Friday, December 26, 2014

සුභ නව වසරක් වේවා

සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව ලබන්නා වූ නව වසර ඔබ සැමට ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා...

Sunday, December 14, 2014

තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.

ඉරිතලා වැටුනු ගං ඉවුරු දිගේ අපි ඔහේ ඇවිද යමු මතක දිගේ නුබට මතක නැති මට අමතක නැති මතක පොතේ පිටු යලි පෙරලන්නට යොදුන් ගනන් දුර හෙමින්  ඇවිද යමු එදා මතක යලි හිතට නැගෙන තුරු  දිනෙන් දිනට දින පොත පෙරලා හරි යලිත් මවන්නම් එදා දවස් යලි රෑ අහසේ පුන් සඳකි නුබේ සිරි ලඟ ඉන්නම් තරුවක් විලසින් හරි හිතක් පිරෙන්නට ඇතත් මතක පොදි එදා ලගින් ඉඳ පෙමින් බැඳුන හැටි හෙමින් හෙමින් මතකෙට නැගෙනා හැටි බලං ඉදිමි මම ගෙවෙන තුරා දිවි කවියේ කතන්දරේ - ටික කාලෙකට කලිං අපේ අම්මට ලොකු ඔපරේශන් එකක් කරන්න උනා. මොලේ තිබ්බ ගෙඩියක්...

Thursday, December 11, 2014

බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන

බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන බලන්න සිතක අරුම සල්ලි වලට බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන බලා නොඉන්න බූදලේ සොයා ඔබත් පනින්න යුගෙන් යුගය සතුට සැපත සොය සොයා මිනිස් මොලේ සයිස් එකෙන් පුං‍චි වී ගියා එහෙන් මෙහට ඇදන බඹරු නොදැක ඇස පියා බලන්න සල්ලි මිටියේ දකින රහස කොහෙන් පැමිණ කොහේ යයිද දන්නෙ නෑ එහේ හොඳද මෙහේ හොඳද අපිම දන්නෙ නෑ සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ සොයන්නෙ මොකටද අපි පනිනා ඇත්තන්ගෙ රහස ...
Time in Sri Lanka: 08:24:58PM
Tuesday 01/04/25