Showing posts with label තනි හිත් සිත්තම. Show all posts
Showing posts with label තනි හිත් සිත්තම. Show all posts

Sunday, November 4, 2012

තනි හිත් සිත්තම



තරු වැල් පිපී ඈත අහසත් දීලී
මනරම් රෑගුම් පාන සිතුවිලි සිරී
එක්ටැම් ගෙයක් නොමැති පවුරින් බැදී
කුමරෙක් සොයන් එයිද කවදා මෙහි.

රැළි නගින මහ මුහුද නෑ තනිවෙලා
පෙම් කරන නෙක දෑත් ඇත පැටලිලා
වෙරලේ ඇදෙන පාද සලකුණු පවා
මැකිලා ගිහින් පුරුදු පාලුව තබා

වැහි වහින මහ අහස හිරු හංගලා
වියෑකි දුවයි කාලයත් ගතවෙලා
කවදාක හෝ කුමරු මෙහි ලංවෙලා
ගෙනයාවී එක්ටැම්ගෙයින් මුදවලා.




________________________________________________________________________________
Time in Sri Lanka: