Tuesday, November 22, 2011

අමා මහ නිවන්



අමා මහ නිවන් කෙලවර  පතාගෙන අපිත් හැමවිට
උනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවා
කල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙන
දකින දකින පන්සල් වල පව් හෝදනවා

මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කල
අපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවා
සැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත්  මරු සිරාට
වැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා

අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වල
බුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවා
සිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්
අපිට වැරදිලා කියලා අපිම දන්නවා

3 comments:

  1. සහතික ඇත්ත.

    ReplyDelete
  2. දකින්නට නැතත් බුදු වරු..අන්න බලාපං කොළඹත්..
    සක්කුරුදා උන ඇත්තෙක් බණ විකුණනවා..
    බලං ඔහොම ඉන්නෙ නැතිව..උඹත් ගිහින් හනි හනිකට..
    නිවන් යන්ට කෙටි පාරක් සෙවුම වටිනවා..

    ReplyDelete
  3. අනේ මාරයෝ දැනගන් සක්කුරුදා උන ඇත්තා
    හැටට හැටේ හෙට අනිද්දා නිවන් දකිනවා
    කොලඹ හතේ මහ මැදුරේ කල පින් කද රැස් කරගෙන
    ඒ ඇත්තො රහත් වෙයිද කියලා හිතෙනවා..

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: