
ගොඩක් කාලෙකට පස්සේ පහුගිය දවසක මගෙ ඉස්කෝලෙට ගියා. පරන පුරුදු ගෙට්ටුවෙන් ඇතුලට මම ගියත් මගෙ හිත පරන ලෝකෙට ගිහින්. කාලෙකට ඉස්සර ගෙවුන කියාගන්න බැරි තරම් සුන්දර ලෝකෙ මට එක මොහොතකින් මැවිලා පෙන්න ගත්තා. හැමදාම වෙලාවට ඉස්කෝලට එන මාව පිලිගන්න වේවැල අතේ තියන් ඉන්න අපේ ප්‍රින්සිපල් සර් ,හැමදාම වදයක් වෙච්ච පීරියඩ වලට අමා ඔසුවක් උන සංගීත කාමරේ, නැටුම් කාමරේ අඩියෙන් අඩිය අපිව උඩට ගෙනාපු තරප්පු පේලිය වෙනදා වගෙමයි පරන පුරුදු ආදරෙන් ඉස්කෝලෙ මන් දිහා බලන් ඉන්නවා. මතකයන් ඇරෙන්න අනිත් දේවල් 5 S වෙලා මතක් කරපන් මගෙ හිත මට කිව්වා අමතක කරන්න තරම් කිසිම මතකයක් නොවටිනා...