උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේ
පරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේ
තැලුනු දෑඟිලින් දැනෙනා හැඟුම නැත සුවේ
තවත් මම කුමට වයමිද නුඹට බෙර පදේ
නුඹට පුද කෙරුනු ලෝකය ගෙවී ඇත මගේ
උරුම තනිකමට නුඹ නැත පිහිට හෙට දිනේ
මගේ පැල පමණි මන්දිර තැනී ඇත හිතේ
කුමට තනි රකිමි නුඹ ලග කිමද ඇති පලේ
නුඹට පමනි හිස නැවුනේ දෙවොල තුල මගේ
දුදන සිත් දනන් හට නුඹ පුදනු මට පෙනේ
උනුන් ලග දනින් වැදගෙන වයමි මම කෙසේ
කුමට නුඹ නමින් වයමිද හෙටත් මම බෙරේ
/දුදන සිත් දනන් හට නුඹ පුදනු මට පෙනේ
ReplyDeleteඋනුන් ලග දනින් වැදගෙන වයමි මම කෙසේ/
ලියන්න වෙනත් වචන ඉතිරි කර නැත.
නොනැමෙන නිසා දිගටම බෙරේ වයන්නට අයෙක් ඉතිරි කරගනී.
බෙරය හා බෙරය වයන්නා තුලින් විමසූ තත්වය අගේය මල්ලී.
භක්තිය පෙරටු කොටගෙන ජීවිතය පුරාම දිවි ගෙවන අහිංසක මිනිසුන් සහ දෙවියන් ලවා තමන්ගෙ කුලී වැඩ කරගැනීමට සොයා එන මිනිසුන් අතර වෙනස.
ReplyDeleteපද රචනයෙ තාලය හරියට කෝවිලේ බෙර තාලයම වගෙයි.
මාරයාගෙ දාලා තිබ්බ කමෙන්ට් එකකින් මේ පැත්තෙ ආවේ..
ReplyDeleteඇත්තටම මාර ලස්සන පද වැලක් වගේම දුක හඅතෙන කථාවක්.. ඇත්ත කථාවක්..
“අන්න බලන් බෙර හඬින් උදම් වි“ ගීතය මතක් උනා..
එයාලත් ඒ වගේ නේ?