කාලය ඔබ මට කළ දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙන අතක ගිහින්....
.
මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමණ ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම්
ඒ ඉර හඳ යට සැඟවුණිදෝ....
.
පැමිණෙන පිරිපත කාලය විසදයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයේ කෙලෙසකදෝ....
අගෙයි නිර්මාණය
ReplyDeleteඅපූරුයි. අහන්න විදිහක් නෑ මල්ලි.
ReplyDelete