Friday, September 16, 2011

තනි මං



මහා කාන්තාරේ තනි පදුරක් වෙච්ච මං දිහා
බලාගෙන උඹලා  මොන තරම් දේ කිව්වද
මගේ උජාරුව.. මගේ ලොකුකම..
මහා හුලඟත් එක්ක උඹලා කී පාරක්
තනි මාව යට කරල දැම්මද
ඒත් උඹලා දන්නවනම් 
මම වැලි කැටයක් උනා නම් 
මේ යායම මගේ උන්ගෙන් පිරිලා කියලා
මගෙ හිත හැමදාමත් කියන විත්තිය

4 comments:

  1. බාහිරින් බලන කෙනාට නොපෙනෙන දේ. :(

    ReplyDelete
  2. විඩාබර හිරු බැස
    අඳුර ගිලින වාතලේ
    තුසර බිදු ගෙන
    කෙසඟ පත් ඉරු
    කනාටු අතු ඉති
    පිරිමැද රකි සකි
    වෙහෙස නොකර මුල්
    නැති තෙත වැලි කතරක
    තනි වුවත්
    සරසා හරිතයෙන්
    බලන් විඩාබර වැලි කැට
    සෙවණ ලබන එ'යට
    වුනොත් මුතු කැට හෙට...

    ReplyDelete
  3. තෙරක් නොපෙනන කාන්තාරයේ පොළොව බදාගෙන හැදෙන පඳුරු විශේෂ වගේම ගස් ද දකින්න පුලුවන්. ඒවායෙහි පත්‍ර ප්‍රමාණයෙන් කුඩා, ඝනකමින් වැඩියි. මේවා දැක්ක මුල් වතාවේ මාව විසිවී ආපස්සට ගියේ උද්භිද විද්‍යා දේශනවලට; පරිසරය ජයගන්න හැඩගැහුන ඉරු පත්, උකු සාරයෙන් පිරි ගසේ තෙතමනය. මොනතරම් ඌෂ්ණාධික වුණත් ස්වභාවික කාන්තාර පරිසරය හිරු බැස ගියාට පසුව තෙතමනයක් ඇතිකරනවා, කඳු හා මුහුදු තිරයෙන් ඇතුළට වෙන්න පිහිටි ප්‍රදේශවල සීතලක් ද ඇතිවේ. කාන්තාර ආශ්‍රිත ශාක පත්‍ර හැඩගැහී ඇත්තේ ඒ තුෂර බිංදු ග්‍රහණය කරගෙන ඉන් ගසේ පැවැත්මට උවමනා ජලය සකසා ගන්න.

    කිසිම තෙතමනයක් නැති පොළොවට සමතලාවෙන්න වැටුණ වෙලාවට, රත්වූ වැලි තලයට වඩා ගිනි ගන්න තත්වයන්ට ඇදවැටුණ වෙලාවට මේ ගස් ගැන මතක් කරාම සැඩහිරු බැසගියාට පසුව ඇතිවන තෙතමනය හිතට දෙන්නේ බලාපොරොත්තුවක්. අනෙක් ගස් වලින් වගේ මුල (ජල ) සැපයුමක් කරන්න සමත් නොවුණත් (නැති දේ සපයන්නේ කොහොමද?) මේ කර්කශ පොළොවේ ගිනි පිඹීන මාරුතයේ නොවැටී ඉන්න ලබාදෙන සවිය විතරක් ප්‍රමාණවත් නොවේද?

    සොබාදහම සුන්දරයි.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: