Showing posts with label හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි. Show all posts
Showing posts with label හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි. Show all posts

Monday, October 19, 2015

හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි




සරස්වතිය හිනැහෙන දවසක හැන්ද වරුවේ
අපේ ජීවිතේ හිනැහෙයි වස්දඬු හඬ මැද්දේ
පෙරුම් පුරාගෙන ආ පින් මට  නම් මදි වෙද්දී
ඒ හිස් තැන් පිරවෙන්නට නුඹෙ සෙනෙහස ඇත්තේ
 

ඇවිද්ද පය දහස් වටිනවා කියාලා කිව්ව
කතන්දරේ මට තාමත් මතකයි ඒ කිව්ව
මගේ හිතට වඩා හොදින් ඒ කතාව දන්න
තවත් කෙනෙක් ඉන්නවාද මේ ලොව ඉපදිච්ච


බටලීයේ තාලෙට මේ මගෙ හිත නැලවෙද්දී
හිනාපිරෙනවා දෙතොලට නුඹෙ ලග නැලවෙද්දී
අඩන්න දේවල් දාහක් හිත අග මුමුනද්දී
හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි

 
Time in Sri Lanka: