බැරි බර කරෙන් ගෙන යන දින පැය අතර
අපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනක
දහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතට
අපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතට
වේලක් නොකා තව වේලක රස බලන
පොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතර
ඇකයෙන් උරා බොන රුධිරය නැති කලක
අහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ට
වීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝ
වැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝ
මාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝ
කෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝ
උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-29
අඩි දහයක් ඇවිදගෙන ගියොත් මොන තරම් විශාල සමාජ පරතරයක් නෙත ගැටෙනවද? ඒත් ඊට සංවේදී වෙන්නෙ කීයෙන් කී දෙනාද? ඒ වෙනුවෙන් යමක් කරන්න හිතන්නෙ එයිනුත් අල්පයක්.
ReplyDelete