Thursday, March 21, 2013

කාලය මැව් වෙනසක අරුමේ

                            



 

 


                                      කැඩපතක හෝ රූපයක මගේ රුව දකිද්දී ජිව්තයේ ගතවී ගිය කාලය පිලිබදව යම් ඉඟියකට එන්නට තරම් මා දැන් වයසට ගොස් ඇති බව මගෙ හිත මට කොදුරයි. ඒ ගත වී ගිය කාලයෙන් මම  මහත් සේ ඇලුම් කරන්නේ මගේ කුඩා කාලයටය. බරක් පතලක් නැති උදේ රෑ ගැන වගක් නැති එහෙව් කාලයක් මගේ ලෝකයටත් හිමිව තිබුනි. අපේ පුංචි කාලයට වඩා දැන් පුංචි උන් ජේත්තු කාරය. ඒ අපේ හිතවතෙක් ලගකදී කී කතාවකි. එය සැබෑවකි අපි එදා නොදුටු දේ නොපැතූ දේ අද පොඩි උන්ගේ ලෝක වල සරල අවශ්‍යතාවයන් වී හමාරය. තිබිරිගෙයින් එලියට වන් විනාඩියේදිම බිලින්දාගේ ජීවිතය සැලසුම් කර අවසන් යුගයකට අපි දැන් පැමින ඇත්තෙමු. උප්පැන්න සහතිකයේ දැනට සටහන් නොවන්නේ පුංචි එකාගේ අනාගත රැකියාව පමනි. ලෝකය ඒ තරම්ම දියුනුය.  පුංචි උන් ජේත්තුකාරයන් කරන්නට වෙරදරන  උන්ගේ  මහන්සියෙන්.. ජේත්තුකාරකමේ ලෝගුවෙන් වැහෙන උන්ගේ හිත් ගැන ලෝකයට ගැටලුවක් නැත. සමාජයට අවශ්‍ය වන්නේ ලෝකය දුවන වේගයට දුවන උන්ගේ විසිල් වලට බල්ටි ගසන ජේත්තුකාරයන් මිසක. අනෙකාගේ දුක සැප දකින සතාගේ සීපාවාගේ බඩගින්න දැනෙන හිත හරහා ඇසට කදුලු නැගෙන මිනිසෙකු බිහි කිරිම නොවේ. උන්ගේ තර්කයට අනුව ජීවත් වීම නම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරිම , සමාජයේ වැදගතෙක් ධනවතෙක් වීමත් ඇරෙන්නට ජිවිතය නම් කුලකයේ සැපිරිය යුතු වෙනත් කිසිවක් නැත.

                                    මේ කතාව ලියා දමා හිත හදාගැනීමේ උවමනාව මා හට ඇති කරන්නෙ මීට දින කිහිපයකට පෙර  රාජාකාරී කටයුත්තකට ගිය විටකදි දකින්නට ලැබුනු දෙයකුත් මගේ හිතවතකු මා මීට පෙර මා සමග කී දෙයකුත් ජාඩියට මුඩිය මෙන් ගැලපී හිතේ ඇදුන නිසාවෙනි. කතාවේ හිතවතා සරල මිනිසෙකි ජීවිතයේ බොහෝ ඇසු පිරූ තැන් ඇත්තෙකි එනමදු කිසි විටක කිසිවෙකු හෝ තර්ක විතර්ක නොකරන්නෙකි. දිනක් පොඩි උන් සම්බන්ධ කතාවකදී ඔහු මට පැවසුවේ මෙබන්දකි 

           " මේ වෙන දේවල් වලට පොඩි උන්ට කරන්න දෙයක් නෑ උන් දකින දේ කරනවා ඇහෙන දේ කියනවා ඒක උන් ඉගනගන්න හැටි උන් විතරක් නෙවෙ මේ මුලු ලෝකෙම හැම සතෙක්ම කරන්නෙත් ඒ ටික , අපි දැන ගන්න ඕන උන්ට දකින්න අහන්න සලස්වන්නේ මොනවද කියන එක " 

                       එදා ඒ කතාව අවසන් වූයේ ඔහුගේ ඒ කතාවත් සමගය. කතාවේ ඊලග කොටස පටන් ගන්නේ ඒ කතාවෙන් ටික දවසකට පසු මා රාජකාරී කටයුත්තක් සදහා සේවාදායකකු හමුවීමට ඔහුගේ නිවසට ගිය වේලාවකය. මා එම නිවෙසට යන විට ඈත තියාම දුටුවේ. ආලින්දය පුරා පුටු කොට්ට ගොඩක් ගසාගෙන පුටුවක් උඩට නැග බිමට පනින  අවුරුදු 3ක් පමන වූ පනින කුඩා කොලු ගැටයෙකි. නිවස ආසන්නයට වෙත්ම ඔහු උඩ සිට පනින්නේ පුලුන් පිරවූ ටෙඩියෙකු මතට බව හොදින්ම මා දුටුවෙමි. මේ අනිවාර්යෙන්ම පොඩි ජෝන්සිනා කෙනෙක් බව මම ඒ ඉරියව් වලින් දුටුවෙමි. අවුරුදු 3ක් වත් නොවූ කොලු ගැටයා ටෙඩියා කුඩුපට්ටම කර දැමීමෙ මහා මෙහෙයුමකය විටින් විට රූපවාහිනි රෙස්ලින් තරගවලින් අහුලාගත්තා යැයි සිතිය හැකි කෑලිද මුමුනමින් පොඩිත්තා සෑහෙන සටනකය. , මල් වැනි පොඩි උන් යැයි කියා පොත් වල ලියා තිබූ යුගය අවසන්ය . සමනලයන් කුරුල්ලන් අතර ගෙවුනු කුඩා උන් සුපර් මෑන් ,බැට් මෑන් වීරයන් වූ යුගය අවසන් ය දැන් ඒ සිත් වල වීරයන්  මිනිසුන් උස්සා පොලවේ ගසන ජෝන් සීනලාය මට මගේ හිතවතා කී දෙය සිහියට නැගුනි. " පොඩි උන් කරන්නෙ උන් දකින දේවල් බන් " කතාව 100% ඇත්තය, බලා සිටීමෙන් පලක් නොවන නිසා මම හඩ අවදි කලෙමි.

" බබා ගෙදර කවුද ඉන්නේ "

වහා හැරී මා දෙස බැලු පොඩි ජෝන් සීනා " අම්මේ " යැයි හඩතලාගෙන  ගෙතුලට දිව ගියේය.


මද වේලාවකින් පොඩිත්තාගේ මව පැමිනි අතර මා රාජාකාරි කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය වූ ලිපිගොනු වල කටයුතු මා විසින් ඉටු කරගන්නා ලදී. 

ඒ අතරේදී ද පොඩිත්තා නැවත සුපුරුදු රාජාකාරියට අත ගසනු දැක ගත හැකි විය.

" බබා සෑහෙන්න රෙස්ලින් බලනවා වගේ " මම සිනහවකින් යුතුව මවගෙන විමසුවෙමි

" ඔව් අනේ දවසම වැඩේ ඕක තමා . ඉස්සර CD ඉල්ලලා පොරේ බැරිම තැන peo tv අරන් දුන්නා ඕක බලපු වෙලේ ඉදන් අපිත් එක්කත් ඔහොම තමා "

මව දරුවාගේ වර්ණාව සිනාවෙම්න් පවසයි.

මගේ මතකය මීට අවුරුදු ගානකට කලින් සිදු වූ සිදූවීමකට දිව ගියේය. එවකට මම 4 හෝ 5 වසරේ සිටි අවදියයි . දිනක් අපේ තාත්තා හා අපේම පවුලේ නෑදැයකු අතර ගැටුමක් ඇති විය ඒ නිවස පිහිටියේද අප නිවසට ආසන්නවය. මමද ආතල් කරට ගෙන පියා පසු පස දිව ගොස් තාත්තාට හුරේ තැබුවෙමි. වහා හැරුනු තාත්තා කන පුරවා මා හට කනේ පහරක් එල්ල කලේ මා කිසිවිටක බලා පොරොත්තු නොවූ ලෙසිනි. 


"ලොකු මිනිස්සු කතා කරන තැන් වල පොඩි උන්ට වැඩ නෑ පල ගෙදර "

එදායින් පසු කාලාන්තරයක් යන තුරු මගේ ලෝකයේ හතුරා උනේ අපේ තාත්තාය. යම් දෙයක් අහුලාගෙන විසදාගත හැකි කලකදී මම තාත්තා එදා මට කන පුරවා දුන් පහර ගැන සතුටු උනෙමි.

ඒ සිතුවිල්ලෙන් මම ඇහැරෙන වේලාව වන විටත්  පොඩි සීනා ගේ අම්මා දරුවාගේ හුරතල් ගැන තොරතෝංචියක් නොමැතිව කියවමින් සිටියාය. 

"මෙයා රෙස්ලින් විතරක් නෙවේ TV ඇඩ් ඒ විදියටම කරනවා අපිට හිනා වෙලා පන යනවා "

" ආ පුතා අර ඔයාගේ සින්දුව කියන්න මේ අංකල්ට ඇහෙන්න "


මවගෙන්  පුතා වෙත කාරුනික ඉල්ලීමකි

පුටුව උඩ උන් පොඩිත්තා වහා ඉද්ද ගැසුවාක් මෙන් පුටුව උඩම සිටගෙන ගීයට සුදානම් විය. අතක් හිස මත තබා අනෙක් අත ඉනට තබා ගත් පොඩිත්තා මහා හඩින් තමාගේ ප්‍රියතම ගීතය ගයන්නට විය.

" කැස්සට කොස් ඇට උනට කුරුම්බා..
 වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා... 

 රස්නෙට වෙනි වැල් බිව්වම .,
 ඇගට හොදා.............. "

ඒ වදන් කිහිපය අවසානයේ මා නිරුත්තර වෙද්දී.. දරුවාගේ අම්මා මහා හඩින් සිනාසෙමින් ප්‍රිතිය පල කරනු දක්නට ලැබුනි. එහෙම සින්දුවක් මා ඇසුවේද ඒ වෙලාවේය.


අපි ඉස්කෝලෙ යන දවස් වල අපේ ගෙදරට මහා තඩි හද්ද පරන  කලු පාට රේඩියෝවක් තිබුනි. උදේ පාන්දර වදෙන් පොරෙන් අපිව නැගිට්ටවා ගන්නා අතරතුරේ අපේ සීයා රේඩියෝවේ වයරය ප්ලග් එකට සම්බන්ධ කරයි.  හැමදාමත් ඇසෙනා පිරිත් ,ප්‍රවුත්ති වලින් පසුව අපිට ඇසුනේ කැස්සට කොස් ඇට බදින හැටි ගැනවත් , රොස් පාන් පුච්චලා කන හැටි ගැනවත් නොවේය. අමරදේවයන් ලයාන්විතව ගයනා  " මුනි සිරිපා වදිමින්නේ " නොඑසේ නම් අයිවෝ ගේ දැකුම්කලු හඩින් ලංකා ලංකා හෝ දකුන නැගෙන හිර වැනි දවස පුබුදන ගීතය, මූන කට හෝදාගෙන අපි පාරට බැස්සේ රට ගැන උපන් නැතිනම් දෙමව් පියන් ගැන උපන් පහන් හැගීමක් සිත තුල රදවාගෙනය. මුදලට ජීවිතය විකිනූ සමාජයක් තුල FM කඩ කාරයන් අද දවස පටන් ගන්නේ උදේ පාන්දර කැස්සට කොස් ඇට බැදගෙනය . අපි ඒ කොස් ඇට කෑ රිලවුන්ගේ පරම්පරාවක් බිහි කිරීමෙ මහගු කර්තව්‍යට එක සිතින් දායක වී සිටින්නෙමු.  ඕනෑම ගීතයක් කීමෙ හෝ ඇසීමෙ නිදහස මිනිසෙකු සතු අයිතිවාසිකමකි.  ජාතියක් ලෙස අපි කාලකන්නියන් යැයි අනාගතේ දවසක හන්වඩු ගසා ගන්නවාට වඩා මේ දකින ඇත්ත ගැන අපි කතා නොකරනවා නම් එහි වගකීම ඉතාම නුදුරු දිනක ඔබටද මටද සම සමව බෙදී යනු ඇත. අද රේඩියෝවකින් , TV චැනලයකින් ජාතික අභිමානය ගැන ගීතයක් ඇසෙන්නෙ දවසට දෙවරක් පමනි ඒ වැඩසටහන් ආරම්බයේදි හා අවසානයේ විකාශය වන ජාතික ගීය පමනි.  පෙබරවාරි හතරවන දාට නිවසේ සිංහ කොඩියක් එසවීම පමනක් ජාතිකාභිමානය යැයි සිතන පරම්පාරවක බිහිවිම ඔබටද මටද බලපාන්නෙ කෙසේද කියා ඇස් කන් ඇතුව වසන්නෙකුට අමුතුවෙන් කියා දිය යුතුවද නැත. 


                         පරම්පාරවක් බිහි වීමෙදී දියුනුවක් ඇති විය යුතුය. අපි ආඩම්බරයෙන් හැම විට හැම තැන පවසන්නේ අපි සිංහ පරපුරේ කියාය.  නමුත් මතු බිහිවෙන ඒ පරම්පරාව වල් බුරු පරම්පරාවක් වන්නෙ නම්. ඒ පරම්පාරාවෙන් පසු බිහිවන අනාගතය ගැන අපිට කිසි දිනක සිහින දැකිය නොහැකි වනු ඇත.  එනිසා ලෝකය දිව යන වේගයෙන්  නොගියද  රටක මුල මැද අග හදුනන පරම්පරාවක් බිහි කිරිම සදහා මව පියා මෙන්ම මාධ්‍ය හා සමාජයද එක සේ බැදී පැවතිය යුතු බව සිහිකල්පනාවෙන් යුතුව මතක තබා ගත යුතු සිතුවිල්ලකි. එසේ නොමැතිනම් මෙයින් මතු බිහි වෙන පරම්පරාව කොස් ඇට රිලා පරම්පරාවක්  මිසක සිංහ පරම්පරාවක් නොවනු ඇත.









_____________________________________________________________________


                                  
                              


Saturday, March 9, 2013

බාලචන්ද්‍රන්ලා සහ ජිනීවා










                                            දැන් දැන් බ්ලොග් පිටු පුරා . බුකිය පුරා බාලචන්ද්‍රන් ලා වෙනුවෙන් සෝක ප්‍රකාශ, බැනර් , මල් වඩම් වැහි වැහැලාය.    වැරදිලාවත් ඇමරිකාවට සිංහල යුනිකෝඩ් තේරෙනාවනම්. ජිනීවා වලට ගිය මහින්ද ගොයියා  දැන්මම ගෙදර එන එක ඉතා හොදය. මල ගිය කොටියන්ගේ සනුහරේට වඩා බාලචන්ද්‍රන් වෙනුවෙන් කිරි රෙන්නේ සිංහයන්ටය. බාල පුතා මල සොවින් වැලපෙන සමහර මහ්ත්තුරු කියන කතා සම්පූර්ණ ඇත්තය. මොකා මොනවා කලත් මානව අයිතිවාසිකමනම් මානව අයිතිවාසිකමය. ඒක අපිට තිබුනේ නැති උනත් කොටියාට තිබිය යුතුමය මන්ද යත් ඒ අපේ හැටිය. අපේ අභිමානවත් ඉතිහාසයේ හැටිය. අපි සත් ගුනවත් බෞද්ධයෝය අපිට හැගීම් දැනීම් නැත. අපිට ලාදුරුය. බෞද්ධයන් වන අපි
අපේ තාත්තා මරපු එකාටද මෛති කල යුතුය. උගේ පවුලේ උන්ගේ ෆොටෝ බිත්තියේ එල්ලාගෙන දවසට තෙවරක් මෛත්‍රි භාවනාව කල යුතුය අපිට මොනවා කලත් අපි සරම උස්සා උන්ට මෛත්‍රි කල යුතුය. අපි ඒ කාලයේ බස් වල පාරවල් වල ගියේ පට්ට ආතල් එකේය අපිට කිසිදු ප්‍ර්ශ්නයක් තිබුනේ නැත. මොකද කියනවානම් වැඩිකල් ඉන්නට කිසිම එකෙක්ට බලාපොරොත්තුවක් තිබුනේ නැත. එහෙව් එකේ අපිට කිසිම ප්‍ර්ශ්නයක් තිබ්බේ නැත. හිටපු ගමන් එකට බත් එක කෑ යාලුවා
සීල් කල පෙට්ටියකින් ගෙදරට ගෙනා විට අපි උඩ පැන පැන සතුටින් සිනාසෙනුමු.

" හොද වැඩේ එපා කියද්දී ගියානේ අර අහිංසක කොටියන්ගේ මානව අයිතිවාසිකම් කඩන්න "

අපි පෙට්ටිය දෙස බලා මල එකාට දහ අතේ දෙස් දෙවොල් තැබුවෙමු. ඔකාට ඔහොම උනා මදි යැයි කීවෙමු. මල එකාගේ නෑයන් ප්‍රබා වෙත සමාව ඉල්ලා ලිපි යැවුහ,, අපි කොටි වෙනුවෙන් එ තරම්ම දුක් උනෙමු මන්ද යත් අපි හෙන අභිමානවත් ජාතියක් වූ නිසාය. අනික් කාරනේ අපි බෞද්ධය පලි ගැනීම අපිට අරහංය. අර කිව්වත් වාගේ නහී වේරේන වේරානීය. අනික් කාරනේ බාලචන්ද්‍රන් කිරි සප්පයාය. යුද්ධයක් ගැන ඌ මෙලෝ හසරක් දන්නේ නැත. ප්‍රභාගේ
ආසාවකට පාටියකට මගුලකට ඇරෙන්නට කොටි යුනිෆෝම් එකක් වත් ඇදලා නැත. අපේ තාත්තාගේ යාලුවෙකුත් ඒ කාලේ ත්‍රිකුනාමලේ නේවී කෑම්ප් එකක හිටියේය. මිනිහා හෙන නරක බුවෙකි අසරණ කොටියන්ගේ මානව අයිතිවාසිකම් පන්න පන්නා කැඩු එකෙකි. දවසක් ගෙදර ඉදලා පවුල පිටින් කෑම්ප් එකට යන අතර මගදී කොටියන් අපේ තාත්තාගේ යාලුවා බය කලේය. ඒ පුන්චිම පුන්චි බිම් බෝම්බයක් කාරෙකට සෙට් කරලාය මොනවා කලත් පවුලම එක වර යන්නට
ඕනෑ තැනට ගිය නිසා මනුස්සයාගේ මානව අයිතිවාසිකම රැකුනේය. අත දරුවාගේ කිරි බෝතල් හොයා ගත්තේ . පොල් ගස් වල කරටි උඩ තිබිලාය. අපේ තාත්තා අදටත් දවසට තෙවරක් ඔය සිද්ධිය මතක් කර මෛත්‍රි භාවනාව වඩන්නේය


මොනවා කිව්වත් ඔය බාල පුතාලා ගැන පිට රටවල ඉදන් ලියන මහත්තුරුත් . ඒ කාලයේ ඉදලාම රට වෙනුවෙන් යුද්ධ කරපු ඇත්තෝය. ඒ දවස් වල දවසට විසි තිස් වතාවක් defence.lk එකේ තිබූ මැප් එකේ දිග පලල චෙක් කරමින් .දහඩිය වගුරවමින් ඔවුන් රට වෙනුවෙන්  කල සේවය අපි මහත් සේ අගය කල යුතුය. උන් එසේ රට වෙනුවෙන් අපෙ කැප වෙද්දී අපේ උන් කලේ වැඩකට නැතුව යුද්දේට ගොස් අත පය නැති කර ගැනීමය  , එහෙමත් නැත්තං ජීවිතේ නැති කරගැනීමය. ඒ අපේ ජාතියේ හැටිය . මොනවා කලත් සමහරක් බාල පුතාලා වෙනුවෙන් අඩනවාට විරුද්දය .
බාල පුතා වෙනුවෙන් දුක් ගී ලියන මහත්තුරුන්ගෙන් අවසාන ව්අශයෙන් මම යටහත් පහත්ව ඉල්ලීමක් කරන්නට කැමතිය. ජංජාලේ පමනක්   ඕවා කිව්වාම මේවා මොලේට යන්නේ ටික දෙනෙක්ටය අනික් එක ජංජාලේ ඉන්නා බොහොමයක් දේශ ද්‍රෝහීන්ය. උන්ට මානව අයිතිවාසිකම් ව්අල   වටිනාකමක් තේරෙන්නේ නැත පුලුවං කමක් තියනවා නම් ඔය ලියාපු අටුවා ටීකා ටිකක් ප්‍රින්ට් කරගෙන කැබිතිගොල්ලෑව , ගෝනගල , අම්පාර  පැත්තේ ගම් කීපෙකට ගොස් ගෙයක් ගෙයක් ගානේ බෙදුවා නම් වැඩේ පංකාදුය . මොකද කියනවා නම් මානව අයිතිවාසිකම් ගැන හොදටෝම දැනුම්  තේරුම් තියෙන්නෙ ඒ ඇත්තන්ට නිසාය.  



ගියාට විතරක් මදිය ඒ පැත්තේ අයට අනිවාර්යෙන්ම මේකත් කියා දිය යුතුය

" නහී වේරේණ වේරානීය "

Tuesday, February 19, 2013

මානව හිමිකම්


ප්‍රභාකරන්ගේ පුතා මැරෙන්න විනාඩි කීපෙකට කලින් ගත්ත ෆොටෝ වගේකින්. පිටරට ඇත්තන්ගේ දරු දුක වාවගන්න බැරි තරමට ඉහල ගිහින් කියලා ආරංචියක් ආව. පොඩි එකෙක්ට වෙඩි තියලා මරන එක මොන තරම් අපරාධයක්ද මුන්ව එල්ලලාම මරන්න ඕන කොටි පැටියා උනත් ඌට මානව අයිතිවාසිකම් තියනවා නැද්ද ආයිබොං..

අනික ඒ අහිංසකයා මැරිලා ඉන්න හැටි දැක්කම පපුව පිච්චිල යනවනේ .. හා නැද්ද.

අනික කවදාවත් කොටි ඔය විදියට අහිංසක දරුවෝ මරලා දැම්මද.ගමකට ගැහුවත් හරි පරිස්සමට අවුරුදු 14න් පහල අය එකතු කරලා පන්සලකට යවලනෙ අනික් උන් ටික කීතු කීතු වලට කැපුවෙ හා නැද්ද.

බස් එකකට බොම්බ තිබ්බත් කලින් දවසේ මාධ්‍ය නිවෙදනයක් දුන්නා හෙට බස් වල බෝම්බ තියනවා ලමයි බස් වල යවන්න එපා කියලා. එහෙම කරපු ප්‍රභාගෙ පුතාටනේ මුන් මෙහෙම කලේ. දරු දුකට පපුව පැල්න්නෙ නැද්ද අප්පා..

කොටි එච්ච්ර පරිස්සමට ලමයි බේරලා යුද්ධ කලා ඇයි අපේ හමුදාවට එහෙම බැරි උනේ. බලන්න අද නෙට් එක සර්ච් කරපු ගමන් අපිට පෙන්නෙ හමුදාවෙන් බෝම්බ ගහලා වෙඩි තියලා මරපු ලමයිනේ. කවදාවත් නෙට් එක සර්ච් කරද්දි ආවද කොටි සංවිධානෙන් බෝම්බ ගහලා කපලා කොටලා මරපු පොඩි උන්ගේ පින්තූර. ඇයි අප්පා... මෙහෙම කලේ.
ඉතින් සුදු ඇත්තෝන්ගෙ අසල්වැසි රටේ ඇත්තොන්ගේ පපුව උනුවෙන් නැද්ද. එයාල කවදාවත් කාගෙවත් පැත්තක් අරන් නෑ

මීට කලින් කවදාවත් ඒ වගේ අමානුශික විදියට මරලා දාපු ලමයි ඒ අය දැකලා නැති නිසානෙ මේ තරම් පපු උනුවෙලා කෑ ගහන්නේ. මුන්ව මානව හිමිකම් වලට ගෙනියන්ඩම ඕන .

අපි හෙන නරක ජාතියක් ඔ‍යි.. කැතයි කැතයි... කැතම කැතයි.


ප්‍රභාකරන්ගේ පුතා මැරෙන්න විනාඩි කීපෙකට කලින් ගත්ත ෆොටෝ වගේකින්. පිටරට ඇත්තන්ගේ දරු දුක වාවගන්න බැරි තරමට ඉහල ගිහින් කියලා ආරංචියක් ආව. පොඩි එකෙක්ට වෙඩි තියලා මරන එක මොන තරම් අපරාධයක්ද මුන්ව එල්ලලාම මරන්න ඕන කොටි පැටියා උනත් ඌට මානව අයිතිවාසිකම් තියනවා නැද්ද ආයිබොං..

අනික ඒ අහිංසකයා මැරිලා ඉන්න හැටි දැක්කම පපුව පිච්චිල යනවනේ .. හා නැද්ද.

අනික කවදාවත් කොටි ඔය විදියට අහිංසක දරුවෝ මරලා දැම්මද.ගමකට ගැහුවත් හරි පරිස්සමට අවුරුදු 14න් පහල අය එකතු කරලා පන්සලකට යවලනෙ අනික් උන් ටික කීතු කීතු වලට කැපුවෙ හා නැද්ද.

බස් එකකට බොම්බ තිබ්බත් කලින් දවසේ මාධ්‍ය නිවෙදනයක් දුන්නා හෙට බස් වල බෝම්බ තියනවා ලමයි බස් වල යවන්න එපා කියලා. එහෙම කරපු ප්‍රභාගෙ පුතාටනේ මුන් මෙහෙම කලේ. දරු දුකට පපුව පැල්න්නෙ නැද්ද අප්පා..

කොටි එච්ච්ර පරිස්සමට ලමයි බේරලා යුද්ධ කලා ඇයි අපේ හමුදාවට එහෙම බැරි උනේ. බලන්න අද නෙට් එක සර්ච් කරපු ගමන් අපිට පෙන්නෙ හමුදාවෙන් බෝම්බ ගහලා වෙඩි තියලා මරපු ලමයිනේ.  කවදාවත් නෙට් එක සර්ච් කරද්දි ආවද කොටි සංවිධානෙන් බෝම්බ ගහලා කපලා කොටලා මරපු පොඩි උන්ගේ පින්තූර. ඇයි අප්පා... මෙහෙම කලේ.
ඉතින්  සුදු ඇත්තෝන්ගෙ  අසල්වැසි රටේ ඇත්තොන්ගේ පපුව උනුවෙන් නැද්ද. එයාල කවදාවත් කාගෙවත් පැත්තක් අරන් නෑ

මීට කලින් කවදාවත් ඒ වගේ අමානුශික විදියට මරලා දාපු ලමයි ඒ අය දැකලා නැති නිසානෙ මේ තරම් පපු උනුවෙලා කෑ ගහන්නේ. මුන්ව මානව හිමිකම් වලට ගෙනියන්ඩම ඕන .

අපි හෙන නරක ජාතියක් ඔ‍යි.. කැතයි කැතයි... කැතම කැතයි.

Sunday, February 3, 2013

නිදහස.







                                  වෙනදා මෙන්ම හෙටද සුපුරුදු ලෙස හිරු පායා එද්දී ජාතියක් ලෙස අභිමානයෙන් අපිට අවදි විය හැක. හෙටින් ඇරබෙන දින සිට අසරණ වූ සිංහයන් කඩපිලේ. බස් රියේ. ත්‍රී වීලරයේ කඩුවද සියතින් දරාගෙන මරබියේ අහස දෙස බලාගෙන එල්ලී සිටිනු දැකිය හැකි වෙනු ඇත.  එහෙමමත් තැනක සතර පා බිම තබා ප්‍රතාපවත්ව තේජාන්විත වු සිංහයන් ජාතියේ අබිමානය පා කඩුව සියතින් දරා සිටිනු ඇත. නිදහස වෙනුවෙන් ලද නිවාඩුවේ උදෑසන වරුව රූපවාහිනිය ඉදිරියේ හිද ජාතික අභිමානය නැරබීම වෙනුවෙන් වෙන් කල හැක.  ජාතියේ නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන් දින හතරක් පහක් පුරා. අව් කාශ්ටකේ වේලෙමින් නිදහසේ අභිමානය වෙනුවෙන් සිය අවි අත දරනු ඇත. ඔවුන් එදිරිපිට වායුසමීකරනය කරන ලද විශේෂිත පීඨීකා වල එදා උන්ට එරෙහිව අවි එසවු සමහරක් ඔවුන් දෙස සිනාසෙමින් බලා සිටිනු ඇත. ජාතියේ අභිමානය වෙනුවෙන් උන් පසු කර යද්දී අභිමානයෙන් යුතුව හිස හරවා උන් හට ආචාරය පුද කිරීමට ජාතියේ විරුවන් හට  සිදු වෙනු ඇත. නිදහස වෙනුවෙන් වැසුනු කඩපිල් අද්දර බිම  එදා වේල වෙනුවෙන් කුලී කල උන් බඩගින්නේ වේලෙමින් ජාතියේ නිදහස අභිමානයෙන් යුතුව සමරනවා ඇත. හෙටින් නිදහස අවසන් වූ පසු  නැවතත් වර්ශයකට පසු ඔබටද මටද නිදහස උදාවෙනු ඇත. හෙටින් බොහෝ දවසකට පසුද  නිදහසින් පසු අමතක වූ   දුහුවිල්ලෙන් නෑවුනු  අසරණවූ  සිංහයන් කඩපිලේ. බස්‍ රියේ මහමගදී.. ඔබටද මටද හමුවනු ඇත.







ඔබටද මටද වචනයකට පමනක් සීමා නොවූ. අභිමානවත් නිදහස් දිනයක් වේවා



Monday, December 31, 2012

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා



ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය, සතුට පිරි නව වසරක් වේවා!!! 
Related Posts Plugin for WordPress, Blogger...