(Photo by web)
ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන
සටන අහවරයි කුමාරියේ
හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම
ප්‍රේම ගායනා නිමා නොවේ
දහස් ගනන් දිලෙනා පහන් කැට
අහස් තලේ දිව යයි ඔහේ
සදක් හොරෙන් මම අරන් ආව වග
ඔවුන් දකීවිද රාත්‍රියේ
ඔවුන් දකීවිද රාත්‍රියේ
දුහුල් සළුව මුමුනයි කතන්දර
හෙටින් උදාවෙන වසන්තයේ
අම්මේ, පෙම් රස වෑහෙනවා. මෙච්චර කල් හංගාගෙන හිටියෙ මේවා එළියට දෙන්නැතිව ඇයි?. ලස්සනයි මල්ලි.
ReplyDelete