
ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන්
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා..
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....
කිසිදාක මහලු නොවන ඒ අව්‍යාජ ස්වරයෙන්.. හදවතටම දැනෙන්නට මගේ වීරයා නැවත ගයයි..
...