Monday, September 23, 2013

චන්දේ...

චන්දේ... එකදාස් ගනන්වලින් අවුරුදු ගනන් කරන කාලේ මම මීට වඩා බරපතලෙටම දේශපාලනේ කලා. චන්දෙ ඔන්න මෙන්න කියලා ගෙදරට එන පාට පාට මාමලගෙන් වැඩිම කැලෙන්ඩර් කාඩ්. පෝස්ටර් එකතු කරන සීතල යුද්දයක් මමයි මල්ලි අතරෙයි දරුනුවටම තිබ්බා ගොඩාක් වෙලාවට ඒවා කෙලවර උනේ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලින්. කැෆේ සංවිධාන වගේ සංවිධාන නොවුනත් අපේ අම්මගෙ හරි තාත්තගෙ හරි සංවිධානයක් මැදිහත් වෙලා ඒවා නීරික්ෂනය කරලා ඒ වෙලාවෙම බරපතල දඩුවමුත් ලබා දුන්නා.ඊට පස්සෙ වැදගත්ම දවස උනේ චන්ද දවස . උදේ පාන්දරින් ගිහින් චන්දෙ දාල එන අම්මගෙයි තාත්තගෙයි පුන්චි ඇගිල්ල දිහා බලාගෙන අපී අපේ...

Sunday, September 1, 2013

සමාජවාදය මගේ බාසාවෙන්

                       පහු ගිය දවස් ටිකේ බ්ලොග් ලියලා නොසෑහෙන්ඩ බැනුම් අහගත්ත එකේ අදත් නිවාඩු පාඩුවෙ මොනවා හරි අහගන්න හිතුනා.එහෙම හිතුනේ පහුගිය දාක ලියපු ලිපියකට දාල තිබ්බ කොමෙන්ටුවක් දැක්කම. ඔන්න එහෙනම් ඒක බලාගන්ඩකෝ. Anonymous - මිත්‍රයා ඔබ විසින් මේ ලිපිය ලියන්න ඇත්තේ සමහර විට ජනතා විමුක්ති පෙරමුන ගැන ඔබේ හිතේ ඇති ආකල්ප පදනම් කරගෙන වෙන්න පුලුවන්. ඒත් අමතක නොකල යුතුයි විශ්වවිද්‍යාල ප්‍රජාවට යම් කාරන දිනා ගැනීමට ඉතිහාසය තුලදී...
Time in Sri Lanka: 09:02:14AM
Tuesday 01/04/25