Showing posts with label ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ. Show all posts
Showing posts with label ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ. Show all posts

Tuesday, March 31, 2015

ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ

(Photo by web)


ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන
සටන අහවරයි කුමාරියේ
හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම
ප්‍රේම ගායනා නිමා නොවේ


දහස් ගනන් දිලෙනා පහන් කැට
අහස් තලේ  දිව යයි ඔහේ
සදක් හොරෙන් මම අරන් ආව වග
ඔවුන් දකීවිද රාත්‍රියේ

දුහුල් සළුව මුමුනයි කතන්දර
හෙටින් උදාවෙන වසන්තයේ
ඔබත් සිනාසෙයි   මමත් සිනාසෙයි
ලොවක ඇස් වැසෙන විරාමයේ


2015 | 03 | 31
Time in Sri Lanka: