Monday, November 29, 2010

ජීවිතයේ කතාව



බැරි බර කරෙන් ගෙන යන දින පැය අතර
අපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනක
දහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතට
අපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතට

වේලක් නොකා තව වේලක රස බලන
පොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතර
ඇකයෙන් උරා බොන රුධිරය නැති කලක
අහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ට

වීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝ
වැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝ
මාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝ
කෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝ


උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-29

1 comment:

  1. අඩි දහයක් ඇවිදගෙන ගියොත් මොන තරම් විශාල සමාජ පරතරයක් නෙත ගැටෙනවද? ඒත් ඊට සංවේදී වෙන්නෙ කීයෙන් කී දෙනාද? ඒ වෙනුවෙන් යමක් කරන්න හිතන්නෙ එයිනුත් අල්පයක්.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: