හිරු රුදු වී නිමා කෙරෙන
තව දවසක හැන්දෑවක
නුවර වැවට උඩින් වැටෙන
හිරු රැලි මනරම්
මල් පාවඩ නැති පාරේ
නුවර වැවට උඩින් වැටෙන
හිරු රැලි මනරම්
මල් පාවඩ නැති පාරේ
අතැගිලි බැද ඇවිද යන්න
මාත් එක්ක නුඹ එනවද
දෙවොන්දරා සං..
මාත් එක්ක නුඹ එනවද
දෙවොන්දරා සං..
වෛවාරණ අරුමෝසම්
මේ සුන්දර ලී කැටයම්
මේ සුන්දර ලී කැටයම්
මේ ඔක්කොම නුබේ නමට
තෑගි කරන්නම්
නුඹ ආ මග අමතක කර
හෙට දවසට ඇවිද යන්න
නුඹෙ ආදරේ මට දෙනවද
දෙවොන්දරා සං..
හින අහුරු පොදි බැදගෙන
නැලවෙන මල් වසන්තයක
ඇවිදින එක හීනයක්ම
වෙලා හිතට දැං
සැප බස් රිය කවුලු දොරින්
නුඹෙ හිනාව බොඳවෙනකොට
ආයෙත් නුවරට එනවද
දෙවොන්දරා සං..
2014 | 07 | 16
පසු සටහන - නුවරදි සංචාරකයන්ට විසිතුරු දේවල් විකුනන තරුන ගෑනු ලමයෙක් හා සංචාරකයෙන් බොහොම සමීපව කතා බහ කරමින් ඉන්නවා දැකලා හිතට ආව සිතුවිල්ලක්

