Showing posts with label සියුමැලි නොවුනු කලුගල්. Show all posts
Showing posts with label සියුමැලි නොවුනු කලුගල්. Show all posts

Wednesday, February 29, 2012

සියුමැලි නොවුනු කලුගල්


සිතට නොදැනෙන ඇසට නොපෙනෙන
අපේ ජීවිත ගැන කතා
වාරු ඇති තුරු දෑත රැක ගයි
ජීවිතේ පණ නල සදා

ජීවිතේ නපුරුයි රුදුයි
එනමුත් තැවෙන්නේ නෑ සදා
අවුකනත් කලුගලකි
කැටයම් කර නොබින්දා නම් එදා

හිරුගේ උනුසුම පුරුදු හිස මත
දුක රැදෙන්නේ නෑ සදා
නුඹේ මැදුරෙත් මගේ කදුලිනි
බිත්ති බැදුනේ පෙර එදා


_____________________________________________________



Time in Sri Lanka: