පාන්දරින් වීදි පුරා හැඩ වැඩ උනු සමනලියන්
සුනීතලා දැක ආයෙත් අහක බලන්නේ
වීදි පුරා මල් වැටුනත් අහුලන්නට ඇයි තහනම්
සුනීතලා ගෙන යන කද බරද දැනෙන්නේ
මල්පෙතිවල පාට අරන් හැඩ වැඩ උන සමනළියන්
රන් කහවනු නැති හිත් ලඟ නෑ නවතින්නෙ
හීන වලින් ඇහැරුනදා මහ පාරේ තැන් තැන් වල
ප්‍රේම හීන අගු පිල් වල ඔහේ තෙමෙන්නේ
නොදැන නොවේ හීන දුරයි නෙලන්න බැරි දුරින් උසයි
හැමදාමත් ඒ හීනෙම ආයෙ දකින්නේ
තව්තිසාවෙ කෙලවර ඉඳ සුරංගනාවියන් නොදැක
සුනීතලා නැහැ ආයෙත් නිවන් දකින්නේ
_________________________________________________

