Tuesday, March 31, 2015

ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ

(Photo by web) ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප්‍රේම ගායනා නිමා නොවේ දහස් ගනන් දිලෙනා පහන් කැට අහස් තලේ  දිව යයි ඔහේ සදක් හොරෙන් මම අරන් ආව වග ඔවුන් දකීවිද රාත්‍රියේ දුහුල් සළුව මුමුනයි කතන්දර හෙටින් උදාවෙන වසන්තයේ ඔබත් සිනාසෙයි   මමත් සිනාසෙයි ලොවක ඇස් වැසෙන විරාමයේ 2015 | 03 | 31 ...

Saturday, March 28, 2015

ෆුල් ෆේස් - ඔලු ඇති හා නැති උන්ගේ අවධානයටයි

ෆුල් ෆේස් නීතිය යලිත් කරලියට පිවිස තිබේ. එයද වතුරේ එබූ රබර් බෝලයක් වැනිය. බැංකුවක් දෙකක්  කොල්ල කා ඇතැයි කියා පුවත් වාර්ථා පලවෙද්දි  ඒවාගේ හිමිකරුවන්ටත් වඩා  බියවෙන්නෙ  ලංකාවේ බයිසිකල්  පදිනා උන්ය. හෙල්මටයකින් ලැබෙන ආරක්ශාව සම්බන්දයෙන් මෙතන අමුතුවෙන් අටුවා ටීක ලිවීමට අවශ්‍ය නැත. එය දන්නෙ ඔලුවක් ඇති උන් පමනි. නමුත් පහුගිය දිනක  පොලිසිය ප්‍රකශ කලෙ ෆුල් ෆේස් හෙල්මට දැමීමෙන් පැදිකරුවාට ඇතිවන අනතුරු වල වෙනසක් නොවන බවත් එය ඔවුන් විසින් සිදු කරන ලද විශේශ සමීක්ශනයක් බවයි පහත වීඩියෝවෙ අවසානයට එම ප්‍රකාශය බලා ගත හැක නමුත්...

2015 වෙසක් සත්කාරය වැඩසටහන

 හැමදාමත් වගේ මේ සැරෙත් වෙසක් සත්කාරේ අපි පටන් ගත්තා. අපේ නලිනි චන්දිමා සොයුරිය මාතර ශාරිපුත්‍ර විදුහලෙහි විශේෂ දරුවන් සඳහා වන ඒකකයට ගිහින්, එතන ගුරු මහත්මිය වන රමණි සමගත්, අනතුරුව මාතර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට ගොස් එහි සිටින විශේෂ අධ්‍යාපනය පිළිබඳ ගුරු උපදේශක වික්‍රමසිංහ මහතාවත් මුණ ගැසුණා. එහිදී දැන ගත් කරුණු මෙලෙස දන්වමි. 1. මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්වන පාසල් 24ක විශේෂ අධ්‍යාපන ඒකක ඇත. ඉන් හයක් රාජ්‍ය පාසල් වේ. ඉතිරි ඒවායින් එකක් ගුරු මහතා විශ්‍රාම යාම හේතුවෙන් මේ වන විට වැසී ගොස් ළමයින් අනාථ වී ඇත. ළමයින් පහකට එක්...

Friday, March 20, 2015

ජාතික ගීය

ජාතික ගීය..ජිවිතේ එක කාලයක් තිබ්බා ජාතික ගිය වාදනය වෙන වෙලාවට මට සීරුවෙන් ඉන්න බැරුව තිබ්බ කාලයක්.. ඒ මම බෑන්ඩ්  ගහපු කාලේ . ඒ වගේම ස්කෝලෙ ජීවිතෙන් හතරෙන් පංගුවකම ස්ටේජ් උඩ මම ජාතික ගීය කියලා ඇති . අපේ ස්කෝලෙ දෙමල අය හිටියා. මුස්ලිම් අය හිටියා. කතෝලික අය හිටියා. මියුසික් ගෘප් එකේ අපි ස්ටේජ් එක උඩට වෙලා ජාතික ගීය කියනකොට  ඔය කියපු හැම ජාතියකම කොල්ලෝ ජාතික ගිය කියනවා අපිට බොහොම අපූරුවට පෙනුනා.. උන්ට කවදාවත් ඒක වෙනසක් .. කරදරයක් කියලා අපිට දැනුනේ නෑ ඒ වගෙම උන්ට දැනුනෙත් නෑ...මම එදත් අදත් හෙටටත් ගරු කරනවා ජාතික ගීතයට එහෙම නැතුව ...
Time in Sri Lanka: 11:20:45AM
Tuesday 01/04/25