Monday, March 7, 2011

සංගිලි පාලම

ගල්තලාවට උඩින් යාන්තමට ඉර එළිය වැටිලා.ලොකු හාමුදුරුවෝ හෙමින් ඇස් ඇරියා.. භාවනාව හිතට සතුටක් උනත් නිවන තව කොයි තරම් දුරද? උන්නාන්සෙට එහෙම හිතුණා. හෙමින් හෙමින් ගල් තලාව පහළට බැහැපු ලොකු හාමුදුරුවෝ කවදත් පුරුදු පාත්තරේ අතට අරන් ආවාස ගේ පැත්තට ආවා... "නුවන් කොලුවෝ....." පන්සලෙන් එළියට බහින්න කලියෙන් නුවන් කොලුවට කියල යන්න ඕන.මේක මේ උදේ පාන්දර කොහේ ගියාද.... ඈත වෙල් යාය දිගේ නුවන් කොලුවා හති දාගෙන දුවගෙන එනවා යාන්තමට වැටිල තියන එළියෙන් පේනවා.බුලත් හෙප්පුව අතට ගත්තු හාමුදුරුවෝ බුලත් විටකට කළමනා එකතු කොරන්ඩ පටන් ගත්තා."අපේ හාමුදුරුවනේ... පිණ්ඩපාතේ...

අනේ බන් සෙනසුරු

වෙද මාමගේ නළලේ රැළි ගානටසීයේ කොළ එකතු කරලාබුලත් කොළ මිටිය අස්සේ ගහලාදෙයි හාමුදුරුවන්ට දුන්නු පගාවේ බලෙන්කේන්දරේ පුරා කොටු පැන්නසෙනසුරා.... මෙල්ල වෙලා ලූ...අනේ බන් සෙනසුරු ජීවිතේ.. කාලෙකට මාව කොටු කරපු උඹමුළු ජීවිතේටම කොටු ගොඩකට කොටුවෙලා කියලා තාමත් උඹට නොතේරෙන හ...

දන්සැල

ගලනා නාද අත්පොලසන් හඬ මැද්දේමන්ත්‍රී දොඩයි දන්සැල් දොරකඩ මැද්දේසැමදා පිරෙන කුස් පුරවන මහ දානේබත් පත බෙදෙයි උතුමන් ලඟ කොත් පෑදේහිරකොට ගවුම් ඩෙනිමෙන් මුල් තැන පේලිපෝලිම දිවෙයි සැතපුම් කණු පෙළ යාවීපෝලිම කොණක වැට මුල්ලක ගත වේලීදුගියෙක් විකයි දත්මිටි සුවඳට ප...
Time in Sri Lanka: 02:31:14PM
Tuesday 01/04/25