සරස්වතිය හිනැහෙන දවසක හැන්ද වරුවේ
අපේ ජීවිතේ හිනැහෙයි වස්දඬු හඬ මැද්දේ
පෙරුම් පුරාගෙන ආ පින් මට නම් මදි වෙද්දී
ඒ හිස් තැන් පිරවෙන්නට නුඹෙ සෙනෙහස ඇත්තේ
ඇවිද්ද පය දහස් වටිනවා කියාලා කිව්ව
කතන්දරේ මට තාමත් මතකයි ඒ කිව්ව
මගේ හිතට වඩා හොදින් ඒ කතාව දන්න
තවත් කෙනෙක් ඉන්නවාද මේ ලොව ඉපදිච්ච
බටලීයේ තාලෙට මේ මගෙ හිත නැලවෙද්දී
හිනාපිරෙනවා දෙතොලට නුඹෙ ලග නැලවෙද්දී
අඩන්න දේවල් දාහක් හිත අග මුමුනද්දී
හිනාවෙන්න විතරයි මං ආසම අප්පච්චි
සුන්දර පද වැලක් !
ReplyDeleteලස්සනයි.
ReplyDeleteමේ දවස් දෙකතුනේ කීප දෙනෙකුටම තාත්තල මතක්වෙලා තිබුණ.
මොනවා ලියන්නද? පදපෙල හිත ගොළු කර අතැඟිලි අගුලුලෑවා.
ReplyDeleteහරිම ලස්සන සංවේදී සටහනක් මල්ලී. කියා ගන්න වචන නෑ. පිය සෙනෙහසක මහිමය.
ReplyDelete