Tuesday, August 16, 2011

බැඳි පෙම්



වැසුනු දොරකඩ බලා හිදිනෙමි
සොදුරු මතකය සිතින් විදගෙන
මැකුනු පත් ඉරු දැක හඩන්නෙමි
ලියු පදවැල් සිතින් සිහි කර

නැගී බැස යන හිරුට නොපෙනෙන
ජීවිතේ දහසක් කතන්දර
බැදෙන දෑගිලි වෙරළ අද්දර
සයුරු රළකට මැකෙන ඉක්මන

නිමක් නොපෙනෙන සිතුම් අතරෙක
වෙලි පැටලී බැදී සිහිනෙක
කාලයේ වැලි තලා මග හැර 
ඔහේ බැස යමු ඉතින් මුහුදට

4 comments:

  1. මිය ගිය ප්‍රේමය සිහි කර තැවෙන හදක්.
    අනික් කවිවලට වඩා ටිකක් වෙනස්, නේද? :-)

    ReplyDelete
  2. මේකේ අපිට නොපෙනෙන ගැඹුරු අදහසක් තියෙනවා නේද..:D

    ReplyDelete
  3. මේ පදපෙළ ඔබේ අනෙක් නිමාණවලට වඩා වෙනස් වුවද සොබාදහම සමඟ සිද්ධීන් පෙළ ගස්වා ඇති ආකාරය හරිම සුන්දරයි (මුහුදට ඇති සමීපකම නිසා එහෙම දැනෙනවදෝ). කීපවරක්ම කියවූ පදපෙල දුක්මුසු ගීතයක මතුකරනවා.

    ReplyDelete
  4. ..වෙරල අද්දර සිප්පි අහුලන

    ළදරුවන් අපි ජිවිතේ ..

    ගලන කඳුලින් සැදුන ගංගා

    සයුර ඉම සැඟවී යතේ ..

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: