Monday, December 31, 2012

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා

ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය, සතුට පිරි නව වසරක් වේවා!!!&nbs...

Thursday, December 20, 2012

ප්‍රේම හීන

පාන්දරින් වීදි පුරා හැඩ වැඩ උනු සමනලියන්  සුනීතලා දැක ආයෙත් අහක බලන්නේ වීදි පුරා මල් වැටුනත් අහුලන්නට ඇයි තහනම් සුනීතලා ගෙන යන කද බරද දැනෙන්නේ මල්පෙතිවල පාට අරන් හැඩ වැඩ උන සමනළියන් රන් කහවනු නැති හිත් ලඟ නෑ නවතින්නෙ හීන වලින් ඇහැරුනදා  මහ පාරේ තැන් තැන් වල ප්‍රේම හීන අගු පිල් වල ඔහේ තෙමෙන්නේ නොදැන නොවේ හීන දුරයි නෙලන්න බැරි දුරින් උසයි හැමදාමත් ඒ හීනෙම ආයෙ  දකින්නේ තව්තිසාවෙ කෙලවර ඉඳ සුරංගනාවියන් නොදැක සුනීතලා නැහැ ආයෙත් නිවන් දකින්නේ _________________________________________________ ...

Saturday, December 1, 2012

මිනීමරුවා..

                                               සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ  විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි. " කෙහෙම්මල " වාහන තදබදය කෙරෙහි වූ කෝපයෙන්  ඉන්ද්‍රනාථ සෙමින් මුමුනයි. " කෙහෙම්.....මල " යාබද අසුනේ සිගිත්තා තාලයකට එවදනම මුමුනයි. ඉන්ද්‍රනාථගේ මුහුනට සිනාවක් නැගේ.. " මගෙ පැටියා බය නැතුව ඉන්නකෝ මං වෙලාවට ඉස්කෝලෙට එක්ක...

Tuesday, November 20, 2012

ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන් .. අකාල ඉඩෝරයට බට මල් වැස්ස

ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන් ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා.. හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ..... හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ..... නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රජයන තොල් පෙති කල් පලදාලන ආදරයද මේ..... නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..... කිසිදාක මහලු නොවන ඒ අව්‍යාජ ස්වරයෙන්.. හදවතටම දැනෙන්නට  මගේ වීරයා නැවත ගයයි.. ...

Wednesday, November 14, 2012

වැව රවුම

වළා බැම්මට... ඉවුරෙ ගසකටකියනු හැකිනම් පෙර දවස් ගැනමැරුනු ඉපදුනු පෙම් කතන්දරඋන් කියාවිද දැන් මතක් කරබංකු පොඩියට වද දිදි උන්ඒ දවස් වල කිව් කතන්දරඇවිද යද්දි දැන් මතක් කර දෙන්න හැකිදෝකනට ලංකර ___________________________________________________ ...

Sunday, November 4, 2012

තනි හිත් සිත්තම

තරු වැල් පිපී ඈත අහසත් දීලී මනරම් රෑගුම් පාන සිතුවිලි සිරීඑක්ටැම් ගෙයක් නොමැති පවුරින් බැදී කුමරෙක් සොයන් එයිද කවදා මෙහි. රැළි නගින මහ මුහුද නෑ තනිවෙලාපෙම් කරන නෙක දෑත් ඇත පැටලිලාවෙරලේ ඇදෙන පාද සලකුණු පවාමැකිලා ගිහින් පුරුදු පාලුව තබා වැහි වහින මහ අහස හිරු හංගලා වියෑකි දුවයි කාලයත් ගතවෙලාකවදාක හෝ කුමරු මෙහි ලංවෙලාගෙනයාවී එක්ටැම්ගෙයින් මුදවලා. _______________________________________________________________________________...

Saturday, September 29, 2012

නිරුත්තර

                                  හැතැම්මයකට වඩා දුර නැති ඉර හිස්මුදුනේ  තබා ගෙන කාර්යාලයෙන්  එලියට බැසගත් මම සුපුරුදු මාවත ඔස්සේ ඉදිරියට ඇදුනෙමි.  නවතා ඇති රිය පෙල පසුකරමින් මුර කුටිය අසලට ඇදුනු මම මදක් නැවතී  යමක් සිහිකලෙමි. බයිසිකලේ යනවද පයින්ම යනවද..  මම මගෙන්ම අසාගත් ප්‍රශ්නයට. පිලිතුරක් නොමැති වූ තැන මම පයින්ම ගමන යන්නට තීරනය කොට මුර කුටිය අද්දරින් එලියට ඇදුනෙමි. " කොහෙද අප්පේ මේ ගිනි මද්දහනේ යන්නේ " මුරකුටිය ඇතුලෙ සිකුරිටි...

Wednesday, September 12, 2012

ඒ අපේ කෙනෙක්

                          ගොම්මන මැද්දෙන් ඇදී එන තුන් රෝද රියක එලියෙන් මග සටහන් කරගන්නා සිරිසෝම අඳුරේම නිවස කරා පියනගයි. ගෙවුනු වසර ගනනාවක් පුරා සේවය නිමවී මෙලෙසින්ම නිවස කරා ඇදෙන සිරිසෝමගේ සිත අද සතුටින් ඉපිලී ඇත.නගර සභා සුලු සේවකයකු වූ සිරිසෝම වසර ගනනාවකට පසු තම සේවා දිවිය පිලිබඳ සතුටින් ඉපිලෙමින් නිවස කරා ඇදෙන්නේ දහවල සිදුවූ සියල්ල සිරියාවතී හමුවේ කියාගන්නා තුරු නොයිවසිල්ලෙනි. කදුගැටය අද්දරින් පහලට බැසගත් සිරිසෝම  රතුමුදලාලිගේ කඩය දෙස හොරැහින් බලමින්ම පල්ලම් බසී ...

Thursday, July 26, 2012

"පිස්සෙක්"

වෙනදා වගේම රේල් පාරේ කෙලවරක... යන එන උන්ට හිනා වෙවී උඹ උන්නා වෙලාවකට ඇඩුවා .. කෑ ගැහුවා........ පන්සලේ මුල් පුටු..... නිල බෞද්ධයෝ උඹව පහු කලේ බොහොම බයෙන් බුදුන්ගේ කරුණාව උන්ගේ බණ පොත් වලින් මග ඇරිල වෙනදා වගේම හිතේ කහටක් නැතුව උඹ මට හිනා උනා අඳුරගෙනද මන්දා හූවකුත් කිව්වා "පිස්සෙක්" පාරේ ගිය උත්තමයෙක් කිව්වා කව්ද... මන් ඒ උත්තමයගෙන් ඇහුවා "තව එකෙක්" උත්තමයා එහෙම කියලා නොපෙනි ගියා මන් තවම කල්පනා කරනවා කව්ද....  " පිස්සා " _________________________________________________ ...

Friday, May 18, 2012

නන්දිකඩාල්

                                    ඒ .. මීට අවුරුදු කිහිපයකට කලින් දිනයකි.  උදේ සිටම  යම් කසු කුසුවක් පැතිර යමින් සිටි නිසාදෝ.  ඒදා තිබූ පන්තියෙන්ද කලින් පැනගත් මම මිතුරෙකුත් සමග  නිවෙස බලා එන්නට පිටත් උනෙමි.. කටුගස්තොට පාලම පසු කොට ටික දුරක් ඉදිරියට ධාවනය වූ බස් රිය යම් තදබදයකට අසූ වූ බවක් පෙනුනි.  ඒ සමඟම මහා හඩ දෙමින්  රතිඤ්ඤා වැලක්  පුපුරන්නට විය. තවත් ඉවසන්නට හැකියාවක් නොමැති වූ මම වහා දුරකථනය ගෙන  නිවස...

Saturday, May 5, 2012

අවුරුදු..

                                   ඉර හැරෙන්නට තව බොහෝ වේලාවක් නැත. වැස්සක පෙරනිමිති පෙනෙන්නට  ඇති නිසාදෝ   පය ඉක්මන් කර දිව යන්නන්ගෙන් නගරය පිරී ඇත. වීදිය කෙලවරක නැවතුනු සැප රියේ තොරතෝංචියක් නොමැතිව දොඩමලු වෙන පොඩි එකෙකි. පොඩි එකාගේ මව ඔහු අසනා සෑම ප්‍රශ්නයකට කුමක් හෝ කියා ඔහු සනසවන්නට වෙරදරයි. " අම්මේ ඇයි අම්මේ අර මාමා බෑග් එකක් අරන් දුවන්නේ " ඇස් දෙකද කටද එකසේ ඇරගත් පොඩිත්තා අම්මාගෙන් විමසයි. " ඒ මාමා ගෙදරට කෑම ගෙනියනවනේ...
Time in Sri Lanka: 03:18:30AM
Wednesday 02/04/25