අදින් වසර දෙකකට පමණ පෙර මා මුල් වරට යතුරුපැදියක් මිලට ගත් දිනයේ, ඒ සදහා මා සමග ගිය මගේ මිතුරා සියල්ල අවසන් වූ පසු මා හට කීවෙ මෙවන් වදනකි..
" ඔක්කොටම කලින් ෆුල් ෆේස් හෙල්මට් එකක් ගනින් "
මගේ සම වයසේ වූ ඔහු ඒ වන විටත් යතුරු පැදි අනතුරු දෙකකට මුහුනදී සිටි අතර ඒ දෙවාරයේදීම ඔහු පැවසූ අන්දමින් මුහුන කට බේරාගෙන තිබුනේ ෆුල් ෆේස් හෙල්මටයට පින් සිදු වන්නටය. ඔහුගේ ගුරුහරුකමින් අනතුරුව බයිසිකලය ගත් පසු දිනම මම ෆුල් ගේස් හෙල්මටයක් මිලදී ගත් අතර මේ වනතෙක්ම මම බයිසිකලය ධාවනය කරන්නේ නම් අනිවාර්යෙන්ම පලදින්නේ ෆුල් ෆෙස් හෙල්මටයයි. මින් මාස 8කට පමන පෙර වැසි අවස්ථාවක කඩුගන්නාවේදි බයිසිකලය ලිස්සා ගොස් පෙරලුනු අතර එහිදී කෙලින්ම මගේ මුහුන පොලොවේ වැදුන නමුත් හෙල්මටය නිසා කිසිදු තුවාලයක් මුහුනට සිදු නොවීය. එසේ යතුරු පැදි ධාවකයන්ගේ ආරක්ශාවට බොහෝ සේ වැදගත් වන ෆුල් ෆේස් හෙල්මටය ඊයෙ සිට තහනම් බවත් ඒ සදහා හේතු යැයි කියමින් නිවේදනයක්ද පොලීසියේ මහත්තුරුන් විසින් ඉදිරිපත් කොට ඇත.. ඒ නිවේදනය මෙසේ වේ..
ආරක්ෂිත හිස් වැසුමි සමිබන්ධ නීතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26
දරණ අති විශේෂ ගැසටි පත්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981
අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප්‍රවාහන විෂය
භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.
එම නියෝග මෙසේය. 01. අනුමත කරන ලද ආරක්ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළඳින උපකරණ විශේෂයක් විය යුතූය.
02. ආරක්ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්ෂිත හිස් වැසුමි නොවිය යුතූය.
03.ආරක්ෂිත හිස්වැස්ම යන්නෙන් ප්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.
04. ආරක්ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.
එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.
එම නියෝග මෙසේය. 01. අනුමත කරන ලද ආරක්ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළඳින උපකරණ විශේෂයක් විය යුතූය.
02. ආරක්ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්ෂිත හිස් වැසුමි නොවිය යුතූය.
03.ආරක්ෂිත හිස්වැස්ම යන්නෙන් ප්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.
04. ආරක්ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.
එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.
ඉහත තීන්දු තීරන ගත් මහත්තුරුන් ජීවිතේ එකදු වතාවක හෝ බයිකලයක ගමන් කොට ඇත්දැයි කියා මම නොදන්නෙමි. නමුත් මෙරට යතුරු පැදි ධාවකයන් හෙල්මට් දමන්නේ මංකොල්ල කන්නට නොව තම්න්ගේ ඔලුව හා දත් ටික ආර්ක්ශාකර ගැනීමට බව මේ නීති හැදු අය අමතක කර ඇති බව පමනක් මෙයින් මනාව පැහෙදිලි වේ.
නිශ්පාදනයේ ප්‍රමිතිය ගැන කතා කරන ඔවුන් කිසිදු අවස්ථාවකදී එහී ප්‍රමිතියක් හෝ ප්‍රමිති සහතිකයක් (SLS) ගැන කතා නොකරයි ඔවුන්ගේ මුලික තර්ක වන්නේ අනන්‍යතව තහවුරු කරගැනීමට නොහැකි වීම හා අපරාධකරුවන් බේරි පලායාමට මෙය යොදා ගන්නා බවයි.
ලංකාවෙ අනන්‍යතාවය තහවුරු කරගෙනීමට අපහසු ෆුල් ෆේස් හෙල්මටයෙන් පමනක් කියා ඔවුන් පවසනවානම් ලංකාවෙ නීති හදන තැන් වල ඉන්නෙ කුමන ආකරයේ කවටයන්ද කියා තීරනය කිරීම ඔබ සතු වගකීමකි. වරෙන්තු සිය ගනන් ඇති උත්තමයෝ පහු ගිය කාලයේ මැති ඇමති වරුන් මැද ඩිනර් ගන්නා බවත් වම දකුන මාරුවී කර් එලවන ඇමති පුතුන් දැක සැලියුට්ගහන පොලිස් මාමාලාත් අප පහුගිය කාලය පුරාවටම දැක්කෙමු.
ඒ අනුව මින් පසුවත් බයිසිකල් භාවිතා කර මංකොල්ල කෑම් කලහොත් මුලින්ම..
1 හෙල්මට් දැමීම සපුරා තහනම් කිරීම.
2 බයිසිකල් ධාවනය තහනම් කිරීම.
වැනි බුද්දිමත් තීරන වලට ශ්‍රි ලංකා පොලිසිය එලබිය හැක. ඉන පසුව බයිසිකල් අත හැර අපරාධකරුවන් මෝටර් රථ යොදාගෙන මංකොල්ල කෑම් කලහොත් .
1 සියලු රථවල් ජනෙල් වීදුරු ගැල්වීම
2 සියලු මෝටර් රථ වල වහල්වල් ගලවා ඇතුලත සිටින අය පහසුවෙන් හදුනා ගැනීම
යන බුද්ධිමත් තීරණ වලටද ඔවුන් එලැබිය හැක.
සියලු මානව සම්පත් ,අවි ආයුධ , නවීන රථ වහාන යතුරු පැදි සහ සන්නිවේදන ජාල , සතු පොලිස් දෙපාර්තුමේන්තුවට අපරාදයක් සිදුකොට පලා යන අපරාධකරුවෙකු අල්ලාගැනීමට ඇති නොහැකියාව වසාගැනීමට දගලන්නෙ .සාමාන්‍ය ජනතාවගේ මූනත් තහඩුව රැකගැනීමට ඇති අයිතියත් නැතිකිරීමෙන්ද.
යතුරු පැදි ධාවකයන් බොහෝ විට මුහුන දෙන අනතුරු වලදී ඔවුන්ගේ මුහුන . නාසය සහ දත් ආරක්ශා වන්නේ නිකට ආරක්ශාව සහිත ෆුල් ෆේස් හෙල්මටය මගින් පමනකි. බුද්දීමත් ආයතනයක් ලෙස පැදිකරුවාගේ ආර්ක්ශාව සහතික කරනවා වෙනුවට මෙවැනි ගොන් බුරූ නීති පැනවීම මගින් පෙනී යන්නෙ නීති පොත් හැදෙන තැන්වල වැඩ වාසය කරන්නෙ තුන් වේල පුන්නකු සහ තනකොල බුදින්නන් බවද ?
හතර වටින් කලු කෙරුනු කෝටි එකහමාරේ සිට ඉහලට මිල උනු කිසිදු රථයකටඔය නීති කිසිවක් වලංගු නොවන්නෙ කුමන පදනමක් මතද කියා ඔය නීති හදන ඇත්තොවත් නීති ක්‍රියාත්මක කරන ඇත්තෝවත් සොයා බලන්නෙ නැත. ඒ හැම එකක්ම හැම නීතියක්ම අහිංසක එදාවේල් කාරයන්ට පමනක්ය. ඒ අනුව හෙටින් පසු ජාතික රොහල් වලට වැඩි වැඩි වැඩියෙන් හොස්ස තලා ගත් උන් , දත් කුට්ටම් බඩට යවා ගත් උන් , නහය කුඩු කරගත් උන් පැමිනෙනවා ඇත.
අද සිට බයිසිකල් පැදිය යුත්තෙ කිසි විටක පිටුපසට මිස ඉදිරියට නොවැටෙමි යන දැඩී අධිෂ්ථානයෙනි. සියලු යතුරුපැදිකරුවන් අන්තුරක් සිදුවු විගස මුහුන හරවාගෙන බිමට වැටිය යුතුය. කිසි විටෙක මුහුන ඉදිරිපසට සිටින සේ අන්තුරු සිදුකර ගත නොගත යුතුය. කියන්නට ලියන්නට බොහෝ අදහස් ඇත ඒවා ලියා පලක් නැත.
කෙසේ හෝ හෙටින් පසු ආසියාවේ ආස්චර්යට.... ෆුල් ෆේස් දමාගෙන යා නොහැක.
බූරු පුත්තුන්ගේ බූරු වැඩ. ෆේස්බුක් එකෙත් මේ ගැන සංවාදයක් ගියා. විභාග වංචා නවත්වන්න ඕන නිසා විභාගයට සතියකට කලින් ටියුෂන් තහනම් කිරීම වගේම අමන තීරණයක් මේකත්.
ReplyDelete91 තිබුණු තත්වය නෙවෙයි දැන් තියෙන්නෙ. අනික ඔහොම බැලුවොත් ඔයිට කලින් තහනම් කරන්න ඕන මුස්ලිම් අයගෙ බුර්කාව.
ReplyDeleteමේ රටේ නීතිය කියන්නෙ, මිනිස්සු පෙළීමටම තියන දෙයක්ද මන්දා
මොටෝ බයික් වල යන උන්ට ෆුල් ෆේස් බෑ.. තම්බි ගෑණූ ඔක්කෝම මුණු විතරක් නෙමෙයි අත පහත් වයගෙන යන්නේ.. අතුලේ ඉන්නේ පිරිමියෙක්ද ගෑණියෙක්ද මොකෙක්ද දන්නේ නෑ..
ReplyDeleteමේක නං පුදුමාකාර මැටිමෝල් තීරණයක්. ඔබතුමාගේ මේ ලිපිය ලිපියට සබැඳියක් සමඟින් මගේ බ්ලොගයේ පල කලාට කමක් නැද්ද ?
ReplyDeleteකමක් නැත :D
Deleteයුද්ධෙ දරුණුවට යන කාලේ මුස්ලිම්, හමුදා බුද්ධි අංශ නිළධාරියෙක් උදේ ඉස්කෝල පටං ගන්න වෙලාවට කලින් බේස්ලයින් පාරෙ කලර් ලයිට් එකක් ගාවදි වෙඩි තියල මැරුවා... ෆුල් ෆේස් හෙල්මට් දාලා කලු පාට ජැකට් ඇඳලා හිටපු දෙන්නෙක් තමයි වෙඩි තිබ්බෙ...
ReplyDeleteඑදා, ඒ කාලෙදි තහනම් කරන්න මතක් නොවිච්ච එක දැන් මතක් වෙලා තියෙන්ෙන මොකද කියන එකයි තියෙන ලොකුම ප්‍රශ්නෙ... මිනිස්සුන්ට පිස්සු හැදුනට වඩා හපන් බල්ලන්ට හරකුන්ට පිස්සු හැදුනම....
කොටි කලබල කාලේ වෙච්ච බහුතරයක් බෝම්බ පිපිරීම් . වෙඩි තැබීම් කලේ ඔය හෙල්මට් දාගෙන. එතකොට ඔච්චර කල් මාල කැඩුවෙත් ඔය හෙල්මට් දාගෙන..
Deleteමං හිතන්නෙ කවුරු හරි ඇමති කෙනෙක් බාගෙ හෙල්මට් කන්ටේනර් ටිකක් අඩුවට ලංකාවට ගෙනත් ඇති..
දැන් හොරු යන්නේ ඩිපෙන්ඩර් වල බව මේ පොල් බූරුවන් නොදනී අනේ අපේ පොලෝසිය , ලංකා වට බුදු සරණයි .. මේ හරක් කවද හැදෙයිද මංදා....
Delete//මං හිතන්නෙ කවුරු හරි ඇමති කෙනෙක් බාගෙ හෙල්මට් කන්ටේනර් ටිකක් අඩුවට ලංකාවට ගෙනත් ඇති../// considerable point
Deleteමේ නීති ගේන උන්ට හරක්ට තරම්වත් මොළයක් තියෙනවද සැකයි බන්...
ReplyDeleteඅර ගෝනිබිලි ඇදුමවත්, ඒව ඇදගෙන කරන හොරකමුත් පේන්නෙ අපිට විතරද දන්නෑ. හෙල්මට් නීතියට විරුද්ද උනොත් රාජ ද්‍රෝහියෙක්. බුර්කාවට විරුද්ද උනොත් ජාතිවාදියෙක්. අනේ කාලේ වනේ වාසේ කිවලු
ReplyDeleteMacho... mama meka mage FB eke demma.... kamak ne neda?
ReplyDelete89 තදම කචල් කාලෙත් ඔය නීතිය ක්‍රියාත්මක කලා ආණ්ඩුවෙන්.ඒත් දැන් ඔය නීතිය මොන ඉලව්වකටද?
ReplyDeleteබලන් ගියාම නීතිය ඇත්තේ දුප්පතාටත්, අවංක මිනිහාටත් විතරයි
ඔබට මතකද අර කළු වීදුරු තහනම් නීතිය ප්‍රකාශයට පත් කරපු පොලිස් ලොක්කාත් ඔහුට ඒ නීතිය වලංගු නැති විදියට නීතිය වෙනස්කළා
මුන්ට ජන්දෙ දිපු අපිට පු** අරිනවනෙ
ReplyDeletethe foolish mahinda to our heads also
ReplyDeleteමේක නම් මහ ගොබ්බම ගොබ්බ තීරණයක් ඒත් කතා කරලා වැඩක් නෑ තව ටික දවසකින් කවුරු කවුරුත් පප්පා හෙල්මට් දාගෙන බයික් පදීවි ..ඕක දවස් හතකින් අමතක වෙයි ..
ReplyDeleteලංකාවෙ නීති ගැනනං කවර කතා ද.
ReplyDeleteමුන්ගේ හත්මුතු පරම්පරාවම ........දකින්න ඕන
ReplyDelete