ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුලු ලොවට වටිනවා
සිතිවිලි ඔපලා දියඇලි සේ සරසා
මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා......
ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා........
කඳුළැලි සඟවා හසරැළි මුව ගවසා
පියවරු සිටියා කඳුවැටි සේ වටලා........
ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා.......
සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා
ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා...........
ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා.....
ලස්සනයි
ReplyDeleteඅපූරුයි. අහන්න විදිහක් නෑ. මම ආසම ගීයක්.
ReplyDelete