Friday, November 20, 2015

කාලය ඔබ මට කළ දේ කදිමයි




කාලය ඔබ මට කළ දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙන අතක ගිහින්....
.

මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමණ ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම්
ඒ ඉර හඳ යට සැඟවුණිදෝ....
.

පැමිණෙන පිරිපත කාලය විසදයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයේ කෙලෙසකදෝ....
 

2 comments:

  1. අගෙයි නිර්මාණය

    ReplyDelete
  2. අපූරුයි. අහන්න විදිහක් නෑ මල්ලි.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: