Showing posts with label පිස්සෙක්. Show all posts
Showing posts with label පිස්සෙක්. Show all posts

Thursday, July 26, 2012

"පිස්සෙක්"



වෙනදා වගේම
රේල් පාරේ කෙලවරක...
යන එන උන්ට හිනා වෙවී
උඹ උන්නා
වෙලාවකට ඇඩුවා .. කෑ ගැහුවා........
පන්සලේ මුල් පුටු..... නිල බෞද්ධයෝ
උඹව පහු කලේ බොහොම බයෙන්
බුදුන්ගේ කරුණාව
උන්ගේ බණ පොත් වලින් මග ඇරිල
වෙනදා වගේම හිතේ කහටක් නැතුව උඹ මට හිනා උනා
අඳුරගෙනද මන්දා හූවකුත් කිව්වා
"පිස්සෙක්" පාරේ ගිය උත්තමයෙක් කිව්වා
කව්ද... මන් ඒ උත්තමයගෙන් ඇහුවා
"තව එකෙක්"
උත්තමයා එහෙම කියලා නොපෙනි ගියා
මන් තවම කල්පනා කරනවා
කව්ද.... 
" පිස්සා "

_________________________________________________

Time in Sri Lanka: