රෝස මල් පොකුරු අරුමෝසම්ද අත දරා
වැලන්ටයින් කුමාරයා ඔන්න වඩිනවා
පාට කල කොපුල් තලවල සුවය සොය සොයා
ප්‍රේමවන්තයින් දිනකට ප්‍රේම කරනවා
සීතකල බොජුන් මන්දිරේ පාට පිරි සොදුරු සල්පිලේ
දවසේ පෙම්වතුන් පෙම වෙන්දේසි කරනවා
ගාන තෙල් සදූන් වරලස පීරමින් ඔමරි කෙරුවම
හැමෝටම හොරෙන් පඩිපත පහල බහිනවා
වීදියේ කොනක කරවෙන ප්ලාස්ටික් මලක කෙලවර
සමනලුන් වසා පෙම් පැනි බොන්න හදනවා
ආත්මෙක බැදුම මගහැර දිනක් පෙම්වතුන් වීමට
අපේ කාලයේ රොමියෝ පෙරුම් පුරනවා
වීදියේ කොනක කරවෙන ප්ලාස්ටික් මලක කෙලවර
සමනලුන් වසා පෙම් පැනි බොන්න හදනවා
ආත්මෙක බැදුම මගහැර දිනක් පෙම්වතුන් වීමට
අපේ කාලයේ රොමියෝ පෙරුම් පුරනවා
තිත්ත ඇත්ත
ReplyDelete:D
Deleteඅද ඉතින් හුඟක් තැන් වල වෙන්නේ ඕකනේ..
ReplyDeleteඑක එක අයගේ කැමත්තනේ
Deleteසුබ පැතුම් !!! අවුරුදු 5 ට
ReplyDeleteඔයාගෙ රැකෝඩ් නම් කඩන්න වෙන්නෙ නෑ
Deleteගණන් හදලාද හැම අවුරුද්දේම මෙහෙම 17 ගානේ පෝස්ට් දාන්නේ????
ReplyDelete:D භාරයක් ඔප්පු කරනවා .. අවුරුදු තුනක් ඕක ඉබේම උනා ඊට පස්සෙ හිතලම කොලා
Deleteසංවත්සරයට සුභ පැතුම් හර්ෂණ. තවත් දිගු කාලයක් ලියැවේවා!
ReplyDelete