Thursday, August 28, 2014

ආයෙමත් වාරියපොලට



                                         මට මතක හැටියට ඒ 2008  අවුරුද්ද ඒ වෙනකොට මම වැඩකලේ  කෑගල්ලේ.  මම වැඩකරපු පරිගනක මෘදුකාංග සමාගමෙන් කෑගල්ලේ ආයතන 4ක තිබ්බ මෘදුකාංග නඩත්තුව තමා මට පැවරිලා තිබ්බෙ. සංසාරේ එපා වෙන බස් ගමනකින් පස්සෙ පැය ගානක් කෑගල්ලෙ හතර පොලකට ඇවිදලා ආයෙම සංසාරේ එපා වෙන බස් සංචාරෙකින් ගෙදර එන එකෙන් තමා ඒ දවස් වල මගේ සාමාන්‍ය දින චරියාව ඉවර උනේ.   කෑගල්ල කියන්නෙ පුදුම තදබදයක් තියන ටවුමක්.. හවස 5.30 ට නුවරට එන්න බස් එකකට නැග ගන්න  ආමි එක නන්දිකඩාල් වලට එන්න කාපු කට්ටට වඩා ලොකු කට්ටක් කා ගන්න ඕන.. අනික ඉක්මනට නුවරට එන්න නම් දුර ඉදලා එන බස් එකකට නැග ගන්න ඕන  නැත්තං අඩුම පැය 2ක් වත් මග තමා. ඉතිං ඔය කාලෙ මම එල්ලෙන්නෙම බිබිල - කොළබ බස් එකක..

                     ඉතිං ඔය විදියට එක දවසක මම බොහොම අමාරුවෙන් අත පය සේරම එකතුකරගෙන බිබිල බස් එකකට නැගගත්තා.. ඒ එක්කම උපකාරක පන්ති වලට ගිය පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ලමයි කීපදෙනෙකුත් බස් එකට නැගගත්තා.. කට කපලා සෙනග පිරුනු බස් එක  දැන් හැටට හැටේ නුවර බලා එන ගමන්.. ඔය අතරේ මට එහා පැත්තෙන් පොඩි කසුකුසුවක්  අර පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ලමයෙක්ට අවුරුදු 28 ක විතර  කොල්ලෙක් මොන මොනවදෝ කියනවා.. මම මුලින් හිතුවේ මේ කෙල්ලගෙ කොල්ලා වෙන්න ඇති කියලා. ඒත් අර ලමයා සෑහෙන්න අපහසුවෙන් වගේ හැසිරෙනකොට තමා මමත් මේ මොකක්ද වෙන්නෙ කියලා ටිකක් උනන්දුවෙන් බැලුවේ..

අර කෙල්ලගේ උරහිස ලගින් බෙල්ල ඔබාගෙන අර කොල්ලා අර ලමයට එක එක දේ කියනවා..


" කොහෙද ගෙවල්  මාවනැල්ලෙද ? "

" අපෝ  ඔච්ච්ර බයද "

" අපි යක්කු නෙවෙ හලෝ "

" ඕවා පරිස්සම් කරන්නේ කාට දෙන්නද "


"ඉස්සරහින් බහිමු  රෑ වෙන්න කලින් ගෙදරට ගිහින් දාන්නම් "

ඔය අනිතිම කතාවක් එක්ක අර ලමයට හයියෙන් ඉකි ගැහුනා... 

ඔය වෙලාවෙ ඔය කතාව අහුනෙ මට විතරක් නෙවෙ ඔය ලමයාට සිද්ද උන දේ දැක්කේ මම විතරක් නෙවෙ. හැබැයි මාත් ඇතුලු බස් එකේ හිටපු කිසි එකෙක් ඕක ඇහුනෙත් න දැක්කෙත් නෑ ගානට හිටියා.. අපිට මොකටද නේ අනුන්ගේ දේවල්

අර වාරියපොල කෙල්ල වගේ අරුගේ හොම්බට දෙකක් ඇන්නා නම් ටක් ගාල ෆෝන් එක අරගෙන ඕක වීඩියෝ කරලා නෙට් එකට දාල  " කොල්ලා කිව්වෙ හවසට පන්සල් යමු කියලා " ඒ තරම් පුංචි දේකට මේ කෙල්ල  අරූට කනට ගැහුවනේ කියල පට්ට සමාජ කතිකාවක් බිහිකරන්න තිබ්බ චාන්ස් එක ඒ මොඩ කෙල්ල නැති කලා.

හෝව් .. හෝව් කතාව ඉවර උනේ නෑ...

ඉතිං .. අර ලමයා ඇස් වල කදුලු පුරවගෙන  ඇබරෙනව ඉවරෙකුත් නෑ අරූ වද දෙනවා ඉවරෙකුත් නෑ..  මම හිටියේ බස් එකේ සීට් දෙකක් අල්ලගෙන බස් එකේ දකුනු කෙලවරේ ඒ ලමයා මට එහාපැත්තේ බලන් ඉදලා බැරිම තැන මම ඔලුවෙන් ඒ ලමයට කිව්වා මම  ඉන්න තැනට එන්න කියලා.. ඒ ලමයා මම ඔලුවෙන්  මෙහෙට වර කියනකොටම මම ඉන්න පැත්තට එන්න හදනකොටම අරූ.. මමත් ඒ ගෑනු ලමයත් මැදට උනා.. ඊට පස්සෙ ඌ මං දිහා බලලා මෙහෙම කිව්වා..

" මේ මල්ලි අනුන්ගේ සීනි කිරන් නැතුව ඉන්නවද "

ඒ වචන ටික ඉවරවෙනකොටම මම අල්ලගෙන හිටපු සීට් එක ලගින් ලොකු ට්‍රෙවලින් බෑග් එකක් උඩට විසිවෙනවා මම දැක්කා.. ඒ එක්කම මගේ මුලු සරීරෙම සයිස් තරම් ලොකු  අතක් අරූගේ මූන පුරා යනවා මම දැක්කා.  මේ මොකක්ද යකෝ උනේ කියලා හිතාගන්නත් මට සෑහෙන වෙලාවක් ගියා. මම අල්ලගෙන හිටපු සීට් එකේ වාඩිවෙල හිටිය කොල්ලා සීන් එක දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉදලා තියන වගත් අන්තිම වෙලාවෙ ප්‍රාහාරේ එල්ල කලේ ඌ කියලත් මම තේරුම් ගන්නකොට අරුගේ කටේ දත් දෙක තුනක් බස් එකේ.  ඇහුන විදියට ගහපු කොල්ලා ආමි එකේ නිවාඩු යන එකෙක්..

කොහොම හරි  වලිය නිසා බස් එක අයින් කරලා නැවැත්තුවා, අරූ මාස ගානකට කටින් බත් කන්ඩ බැරිවෙන තරමට ගුටි කාල හිටියේ ඒ වෙනකොට..  අද වගේම එදත් බස් එකේ මහත්තුරු  නෝනලා ඔක්කොම සිද්ධිය හොරෙන් බලන් ඉදලා .  හෙලා දැකීම් ,  සෝක ප්‍රකාශ , අවවාද කිරීම. මල් වඩම් දෙන්න පටන් ගත්තා..  අන්තිමට කොන්දොස්තරත් ඇවිත් අරූගෙ කනට දෙකක් ගහලා බස් එකෙන් එලියට දැම්මා.. "මූ මීට කලිනුත් බස් වල කෙල්ලෝ චාටර් කරවල කන්න ගියා මල්ලි " කියලා තමා කොන්දොස්තර ඌට චරිත සහතිකේ දුන්නේ..

ඔය කෙල්ලොන්ට පාරෙ වෙන දේවල් වලින්  මම දැක්ක එක දෙයක් විතරයි..

අර වාරියපොල කෙල්ලව ඉන්ටනෙට් එකේ පතුරු අරින අයියලගේ ප්‍රසිද්ධ තේමා පාඨය තමා.

කොල්ලා කිව්වෙ  " ඔයාගෙ ඇදුමේ හැමතැනම හිල් " කියලා විතරයි ඒකට විනාඩි 45ක් ගහන්න ඕනද කියලා.

ශුවර් එකටම ඌ ඕක ඔය විදියටම අහන්න ඇති නේද.. මම හිතන්නෙ ඌ ඕක අහලා කෙල්ලට ටේලර් ශොප් එකක නම්බර් එකත් දෙන්න ඇති ඇදුම මහගන්න .  ඌ බස් ඉස්ටෑන්ඩ් එකේ ටොයිලට් එක ලගට වෙලා කෙල්ලන්ගේ හැදියාව චෙක් කරලා සුමගට එන්න උපදෙස් දෙනවා ඇති නේද,.

තම්න්ගේ අම්මා.. තමන්ගේ නංගී .. තමන්ගේ ගෑනි  පාරක ඉන්න වෙලාවක ඔය විදිය එකෙක් ඇවිත් කොහෙ හරි යන්ද හවසට ගෙදරට ගෙනත් දාන්නම් කිවොත්..

තොපි ගෑනිවත් එක්කරගෙන   ලඟම තියන පොලිස් ස්ථානෙට යනවද..

ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් ඒ පුද්ගලයට තියනවා මානව අයිතිවාසිකමක් . තමුන්ට ඕන විදියට ජීවත් වෙන්න. පැය 24ම ඉන්ටනෙට් එකේ  වැල බලන උන් තමා අද කාන්තා අයිතිවාසිකම් වල මට්ටම තීරනය කරන්නෙ..

මීට කලින් මම මේ ගැන කිව්වම එකෙක් කියලා තිබ්බා මම ගෑනුන්ට කඩේ යනවා කියලා..

ඔව් යකෝ .. මොකද

මගේ අම්මා ගෑනියෙක්..

ඒ වගෙම මට ගෑනියෙක් ඉන්නවා..


මගේ අම්මට මගේ ගෑනිට කුඩ්ඩෙක් මොනවහරි කිව්වොත් දැනෙනෙ දේයි  වෙන ගෑනියෙකුට කුඩ්ඩෙක් කරදර කලාම දැනෙන දේයි  වෙනස් වෙන්න ඕනද..

එතකොට ගෑනි කියන කුලකෙට තමන්ගේ අම්මා , නංගී , ගෑනි අයිති වෙන්නෙ එක එක මට්ටම් වලින්ද..

ඉන්ටනෙට් එකේ පැය 24ම වල් පත්තර බල බල , ෆේක් බුකි හදාගෙන කෙල්ලන්ට මැසේජ් යව යව ඉන්න නපුංසකයංගේ මහා විරෝධතා වි‍යාපාරේ දැන් නැගලා යනවනෙ.  කෙල්ලව පොලිසි ගෙනත් පුරුශ අබිමානේ රැකගත්තනෙ.

තූ නොදකිං.. අම්මගෙ රෙද්දෙ පිරිමිකම

යකෝ ගෑනියෙක් කියන්නෙ වලලු කරේ ඉදලා බෙල්ලට යනකම් කෑලි වල දිග පලල බලලා ආතල් ගන්ඩ හදපු යන්තරයක් නෙවෙ.

ගෑනුන්ට විහිලුවක් කරන එක  මහලොකු දෙයක් නෙවෙ කියලා එකෙක් බුකියෙ ලියලා තිබ්බා උගේ බහුශැත දැනුමට අනුව ඒක ජීවවිද්‍යාත්මකව හා සමාජයේ සාමාන්‍ය දෙයක්ලූ.. එවා විදගන්න බැරිනම් එක ලෙඩක් ලු..

පුලුවන් නම් ඌ හොයාගෙන පොඩි වැඩක් කරලා බලනවද ..

වැඩිය එපා සතියක් යනකම් උදේ හවස ඌ දකිනකොට උගේ අහවල් එක  කොටද දිගද කියලා අහපල්ලකෝ..  එතකොට ඌටම තේරෙයි  ගෑනියෙක් පාරක යද්දි දවස පුරා මොනතරම් මානසික වදයක් විදිනවද කියලා..

අර කෙල්ල එදා ඌට පැයක් ගැහුවා.. කියලනෙ නෙට් පුරුශයෝ කෑ ගහන්නෙ

ඒ කෙල්ලගේ ජීවිතේ අවුරුදු කීයක් ඒකි  මූ වගෙ කුඩ්ඩන්ගෙන් කතා අහගෙන පාඩුවෙ ඉන්න ඇද්ද..

වැරද්ද තිබ්බෙ අන්න එතන.. ඒක හොදට මතක තියගනිල්ලා. කවුරුත් ඒක කතා කරන් නෑ.


බුකියෙ මාහා ලොකු පිටුවක දැක්ක කමෙන්ට් එකකින් කතාව ඉවරකරන්නම්..

මහා පුරුශයෙක් කියලා තිබ්බා මෙහෙම..

"ලංකාවෙ ඉන්නෙ මහ පඩත්තල ගෑනු බං .. ඕකුං බොරුවට පත්තිනි අම්මලා වෙන්න හදන්නෙ.  වෙන රටක නම් ඕවා නෝමල් සීන් බං  "

මල්ලි හොදට මතක තියාංගං උබ ඔය කියන විදිය ලංකාවෙ ඉන්නෙ මහ පඩත්තල ගෑනු නම්  ඒ ගොඩේ තොගේ අම්මත් ඉන්නවා කියලා.







Tuesday, August 19, 2014

වාරියපොලින් බොදවූ පුරුෂ අභිමානය





අර වාරියපොල කෙල්ලෙක් කොල්ලෙක්ට ගහපු සීන් එක ශ්‍රී ලාංකීය පුරුෂ අභිමානෙට ගහපු හෙන කනේ පාරක් කියලා මහා ලොකු සීන් එකක් අන්තර්ජංජාලෙ පුරා යනවනෙ.

එතකොට බං පුරුෂ අභිමානේ කියන්නෙ ගෑනුන්ගේ පස්සවල් දිහා බල බල කොචොක් කරන එකටද ?.

මං දැක්කා එක තැනක කියලා තියනවා එක පුරුෂ මල්ලි කෙනෙක්. ඔහොම විහිලුවක් කලා කියලා ගහන්ඩ ඕනද ඔව්වා ලංකාවෙ නෙවෙන දේවල්ද අහලා ඒ වගේම කෙල්ල ඇදන් ගිය ඩෙනිම හිර වීමත් අත් පලපු ටීශර්ට් එකත් හෙනට විවේචනය කරලා තිබ්බා.

ඒත් මට පොඩි ප්‍ර්ශ්නයක් තියනවා.. 

මහ පාරවල් වල පුක පල්ලෙ කලිසම ඇදගත්ත කුඩු කට් ගහගත්ත පුරුෂ මල්ලිලා  ඕන තරම් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ට

" ආ.. අයියා පල්ලෙන් හුලං වදිනවද කියලා " අහනවා..

පට්ටම විහිලු කාරනේ තමා මුස්ලිම් ගෑනුන්ගේ හිජාබ් එකට නහින්න හදන උන් කෙල්ලගෙ අත් පලපු ට්ශර්ට් එකට  ගේම ඉල්ලනවා..

යකෝ තමන්ගේ ඇග වහගන්නෙ මොකෙන්ද කියලා තීරනය කරන්නෙ වත්ත වටේ ඉන්න උන්ද නැත්තං ඒ ඇග අයිති එකාද. 

එක හාල්පාරුවෙක් තැනක ලියලා "මේකි පට්ට බඩුවක්නම් ඔහොම ඇන්දත් කමක් නෑ කියලා.. " එතකොට පට්ට කල්ලකට විතරද හිරට ඩෙනිමක් අදින්න පුලුවන්.

බුකියේ උත්තම තර්ක වලට අනුව..

සමාව ඉල්ලනකොට පහරදීම..
වටේ උන්ගේ පවර් එකට පහර දීම .
කෙල්ලගෙ කලු කැත රූපය
වගේ දාහක් දේවල් ගැන කතා කරනවා..

ඒත් ඒ කෙල්ල දවස් කීයක් ඔය වගේ කතා ඇහුවද කියලා අහන්න එකෙක් නෑ මිනිස්සුන්ට ඉවසීමෙ සීමාවක් තියනවා.. ඒ කෙල්ල හැමදාම ඕක අහල අහලා බැරිම තැන ඕක කලාද කියලා මුං අහනවද ?

මෙතන පිංපියෝ වගේ කෙල්ලට බැනලා ටෝක් දෙන උන්ගේ

අම්මා කෙනෙක්ට හරි නංගිට හරි ගෑනිට හරි පාරෙ ඉන්න කුඩ්ඩෙක්  "පට්ට බඩුව" කිව්වොත්

ඔය තැන් තැන්වල පුරුෂ කොමෙන්ට් කොටන හල්පාරුවො උන්ට පිරිත් නූල් බදී මං හිතන්නෙ

බුකියෙ හැම තැනම කෙල්ලට බැන බැන ගෑනු සංහතියට පොර ටෝක් දෙන උන්ට අමතක ඇති උන් උපන්නෙත් ගෑනියෙක්ගෙ බඩින් කියලා

 නොදකිං එහෙව් පොන්නයන්ගේ පුරුෂ අභිමානේ
Time in Sri Lanka: