Monday, March 7, 2011

වන්දනා



ශ්‍රී මහ බෝධියේ දළදා මාලිගයේ
උතුමන් බෝ ලඟින් ඉඳ පින් කරගන්නේ
දණ බිම තබා හිස බෝ සමිඳුන් මත්තේ
රජවරු පමණි රන්වැට පසු කර යන්නේ

දළදා සමිඳු ඇස දකිනා කලි යුගයේ
උතුමන් ලඟට ගොස් වැඳ අවසර ගන්නේ
හද්දා වන්නියේ නෙත් බොඳ අම්මාගේ
දෑසම කරඬුවේ කොත දැක සැනසෙන්නේ

බුදුවරු වැඩ වසන යුගයේ පෙර දවසේ
රජවරු හිගන්නෝ එක ලෙස නෙද දුටුවේ
අරුමෙකි මෙදා උන් පෝලිම් කොට බෙදුනේ
වැරහැලි වලට බුදුනුත් අහකද බැලුවේ

No comments:

Post a Comment

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: