මහා කාන්තාරේ තනි පදුරක් වෙච්ච මං දිහා
බලාගෙන උඹලා මොන තරම් දේ කිව්වද
මගේ උජාරුව.. මගේ ලොකුකම..
මහා හුලඟත් එක්ක උඹලා කී පාරක්
තනි මාව යට කරල දැම්මද
ඒත් උඹලා දන්නවනම්
මම වැලි කැටයක් උනා නම්
මේ යායම මගේ උන්ගෙන් පිරිලා කියලා
මගෙ හිත හැමදාමත් කියන විත්තිය