Tuesday, November 22, 2011

අමා මහ නිවන්

අමා මහ නිවන් කෙලවර  පතාගෙන අපිත් හැමවිටඋනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවාකල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙනදකින දකින පන්සල් වල පව් හෝදනවා මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කලඅපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවාසැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත්  මරු සිරාටවැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වලබුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවාසිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්අපිට වැරදිලා කියලා අපිම දන්න...

Sunday, November 20, 2011

මාවතේ අපි

තනා ගත් පැල දිරා ගොස් ඇතමාවතේ අපි සොයමු ඉඩ කඩඋපන් මිනිසුන් මියෙන ලොව තුලමග බලාගෙන හිඳිනු කුමටද ලෙයින් උපනත් ලෙයම පෙවුනත්ලොවේ බැමි නැත තදට බැඳුනේමහා මන්දිර පුතුන් තැනුවත්මැදුර තුල නැත සෙවන ලැබුනේ නැගී එන හිරු ගිලී යන තුරුඉඳින් මැණිකේ මගේ තනියටමාවතේ මිය ඇදෙන දවසටයමුද මැණිකේ මගේ තන...

Friday, September 16, 2011

තනි මං

මහා කාන්තාරේ තනි පදුරක් වෙච්ච මං දිහාබලාගෙන උඹලා  මොන තරම් දේ කිව්වදමගේ උජාරුව.. මගේ ලොකුකම..මහා හුලඟත් එක්ක උඹලා කී පාරක්තනි මාව යට කරල දැම්මදඒත් උඹලා දන්නවනම් මම වැලි කැටයක් උනා නම් මේ යායම මගේ උන්ගෙන් පිරිලා කියලාමගෙ හිත හැමදාමත් කියන විත්...

Wednesday, August 17, 2011

වයමි මම බෙරේ...

උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේපරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේතැලුනු දෑඟිලින් දැනෙනා හැඟුම නැත සුවේතවත් මම කුමට වයමිද නුඹට බෙර පදේ නුඹට පුද කෙරුනු ලෝකය ගෙවී ඇත මගේඋරුම තනිකමට නුඹ නැත පිහිට හෙට දිනේමගේ පැල පමණි මන්දිර තැනී ඇත හිතේකුමට තනි රකිමි නුඹ ලග කිමද ඇති පලේ නුඹට පමනි හිස නැවුනේ දෙවොල තුල මගේදුදන සිත් දනන් හට නුඹ පුදනු මට පෙනේඋනුන් ලග දනින් වැදගෙන වයමි මම කෙසේකුමට නුඹ නමින් වයමිද හෙටත් මම බෙ...

Tuesday, August 16, 2011

බැඳි පෙම්

වැසුනු දොරකඩ බලා හිදිනෙමිසොදුරු මතකය සිතින් විදගෙනමැකුනු පත් ඉරු දැක හඩන්නෙමිලියු පදවැල් සිතින් සිහි කර නැගී බැස යන හිරුට නොපෙනෙනජීවිතේ දහසක් කතන්දරබැදෙන දෑගිලි වෙරළ අද්දරසයුරු රළකට මැකෙන ඉක්මන නිමක් නොපෙනෙන සිතුම් අතරෙකවෙලි පැටලී බැදී සිහිනෙකකාලයේ වැලි තලා මග හැර ඔහේ බැස යමු ඉතින් මුහ...

Thursday, August 11, 2011

උන්ද මිනිසුන්ය.

ජීවිතේ හරි පුදුමයි  හැමදාමත් වගේ පාර දිගට ඇහෙන දකින දෙවල් වලින් හිත පිරුනම ඒ බර හිතින් නිදහස් කරගන්න බ්ලොග් එක හොයාගෙන එන්න වෙනවා. නුවර මේ දවස් වල  හරිම කලබල  මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන කමක් නෑ නේ. පෙරහැර ,කානිවල් හවස් අතෙ ටවුමට යනවා කියන්නෙ සියදිවි හානි කරගන්නවා වගේ වැඩක්. කාලෙකට පස්සෙ රාජකාරි වැඩකට යන්ඩ උනා එලියට හරියටම ගිනි අව්වෙ 2ට විතර. පේරාදෙනිය පාරේ ගැටඹෙ හරියට එනකොට හරි තදබදේ මේ දව්ස් වල  ගැටඹේ පිට්ටනියේ තියනවා   කානිවල් එකක් .  වාහන අතරේ හෙමින් හෙමින් ආපු මං දැක්කා පිට්ටනිය අයිනෙ කානිවල් එකට එන්ඩ බලන්...

Sunday, July 3, 2011

අහන්න එපා

අහන්න එපා ආයෙමත් වැස්සක් නැතුවත් මොකටද කුඩ ඉහලගෙන කියලා ...................සදාචාරෙන් විලි වහගත්තහැදිච්ච කමට හැංගිලා බලනපිංවන්ත උඹලාගේ කටවල් වලින්  ආදරේ කරන්න තියන එකම තප්පරෙත්බණ අහන්න අකමැති න...

යුතුකම

මහත්වරුනේ හොඳින් බලාපන්..රට වෙනුවෙන් ගිනි බිඳි  ගතබලා සිට පලක් නැත හිස් සයුර දෙසහරවාපාන් මා අනික් පසටරට වනසන උන් දැක බිඳින්නට ග...

පිං කැටේ

අනේ තාත්තෙ කියහන්කො..අපි  පිං පෙට්ටියට දාන පඬුරුදෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා ඒත් එක්කම මට කියහන්කොසිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො..අපි දෙන සතෙන් සතේ එකතු කරනවදපිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ ...

Saturday, May 7, 2011

සිතක සිතුවිලි

මහා මන්දිර සඳලුතලවලනම්බුවේ ගුණ රුවේ ඔපයටහැදෙන වැඩෙනා අපේ උන් ගැනනොමැත තරහක් අපේ හිත් වල වදන් ගලපා කියන්නට බැහැනැගෙන කුසගිනි කතාවන් ගැනරජුන් බුදිනා බොජුන් හල් ළඟනොමැත උණු වෙන දයා සිත් ලොව කුලේ තිරිසන් උණත් හිතවත දැනේ අපටත් කුසේ හිස් බවනොතේරී නොව අහක බැලුවේබුදුන් වඳිනා බොහෝ සිත්...

අද්දර ජීවිත

මැඳුරු දොරකඩ පිලක ඉහිරෙනබත් පතක රස බලන හිතකටඋන්ගේ කරුමය කියනු වෙනුවටනැතිද ලෙංගතු වදන් හිත අගහිතක නිකැළැල් වේදනාවන්දකින තුරු බිඳ චේතනාවන්උන් ලගින අතු පැලක අහලින්වැඩ සිටීවිද දේවතාවන්පන්සලේ බණ මඩුව කොනකින්උන්ට ඉඩ නැති අරුම දකිමින්සරණ තිසරණ නොදැක රහසින්උන් දකීවිද නිවන් කෙලෙස...

අඳ නෙත්

කඳුළු කරදර නොමැති හිතකටසිනාසෙන්නට බැරි නිසාමල් පිපෙන ලොව සුවඳ උරුමවපැහැය නොපෙනෙන පව නිසාප්‍රේමයේ හැඩ නොදැක කිසි දිනඅසන සරදම් පෙම් කතාමලට ලං වෙන බමර හිත් වලනැහැ දකින්නේ පෙම් සිනාගමන නොනිමෙන මගක ඉඳ හිටහිතට ලං වෙන හිත් පවාඅඳුරු හිතකට පෙම් බඳින කලපළා යන්නේ හිරු ...

Monday, March 7, 2011

සංගිලි පාලම

ගල්තලාවට උඩින් යාන්තමට ඉර එළිය වැටිලා.ලොකු හාමුදුරුවෝ හෙමින් ඇස් ඇරියා.. භාවනාව හිතට සතුටක් උනත් නිවන තව කොයි තරම් දුරද? උන්නාන්සෙට එහෙම හිතුණා. හෙමින් හෙමින් ගල් තලාව පහළට බැහැපු ලොකු හාමුදුරුවෝ කවදත් පුරුදු පාත්තරේ අතට අරන් ආවාස ගේ පැත්තට ආවා... "නුවන් කොලුවෝ....." පන්සලෙන් එළියට බහින්න කලියෙන් නුවන් කොලුවට කියල යන්න ඕන.මේක මේ උදේ පාන්දර කොහේ ගියාද.... ඈත වෙල් යාය දිගේ නුවන් කොලුවා හති දාගෙන දුවගෙන එනවා යාන්තමට වැටිල තියන එළියෙන් පේනවා.බුලත් හෙප්පුව අතට ගත්තු හාමුදුරුවෝ බුලත් විටකට කළමනා එකතු කොරන්ඩ පටන් ගත්තා."අපේ හාමුදුරුවනේ... පිණ්ඩපාතේ...
Time in Sri Lanka: 12:03:27PM
Tuesday 01/04/25