Thursday, July 26, 2012

"පිස්සෙක්"



වෙනදා වගේම
රේල් පාරේ කෙලවරක...
යන එන උන්ට හිනා වෙවී
උඹ උන්නා
වෙලාවකට ඇඩුවා .. කෑ ගැහුවා........
පන්සලේ මුල් පුටු..... නිල බෞද්ධයෝ
උඹව පහු කලේ බොහොම බයෙන්
බුදුන්ගේ කරුණාව
උන්ගේ බණ පොත් වලින් මග ඇරිල
වෙනදා වගේම හිතේ කහටක් නැතුව උඹ මට හිනා උනා
අඳුරගෙනද මන්දා හූවකුත් කිව්වා
"පිස්සෙක්" පාරේ ගිය උත්තමයෙක් කිව්වා
කව්ද... මන් ඒ උත්තමයගෙන් ඇහුවා
"තව එකෙක්"
උත්තමයා එහෙම කියලා නොපෙනි ගියා
මන් තවම කල්පනා කරනවා
කව්ද.... 
" පිස්සා "

_________________________________________________

1 comment:

  1. අනේ පව් පිස්සන්ට පිස්සො කියන්න හොද නෑ..
    ඒ අය මානසික සුලු වෙනසක් ැති වෙච්චි අය...

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Related Posts Plugin for WordPress, Blogger...