
සිරිදාස මලේ හදිස්සියෙ...
සිකුරාදා දවසක පාන්දර බලද්දි නින්දෙන්ම සිරිදාස පරලොව ගිහිල්ලා තිබුනා.... සිරිදාසත් ඒ බව දැනගත්තෙ තමුන්ගෙ මිනිය බදාගෙන ගෙදර උන්දලා අඬනවා දැක්ක වෙලේ. සිරිදාස ඒ වෙනකොට වහලේ යටලීයටකට වෙලා තමුන්ගෙ සරීරෙ දිහා බලාගෙන නයා නැතිවුන අහිගුණ්ඨිකයා වගේ මොනා කරන්නද කියලා හිත හිත හිටියෙ.
ජීවිතේ කවමදාවත් තිබ්බට පාවිච්චි නොකරපු සිරිදාසගේ මොලේ ඒ මේ අත හරව හරව කල්පනා කලත් වුනේ මොකක්ද කියලා සිරිදාසට තේරුම් ගන්ඩ බැරි උනා. තේරුන එකම දේ තමන් මැරිලා කියන එක සිරිදසට තේරුනත් ඒක ඇත්තක්ය කියලා හිතන්න සිරිදාස...