Thursday, August 5, 2010

(නො)තේරුම

(නො)තේරුම

කප්පරක් පැතුම්
හීන කන්දක් පුරවගෙන
මහගෙදරත් උකස් කරලා
විස්ස විද්යාලේ යවපු ලොකු එකා
අත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්
පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලා
ගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේ
කවුන්ටරේ මැද්දෙන් තිබ්බ
උන්ගේ අම්මා
දෙස් තියන
අප්පච්චිට මෙහෙම කිව්වා
කෑ නොගහ හිටියනම්
මයෙ පුතාට දැන් හොදට පොස්ටෙර් අදින්න පුලුවන්

1 comment:

  1. අම්මලා ළමයින්ව විශ්වවිද්‍යාලෙ යවන්නෙ මොන තරම් බලාපොරොත්තු ඇතුවද? ඇතුළට ගිය ළමයින්ට ඉගෙන ගන්නවා ඇර වෙන කොයි තරම් වැඩ තියෙනවද? ඒකට වැරැද්දක් කියන්නත් බෑ. ඒ දේවල් ඔය කාලෙ එපායැ කරන්න. ඒත් අම්මලා ඒ දේවල් විඳ දරාගන්නෙ කොහොමද? පුතාට දැන් පුළුවන් දේවල් ගැන මෙහෙම ආඩම්බර වෙන අම්මලා මම දැකලා තියෙනවා; පුතාගෙ යාළුවො මෙහෙම අය, පුතා දැන් අඳින්නෙ මෙහෙම, පුතා කතා කරන්නෙ අපිට නොතේරෙන වචන... අම්මලා හැම එකටම ආඩම්බර වෙනවා.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: