිත් පාරට බැස්සා වෙසක් බලන්න වගෙම දන්සැල් වදින්න. සාර්තක දැන්සැල් කීපෙකට පස්සෙ අපි ගොඩ වැදුනා බත් දන්සැලකට. ඔන්න අපි පෝලිමේ  බත් එක අරගන්න.   දන්සැලේ බත් බෙදන්න හිටියෙ ගැහැනු කීප දෙනෙක්  පෝලිමෙ උන්න කුඩා දරුවෙක්  තමුන්ගෙ බත් එක අතට දුන්නම ඒ ගෑනු කෙනෙක්ගෙන් පොඩි ඉල්ලීමක් කලා .. 

" අනේ මට තව පපඩමක් දෙනවද "

එතකොටම දන්සැලේ බත් බෙදපු අක්කා  එකට අපූරු උත්තරයක් දුන්නා

" බෑ බෑ.. එකයි දෙන්නෙ "

අක්කා ඒ ප්‍රකාශෙ නිකුත් කලේ . පොඩි එකා ලෝක බැංකුවෙන් මිලියන 100ක විතර නයක් ඉල්ලුව ගානට


 බත් බෙදපු අක්කට ඒ ප්‍රකාශෙ අවුලක් නොවුනත් එතන හිටපු බත් කන කිහිප දෙනෙක්ටම ඒක අවුලක් උනා..

අන්න එහෙමයි අපේ දන්සැල්..
 
ආයෙම එන ගමන් මට මතක් උනේ කලින් දවසේ අමුත්තා.. වෙන්ට පවුල ලග හිටිය නිසා මම දෙපාරක් නොහිතාම හිතට ආව දේ අහල දැම්මා


" නංගී අර මනුස්සය  අද බඩ පිරෙන්න කන්න ඇති නේද "






Time in Sri Lanka: