Wednesday, December 30, 2015

test 8

Test

test 7

Test

test 6

Test

test 5

Test

test 4

Test

test 3

Test

test 2

Test 2

සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී


ජීවිතය ඉල්ලා හඩන අය අතරේ 
ජීවිතය එපාවී හඩන අය අතරේ 
වාට්ටුවේ කෙලවරක 
කිලිටි වුනු සයනයක 
ඇඳ  ඉහපතක ලියා තිබුනා මෙසේ 

" සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී" 

උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා 
2016 - 02 - 25

Friday, November 20, 2015

කාලය ඔබ මට කළ දේ කදිමයි




කාලය ඔබ මට කළ දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙන අතක ගිහින්....
.

මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමණ ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම්
ඒ ඉර හඳ යට සැඟවුණිදෝ....
.

පැමිණෙන පිරිපත කාලය විසදයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයේ කෙලෙසකදෝ....
 

ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුලු ලොවට වටිනවා

ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුලු ලොවට වටිනවා







සිතිවිලි ඔපලා දියඇලි සේ සරසා
මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා......

ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා........

 
කඳුළැලි සඟවා හසරැළි මුව ගවසා
පියවරු සිටියා කඳුවැටි සේ වටලා........

 
ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා.......

  
 සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා
ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා...........

ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා.....





Monday, October 19, 2015

හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි




සරස්වතිය හිනැහෙන දවසක හැන්ද වරුවේ
අපේ ජීවිතේ හිනැහෙයි වස්දඬු හඬ මැද්දේ
පෙරුම් පුරාගෙන ආ පින් මට  නම් මදි වෙද්දී
ඒ හිස් තැන් පිරවෙන්නට නුඹෙ සෙනෙහස ඇත්තේ
 

ඇවිද්ද පය දහස් වටිනවා කියාලා කිව්ව
කතන්දරේ මට තාමත් මතකයි ඒ කිව්ව
මගේ හිතට වඩා හොදින් ඒ කතාව දන්න
තවත් කෙනෙක් ඉන්නවාද මේ ලොව ඉපදිච්ච


බටලීයේ තාලෙට මේ මගෙ හිත නැලවෙද්දී
හිනාපිරෙනවා දෙතොලට නුඹෙ ලග නැලවෙද්දී
අඩන්න දේවල් දාහක් හිත අග මුමුනද්දී
හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි

 

Tuesday, March 31, 2015

ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ

(Photo by web)


ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන
සටන අහවරයි කුමාරියේ
හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම
ප්‍රේම ගායනා නිමා නොවේ


දහස් ගනන් දිලෙනා පහන් කැට
අහස් තලේ  දිව යයි ඔහේ
සදක් හොරෙන් මම අරන් ආව වග
ඔවුන් දකීවිද රාත්‍රියේ

දුහුල් සළුව මුමුනයි කතන්දර
හෙටින් උදාවෙන වසන්තයේ
ඔබත් සිනාසෙයි   මමත් සිනාසෙයි
ලොවක ඇස් වැසෙන විරාමයේ


2015 | 03 | 31

Saturday, March 28, 2015

2015 වෙසක් සත්කාරය වැඩසටහන



 හැමදාමත් වගේ මේ සැරෙත් වෙසක් සත්කාරේ අපි පටන් ගත්තා. අපේ
නලිනි චන්දිමා සොයුරිය මාතර ශාරිපුත්‍ර විදුහලෙහි විශේෂ දරුවන් සඳහා වන ඒකකයට ගිහින්, එතන ගුරු මහත්මිය වන රමණි සමගත්, අනතුරුව මාතර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට ගොස් එහි සිටින විශේෂ අධ්‍යාපනය පිළිබඳ ගුරු උපදේශක වික්‍රමසිංහ මහතාවත් මුණ ගැසුණා. එහිදී දැන ගත් කරුණු මෙලෙස දන්වමි.

1. මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්වන පාසල් 24ක විශේෂ අධ්‍යාපන ඒකක ඇත. ඉන් හයක් රාජ්‍ය පාසල් වේ. ඉතිරි ඒවායින් එකක් ගුරු මහතා විශ්‍රාම යාම හේතුවෙන් මේ වන විට වැසී ගොස් ළමයින් අනාථ වී ඇත. ළමයින් පහකට එක් අයකු ලෙස ගුරුවරුන් සිටිය යුතු නමුදු, දැනට හැම තැනකම පාහේ ඉන්නේ එක් ගුරුවරයෙකු නිසා අවමව ගුරුවරුන් පහළවක පමණ හිඟයක් ඇත.

2. රාජ්‍ය පාසල් සඳහා මධ්‍යම රජයෙන් වැඩිදුර උපකාර සැපයේ. උදාහරණයක් ලෙස, දරුවන්ට අවශ්‍ය හසුරු කුසලතා කට්ටල රාජ්‍ය පාසල් සඳහා ලබා දී ඇත. (දෙකකට හැර)


3. මේ දරුවන් සඳහා බොහෝ විට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මාංශ පේශි වර්ධනය, බුද්ධි වර්ධනය, සියුම් හා දෘඬ චලන වර්ධනය, අකුරු භාවිතයට හුරු කරවීම වැනි කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත හැකි උපකරණය. ඉහත සඳහන් කළ හසුරු කුසලතා කට්ටල, කොටස් එක් කොට රූප සාදන ක්‍රීඩා, වමේ සිට දකුණට ඇස හා අත් ගෙනයාම හුරු කරවන ක්‍රීඩා භාණ්ඩ ආදිය මීට අයත් වේ.



4. මාතර කලාපයට අයත් විශේෂ අධ්‍යාපන ඒකක හා ඒවායේ සිටින දරුවන් සංඛ්‍යාව පහත පරිදි වේ.


සුජාතා විදුහල- 9
රාහුල ප්‍රාථමික- 7
මාතර ආදර්ශ ප්‍රාථමික- 10
ඕල්කට් ආදර්ශ- 10
ශාරිපුත්‍ර- 11
නූපේ මේධානන්ද- 14
මහානාම 10
අලුත්ගම කනිටු විදුහල- 5
කැකුණදුර විජයබා- 6
ගොඩ උඩ- 8
සරණපාල කනිටු- 7
තල්පාවල මිහිඳු- 12
නාඩුගල- 6
අත්තුඩාව- 3
දික්වැල්ල මෙතෝදිස්ත- 16
බතීගම- 7
බියගහ 3


මාතර ප්‍රදේශයට යාමට හේතුව, විස්තර හොයනවිට, ශාරිපුත්‍ර විදුහලේ වෙබ් අඩවියකින් මේ ඒකකය ගැන තොරතුරු දැන ගැනීමට හැකිවීමයි.

5. මීට අමතරව, ශාරිපුත්‍ර විදුහලෙහි දැනට ඉගෙනුම ලබන නමුත් අප්‍රේල් වනවිට පාසල හැර යාමට නියමිත 18 හැවිරිදි එක් දරුවකු පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වුණා. ඔහුගේ පවුලේ ඉන්නේ මව පමණයි. මසකට හයදහසක පමණ ආදායමක් ලැබෙන පිරිසිදු කිරීම් වෘත්තියක යෙදෙමින් දරුවා නඩත්තු කරන එම මවට දැන් වයස හැටක් වෙනවා. මේ දරුවාව යම් වෘත්තීය පුහුණුවකට යොමු කිරීමේ හැකියාව පිළිබඳව එම මව සමග සාකච්ඡා කළා. දැනට එම මව හිතාගෙන ඉන්නේ, පාසලින් අස් කරන නිසා සතියකට වරක් පන්ති පවත්වන විශේෂ ගුරුවරයකු ළඟට යවන්නටයි. නමුත් එහෙම කිරීමේ ආර්ථික හැකියාවක් ඇත්දැයි සැක සහිතයි.


 ඉන්පසුව අප විසින් උත්සාහ කරන ලද්දේ ඔවුන්ට අවශ්‍ය කරන භාන්ඩ සපයා ගත හැකි තැන් ගැන සොයා බැලීමයි . කිහිපවරක්ම නොයෙක් තැන්වලට ගොස් සොයා බැලුවත් ඒ ගැන හරි විස්තරයක් ලබා ගත හැකි වූයේ නෑ , පසුව සමන්තිකා සොහොයුරියගෙන් ලද තොරතුරක් අනුව,  කිඩ්ස් ක්‍රාෆ්ට් ආයතනය හොයා ගන්න පුළුවන් වුණා.
http://www.kidz-kraft.com

ලිපිනය: 24ඒ, ටිකල් පාර, බොරැල්ල

මෙතන පොදුවේ අධ්‍යාපනික ක්‍රීඩා භාණ්ඩ තියෙන තැනක්. නමුත් මේවා බහුතරය සුදුසු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට. ඔවුන්ගෙන් දැන ගන්නට ලැබුණා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ භාණ්ඩ සැපයුවෙත් ඔවුන්ම බව. අවුරුදු දහයක් තිස්සේ මේ ආයතනය පවත්වාගෙන ගියත්, මේ ගැන ජනතාව අතරට ගිහින් ඇත්තෙම නැති තරම්. කොටින්ම ඕටිස්ම් දරුවන්ගෙ දෙමාපිය සංගමේට කතා කරලා, මෙවැනි භාණ්ඩ ගන්න තැනක් දැන ගන්න විමසුවහම, ඔවුන් ගත් කටටම කිව්වෙ, එහෙම තැනක් ලංකාවෙ නැත, පිටරටින් ගේන්න වෙන්නෙ කියලා. ඒ අයත් කියන්නෙ එහෙමනම්, අනික් අය ගැන කතා කරලා වැඩක් නැහැ. කරුණාකරලා, ඔබේ හෝ ඔබ දන්න කෙනෙකුගෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සිටීනම්, (නැත්නම් අනාගතයෙ එහෙම දරුවෙක් ලැබුණොත්) ප්‍රයෝජනය සඳහා මේ ස්ථානය ගැන දැනුවත්ව සිටින්න.මෙතන ඇති බොහොමයක් භාණ්ඩ රුපියල් 1000-2000 අතරෙ. එම වෙළඳ මහතාට අපි දැනුම් දුන්නා, අපට මැයි මාසයේදී පාසල් 18ක් සඳහා භාණ්ඩ අවශ්‍ය බව. නිවැරදි ඕඩරය මාසයකට පෙර ඔවුන්ට දැනුම් දිය යුතුයි. නමුත් තවම අපි අරමුදල් රැස් කිරීම අරඹා නැති නිසා, භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් අපට එකතු වෙන මුදල බැලූවිට, එක් පාසලකට දිය හැක්කේ රුපියල් 10,000ක පමණ භාණ්ඩ කට්ටලයක්. ඒ කියන්නෙ භාණ්ඩ 4-6ක් පමණ.ඉන් වඩාත් සුදුසුයයි හිතුව භාණ්ඩ වගයක් ඔවුන්ට තෝරා දුන්නා. ඒවායෙහි පින්තූරත් සමග මිළ ගනන් පහත දක්වා තිබේ


1. bead board single wire 1250/-
2. bead board double wire 1550/-
3. bead board three wire 1800/-
4. m sorter large 850/-
5.cut up vegetable 1000/-
6. cut up bread 1000/-
7.fraction cake 1000/-
8.shape board 1000/-
9. Life-cycle butterfly 1200/-
10. Life cycle Rooster 1200/-
12.small knob puzzle monkey 650/-














ඉතිං අපි අද  2015 වසරේ වෙසක් සත්කාරය වෙනුවෙන් අද දින රාජගිරිය කෝමර්ෂල් බැංකුවේ බැංකු ගිණුමක් විවෘත කලා.අද දින සිට සියලු දෙනාටම 2015 වෙසක් සත්කාරය සාර්ථකව නිමාකරගන්න  පහත දැක්වෙන බැංකු ගිණුම වෙත මුදල් තැන්පත් කළ හැකියි

කෝමර්ෂල් බැංකුවේ රාජගිරිය ශාඛාව

ගිණුම් අංක 8620039589


පී ඒ නුවන් තිලංග පෙරේරා
කේ ජී ගිහාන් ලක්මාල්




අපේ ෆේස් බුක් පිටුවට

   https://www.facebook.com/groups/432039513610089/

අපේ බ්ලොග් පිටුවට

http://mithuru-sathkaara.blogspot.com/

Friday, March 20, 2015

ජාතික ගීය






ජාතික ගීය..

ජිවිතේ එක කාලයක් තිබ්බා ජාතික ගිය වාදනය වෙන වෙලාවට මට සීරුවෙන් ඉන්න බැරුව තිබ්බ කාලයක්.. ඒ මම බෑන්ඩ්  ගහපු කාලේ . ඒ වගේම ස්කෝලෙ ජීවිතෙන් හතරෙන් පංගුවකම ස්ටේජ් උඩ මම ජාතික ගීය කියලා ඇති . අපේ ස්කෝලෙ දෙමල අය හිටියා. මුස්ලිම් අය හිටියා. කතෝලික අය හිටියා. මියුසික් ගෘප් එකේ අපි ස්ටේජ් එක උඩට වෙලා ජාතික ගීය කියනකොට  ඔය කියපු හැම ජාතියකම කොල්ලෝ ජාතික ගිය කියනවා අපිට බොහොම අපූරුවට පෙනුනා..

උන්ට කවදාවත් ඒක වෙනසක් .. කරදරයක් කියලා අපිට දැනුනේ නෑ ඒ වගෙම උන්ට දැනුනෙත් නෑ...


මම එදත් අදත් හෙටටත් ගරු කරනවා ජාතික ගීතයට එහෙම නැතුව  දෙජාතික ගීතයකට නෙවෙ. රටේ ජාති දහයක් හිටියොත් ඒක දහ ජාතික දහපදුරා ගීතයක් වෙනවට මම කැමති නෑ.  ජාතික ගීයෙන් කියවෙන්නෙ තමගේ රටේ අභිමානය  ඒක ජාති වලට කඩලා  කුනුහරුපයක් වෙනවට මගේ කැමත්තක් නෑ ජාතික ගීයෙ කොහෙවත් දෙමල උන් සිංහල උන් මුස්ලිම් උන් කියලා බෙදිච්ච පදයක් නෑ නේ.

හොද වෙලාවට ආනන්ද සමරකෝන් මහත්තයා කලින්ම සියදිවි නසාගත්තෙ.

Saturday, February 14, 2015

අපේ කාලයේ රොමියෝ



රෝස මල් පොකුරු අරුමෝසම්ද අත දරා
වැලන්ටයින් කුමාරයා ඔන්න වඩිනවා
පාට කල කොපුල් තලවල සුවය සොය සොයා
ප්‍රේමවන්තයින් දිනකට ප්‍රේම කරනවා


සීතකල බොජුන් මන්දිරේ  පාට පිරි සොදුරු සල්පිලේ
දවසේ පෙම්වතුන් පෙම වෙන්දේසි කරනවා
ගාන තෙල් සදූන් වරලස පීරමින් ඔමරි කෙරුවම
හැමෝටම හොරෙන් පඩිපත පහල බහිනවා

වීදියේ කොනක කරවෙන ප්ලාස්ටික් මලක කෙලවර
සමනලුන්  වසා පෙම් පැනි බොන්න හදනවා
ආත්මෙක බැදුම මගහැර දිනක් පෙම්වතුන් වීමට
අපේ කාලයේ රොමියෝ  පෙරුම් පුරනවා


 





 




Time in Sri Lanka: