Wednesday, October 21, 2015

ඇත්තටම අපී මේ වෙනසට ගොඩක් ගරු කරනවා




ලංකාවෙ වාහන තදබදේට අපෙ මුදල් ඇමති හරි අපූරූ විසදුමක් හොයාගෙන කියලා ආරන්චියක් ආව. අවුරුදු 20ක් විතර පරන වාහන ඔක්කොම අප්‍රිකාවට යවන්න ක්‍රමයක් හදනවලු. 

අවංකවම කියනවනම් ලංකාව කියන්නෙ හරි වාසනාවන්ත රටක් මොකද අපි තමයි මම හිතන විදියට ලෝකෙ ඉන්න වාසනාවන්තම ජාතිය ඇයි දන්නවද මිනිස්සු ගොඩක් හිනාවෙනකොට ලෙඩ අඩුවෙනවා කියලා මම අහලා තියනවා ඉතිං අපි දෙකොනෙන්ම හිනා වෙනකොට අපිට කවදාවත් ලෙඩක් හැදෙන්න විදියක් නෑ..  ඒත් එක්කම  අපේ මුදල් ඇමති තුමා ගැන මට පොඩි ප්‍රශ්න ටිකකුත්  තියනවා.

පලවෙනි ප්‍රශ්නේ තමා  දැං ඔය එයා හිතන විදියට ලංකාවෙ රථ වාහන තදබදේට මූලිකම ප්‍රශ්නේ අවුරුදු 20 30 පරන වාහන ටික විතරමද කියන එක, එතකොට සතියට ලොරි දාස් ගානකිං බාන මාස 4ක් වේටින් ලිස්ට් වල ඉදලා ගන්ඩ ඔන ඇල්ටෝ . විවා එලයිට් වගේ ඒවගෙන් වාහන තද බදේට සුට්ටක්වත් අවුලක් වෙන්නේ නැද්ද කියන එක. 

දෙවෙනි ප්‍රශ්නේ තමා ඔය කියන කාලසීමාට අයිති වාහන ගොඩක්ම ගන්නේ පාවිච්චි කරන්නෙ ඇමති තුමාලා, ජානාධිපතිලා , පලාත් සභාවෙ මාමාල ද නැත්තං මාසෙට සොච්චං පඩි ගන්න තමන්ට කියලා මොකක් හරි රෝද හතරක් කැරකෙන වාහනයක් ඕන කියලා තමන්ගේ වැඩ කටයුතු වලට අතේ තියන ගානට වාහනයක් අරගන්න සාමන්‍ය ජනතාව ද  කියන එක.  දැන් මුදල් ඇමති තුමාගෙ ටැක්ස් ගැහිල්ලෙ හැටියට එතුමා නොකියා කියන්නෙ වාහන ගන්නවනම් ගලන්ඩ සල්ලි තියන උන් විතරක් වාහන අරගනියව් උන්ට රේස් යන්ඩ පාරේ තියන පරන වාහන ඔක්කොම අයින් කරපියව් කියල වෙන්ඩ ඕන..  එහෙම නැත්තං මුදල් ඇමති  තුමා  හිතාගෙන ඇති අර පහු ගිය කාලෙ පුරාම කිව්ව රටේ බහුතරයකගේ ප්‍රාර්ථනාව වෙච්ච වෙනස ඇති කරලා රටටයි අපිටයි අපමන අගයක්  දීලා කාර් ගන්ඩ  යූ .එන්. පී ආන්ඩුවක් එනකම් හිටපු  අපි හැම එකාටම හයිබ්‍රිඩ් හරි ටෙස්ලා හරි කාර් දෙන්ඩ  ඇත්තටම එහෙමනම් අපි ඒ වෙනසට ගරු කරන්ඩ ඕන.

හැබෙයි ඉතිං එහෙම නැතුව  යාන්තං කීයක් හරි හොයාගෙන තම්න්ගෙ හදිස්සියකට  හරි තමන්ගේ  කඩේ බඩු ටික ඇදගන්න හරි තියං ඉන්න පරන වාහන ටිකට ලොන්ත ගොන් නීති දාලා වාහන තදබදේ අඩුකරගන්ඩ මුදල් ඇමති තුමා හදනවනම්  රටේ මිනිස්සුන්ට එතුමට ඉක්මනින් නිවන් සුව ලැබේවා වගේ අලුත් ප්‍රාර්ථනා ඇති වෙන්ඩ පුලුවන් එහෙම උනොත් අපි ඒ වෙනසටත් ගොඩක් ගරු කරනවා.

 

Monday, October 19, 2015

හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි




සරස්වතිය හිනැහෙන දවසක හැන්ද වරුවේ
අපේ ජීවිතේ හිනැහෙයි වස්දඬු හඬ මැද්දේ
පෙරුම් පුරාගෙන ආ පින් මට  නම් මදි වෙද්දී
ඒ හිස් තැන් පිරවෙන්නට නුඹෙ සෙනෙහස ඇත්තේ
 

ඇවිද්ද පය දහස් වටිනවා කියාලා කිව්ව
කතන්දරේ මට තාමත් මතකයි ඒ කිව්ව
මගේ හිතට වඩා හොදින් ඒ කතාව දන්න
තවත් කෙනෙක් ඉන්නවාද මේ ලොව ඉපදිච්ච


බටලීයේ තාලෙට මේ මගෙ හිත නැලවෙද්දී
හිනාපිරෙනවා දෙතොලට නුඹෙ ලග නැලවෙද්දී
අඩන්න දේවල් දාහක් හිත අග මුමුනද්දී
හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි

 
Time in Sri Lanka: