
රෝස මල් පොකුරු අරුමෝසම්ද අත දරා
වැලන්ටයින් කුමාරයා ඔන්න වඩිනවා
පාට කල කොපුල් තලවල සුවය සොය සොයා
ප්‍රේමවන්තයින් දිනකට ප්‍රේම කරනවා
සීතකල බොජුන් මන්දිරේ පාට පිරි සොදුරු සල්පිලේ
දවසේ පෙම්වතුන් පෙම වෙන්දේසි කරනවා
ගාන තෙල් සදූන් වරලස පීරමින් ඔමරි කෙරුවම
හැමෝටම හොරෙන් පඩිපත පහල බහිනවා
වීදියේ කොනක කරවෙන ප්ලාස්ටික් මලක කෙලවර
සමනලුන් වසා පෙම් පැනි බොන්න හදනවා
ආත්මෙක බැදුම මගහැර දිනක් පෙම්වතුන් වීමට
අපේ කාලයේ රොමියෝ පෙරුම් පුරනවා
...