Saturday, September 29, 2012

නිරුත්තර

                                  හැතැම්මයකට වඩා දුර නැති ඉර හිස්මුදුනේ  තබා ගෙන කාර්යාලයෙන්  එලියට බැසගත් මම සුපුරුදු මාවත ඔස්සේ ඉදිරියට ඇදුනෙමි.  නවතා ඇති රිය පෙල පසුකරමින් මුර කුටිය අසලට ඇදුනු මම මදක් නැවතී  යමක් සිහිකලෙමි. බයිසිකලේ යනවද පයින්ම යනවද..  මම මගෙන්ම අසාගත් ප්‍රශ්නයට. පිලිතුරක් නොමැති වූ තැන මම පයින්ම ගමන යන්නට තීරනය කොට මුර කුටිය අද්දරින් එලියට ඇදුනෙමි. " කොහෙද අප්පේ මේ ගිනි මද්දහනේ යන්නේ " මුරකුටිය ඇතුලෙ සිකුරිටි...

Wednesday, September 12, 2012

ඒ අපේ කෙනෙක්

                          ගොම්මන මැද්දෙන් ඇදී එන තුන් රෝද රියක එලියෙන් මග සටහන් කරගන්නා සිරිසෝම අඳුරේම නිවස කරා පියනගයි. ගෙවුනු වසර ගනනාවක් පුරා සේවය නිමවී මෙලෙසින්ම නිවස කරා ඇදෙන සිරිසෝමගේ සිත අද සතුටින් ඉපිලී ඇත.නගර සභා සුලු සේවකයකු වූ සිරිසෝම වසර ගනනාවකට පසු තම සේවා දිවිය පිලිබඳ සතුටින් ඉපිලෙමින් නිවස කරා ඇදෙන්නේ දහවල සිදුවූ සියල්ල සිරියාවතී හමුවේ කියාගන්නා තුරු නොයිවසිල්ලෙනි. කදුගැටය අද්දරින් පහලට බැසගත් සිරිසෝම  රතුමුදලාලිගේ කඩය දෙස හොරැහින් බලමින්ම පල්ලම් බසී ...
Time in Sri Lanka: 10:14:04PM
Tuesday 01/04/25