Sunday, November 20, 2011

මාවතේ අපි




තනා ගත් පැල දිරා ගොස් ඇත
මාවතේ අපි සොයමු ඉඩ කඩ
උපන් මිනිසුන් මියෙන ලොව තුල
මග බලාගෙන හිඳිනු කුමටද

ලෙයින් උපනත් ලෙයම පෙවුනත්
ලොවේ බැමි නැත තදට බැඳුනේ
මහා මන්දිර පුතුන් තැනුවත්
මැදුර තුල නැත සෙවන ලැබුනේ

නැගී එන හිරු ගිලී යන තුරු
ඉඳින් මැණිකේ මගේ තනියට
මාවතේ මිය ඇදෙන දවසට
යමුද මැණිකේ මගේ තනියට

3 comments:

  1. කූඩුවෙන් ඉඟිළ ගිය පැටවුන්ගේ ලෝකයට
    වාරු නැත අප දෙදෙන කෙලෙස පියඹා යමුද
    දිවි ගමන පුරාවට දුක් සුසුම් අත් නොහැර
    දිරි දුන්නේ නුඹේ පෙම විතරමයි හැමදාම

    වාරුවක් වේවි මට මහළු වුව නුඹේ පෙම
    තවත් එක් දිනක් හෝ රැකගන්න හුස්ම පොද
    බියක් නෑ නුඹ තුරුලෙ මියැදෙන්න හෙට දිනක
    සිටින තුරු නුඹේ ලඟ සැපය මට මහ මගද

    ReplyDelete
  2. අත්තටු ලැබූ එවුන්
    ඉඟිල ගියාට කම්නැත
    නුඹේ සෙනෙහස අරුමකි
    මගේ මැණිකේ

    රුදුරු ලොව නුඹ
    නුඹේ සුසුම් පොද
    සතපාලන්නට මා ඉන්නම්
    මගේ මැණිකේ

    ReplyDelete
  3. ජීවන කතරේ ඇවිද
    වියපත් දෙපා දුබල
    සැඳෑ අහසේ අඳුර
    ගිලගනු ඇත නොදුර
    තනි කරන්නේ කෝමද
    හිමියනි සමු දී

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: