
ඒ .. මීට අවුරුදු කිහිපයකට කලින් දිනයකි. උදේ සිටම යම් කසු කුසුවක් පැතිර යමින් සිටි නිසාදෝ. ඒදා තිබූ පන්තියෙන්ද කලින් පැනගත් මම මිතුරෙකුත් සමග නිවෙස බලා එන්නට පිටත් උනෙමි.. කටුගස්තොට පාලම පසු කොට ටික දුරක් ඉදිරියට ධාවනය වූ බස් රිය යම් තදබදයකට අසූ වූ බවක් පෙනුනි. ඒ සමඟම මහා හඩ දෙමින් රතිඤ්ඤා වැලක් පුපුරන්නට විය. තවත් ඉවසන්නට හැකියාවක් නොමැති වූ මම වහා දුරකථනය ගෙන නිවස...