Friday, July 26, 2013

මින් පසු පිටසක්වල එලී ලංකාවේදි දැකිය නොහැක





Ex-Alain නංගි ගේ සිංදුව ඇහුවෙ නම් ගොඩක් දවසකට කලින්. මොන පයන්නක්ද කියලා හිතුනත් පොඩි එකීගෙ ආසාවනේ කියලා හිත හදාගත්තා. අපිත් ඉස්කෝලෙ ගිය කාලෙ විතරක් නෙවෙ අදටත් තියන ලොකුම උන තමයි ඔය සින්දු පිස්සුව එහෙව් එකේ මේ පොඩි කෙලීටත් ඕක නැතෑ කියලා එදා හිතුනා.. දෙතුන් දෙනෙක්ටම මම කිව්වා ඕකෙන් වැඩිය ආතල් ගන්ට එපාය. ඔයිට වඩා අජපල් වැඩ මේ ශ්‍රි ලංකාවෙ වෙනවා කියලා..

සහතිකෙන්ම අද වෙනකම් මම හිතන් උන්නෙ මේ කෙල්ල බොහොම හිතේ අමාරුවෙන් ඇති කියලා....

අම්මට හුඩු අදනේ සුදු නංගිගේ රේඩියෝ ඉන්ටවිව් එක ඇහුවේ..

අවංකවම කියනවනම් සිංදුවෙ ඇහිච්ච ඉංගිරිස් වචන තරම්වත් මට නගා සිංහලෙන් කොටාපු අන්ඩර දෙමල ටික තෙරුනේ නෑ. නංගි කතා කරන්නෙ ජිල් බොලයක් හක්කෙ තද කොරන්ද මන්දා.. අතරින් පතර මෙන්න මේ ටික විතරක් තෙරුනා..

නංගි නවල් එකක් ලියනවලු...

නංගි ලංකාවෙ කලාවෙ නව නැම්මක්ද නමන්න හදනවලු.. එ කිව්වෙ වෙනසක්

නංගි ලෝයර් කෙනෙක් වෙන්ඩ යනවලු

එතකොට ලංකාවෙ උන්ට වෙනසක් ආවම එක දරාගන්න බාරගන්න බැරිලු.

නංගිට පොලිටික්ස් පැත්තෙන් ගිහින් ලොකේ වෙනස් කරන්ඩ ඕනලු..

හරී .. ඕවගෙන් නගා ලෝයර් කෙනෙක් වෙනවා.. පොලිටීශියන් කෙනෙක් වෙනවා එක වගේ අනාගත අරමුනු ගැන සන්තෝස වෙනවා.

ඒත් .... නගා කිව්වා අනිත් ඒවා ගැන පැයක් විතර කල්පනා කොලත් නිකං හෝන්දු මාන්දු වෙලා වගේ. නගා කිව්වෙ ගීතය ලිව්වෙ නගා ලියන නවල් එකෙන් අරන්  මේකට දාල ඒකෙන් අරන් තව කොහෙටද දාල මොන මොනවදෝ කරලා කියලනේ. අනේ ඔය වගේම අපේ අම්මා සුප් හදනවා නගා..

අනේ මන්දා නගා මට ඒ කාලෙ ඉදලම තේරෙන්නෙ නැති එක දෙයක් තියනවා. අපේ කලාවෙ පොරවල්ය කියලා කියන ඇත්තොයි උන්ගෙ පාර දිගේ යන උනුයි හැමදාම අපේ කලාවෙ නැම්ම නවන්න හැදුවෙ අහල පහල රටවලින් කොපි කරගත්තු හරි ගෙඩි පිටින් උස්සගෙන ආපු හරි දේවල් වලින්. සරස්වතී දේවිට වැදලා සිංදු අහන්න පුරුදු වෙච්ච රටක උන්ට ගංජා ගහලා සිංදු කියන උන්ගෙන් කොපි කරපුවා ගෙනත් නැම්ම නවන්ඩ හදනවා. නගා ඔයා ඔය නැම්ම නවන්ඩ වියදම් කරපු වියදම  ඔයාගෙ මහන්සිය වගේ නෙවෙ. කවදා හරි ඔය නැම්ම කෙලින් කරන්ඩ ගිය දවසට  කැටපිලර් අලි ඇත්තු දාලවත් ඕක කෙලින් කරගන්ඩ වෙන් නෑ.. නගා

ලංකාවෙ උපන්න එකෙක් උනාම ඇයි නගා නවාගන්ඩ ඕන තරම් නැවිලි අපෙ රටේ සංගිතයේ තියෙද්දි  වෙන රටවල ඒවා ගෙනත් අපේ රටේ කාලාවෙ නැමි නවන්ඩ යන්නේ..

නිකමට කල්පනා කරලා බලහන් නගා මයිකල් ජැක්සන් , එල්ටන් ජෝන් , බොබ් මාලෙලත් ඔය නැවිල්ල නැව්වා. හැබැයි උන්ගේ රටේ උන්ගේ සංස්කෘතියෙ. අහන දකින දෙවල් එක්ක. ඒ රටෙ මිනිස්සු එක බාරගත්තෙ උන්ට ඒක අහලා දැකලා හුරු හින්දා එහෙම නැතුව

මයිකල් ජැක්සන්

" හොයි රයිරේ.. හොයිරාමා කොල මැඩපාන්........ " කියල හරි

බොබ් මාලේ

" ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට "

කියලා හරි උන්ගේ රටේ ඔය නැවිල්ල නවන්ඩ ගියානම් උන්ටත් වෙන්නේ අද ඔයාට වෙච්ච විදියට පට්ට කුජිත වෙන්ඩ නේද. ඔක්කොටම කලින් දෙයක් කරන්ඩ යනකොට පයගහලා ඉන්නේ මොන තැනද කියලා බලල. මෙතෙන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා හිතලා බලල දෙයක් කරපන් නගා.
මෙව්වට උබ විතරක් වැරදි නෑ උබ හැසිරෙන කතා බහ කරන හැටියෙන් මටනම් තෙරෙන්න පැය ගහලා ඉන්නෙ මෙ රටේ උනත් උබ ජිවත් වෙන්නෙ වෙන රටක වෙන ලෝකෙක කියලා. පැය 24 ඉන්ටනෙට් එකෙ හිටියත් නගා මේ ලංකාවෙ ඉන්න බහුතරයක් උබ ඔය පය ගහලා ඉන්න ලෝකෙට බොහොම පහල පඩිපෙල් වල ඉන්න උන් ඉන්න රටක්. උඩම පඩියෙ ඉදන් උබ අපිට මැනික් පෙන්නුවත් යට ඉන්න උන්ට ඕක පෙන්නෙ බල්බ් වගේ.

තවත් දෙයක් කියනවනම් නගාගෙ කකුලෙන් ඇදලා පහලට දාන කතාවක් කිව්වනේ.. ඒකනම් ඉතිං මට තාමත් හරියට තෙරුමක් නෑ.. හැබෙයි නගා මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ සංගීත කන්ඩයමේ හිටියා.. අපේ ඉස්කෝලෙ තිබ්බ එක එක අට පට්ටලම් වලට දවස් ගනන් නටලා කෑ ගහලා අපිත් සින්දු කියන්ඩ ලෑස්ති උනා. මොන මොන වැඩ්ඩෝ උනත් නගා ඒ දවසට අපේ උගුර බැරෙන්ඩි වෙලා හරි ලාවට හෙම්බිරිස්සාවක් හැදිලා හරි තිබ්බනම්. අපෙ මැඩම් අපිව හරි අගේට ඉස්ටේජ් එකෙන් බස්සලා පැත්තකින් තිබ්බා.. එහෙම නැතුව අරුන් අස්සටම දාල අපිටත් සින්දු කියවලා ඒක අලුත් නැම්මක් එහෙම නැත්තං ලෝ පිච් මැද අමුතු පිච් එකක් යනකොට හරි ගතියයි කියලා හරි අපිවත් අර ගොඩට දැම්මනම් අපිටත් කලාවෙ නැම්මෙ ඇද ඇරගන්න තිබ්බා නගා. ඒ අතරෙම අපි ඔය පන්ති කාමරේ සර් කෙනෙක් නැති දවසට ආතල් එකේ සින්දුවක් එහෙම කියනකොට උපන්තෙකට තාලෙට හුවක් වත් කියන්න බැරි උනුත් අපිත් එක්ක සින්දු කිව්වා නගා හැබැයි ටික වෙලාවකින් ඌ කට වහගෙන මෙසෙට තට්ටු දාන්න පටන් ගන්නවා ඒකවත් කරගන්න බැරිනම් ඌ සින්දුව අහන් ඉන්න පටන් ගත්තා.. තමුන් ගැන තමුන් තෙරුම් ගන්නවා කියන්නෙ ඒකයි නගා,, සමහර විට ඌ දිගටම සින්දු කිව්වනම් අපි සිංදු කියන එක නවත්තන්න හරි ඌට ඉස්පිරිතාලෙ යන්ට හරි දෙකෙන් එකක් වෙන්ට තිබ්බා. ඒත් උන් නම් යස අගෙට තැනට ගැලපෙන්ට ඉගනගත්තා.

දැන් බලහන් නගා සින්දුව මෙලඩි කරපු එකා දන් නෑ කරපු ස්ටැයිල් එක, ඒක ඌටත් තාම ශුවර් නෑ.  මෙක අහපු උන්ට තාම ශුවර් නෑ උන් මොනවා හරි ඇහුවද කියන එක. ඒ ඔක්කොමත් හරි කියමුකෝ එ ඔක්කොම බලන් ඉද්දි උබ කියවන ඒවා අහපුවම අපිට මොකුත්ම මතක නෑ.. 

නගා ඕනම දේකට කැමති වෙන හා අකමෙති වෙන දෙකොටසක් ඉන්නවා එක පොදු දෙයක් එත් බහුතර මතය එක පැත්තකට ඇදෙනවනම් එතන මොකක් නමුත් ගත යුතු දෙයක් තියනවා. එහෙම වෙද්දිද් ඔයා පොර ටෝක් දීගෙන යන එකෙන් වෙන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙන්න තාම වයසක් ඔයාට නෑ.. මට තියෙන ප්‍රශ්නෙ ඔයාගෙ අම්මලා තාත්තල හා වගකිව යුතු වයසක ඉන්න උනුත් මොකක්ද මේ කරන්නෙ කියන එක.  සමාජේ ජිවත් වෙනකොට එතනින් එහාට යන්න මිනිස්සු එක එක පාරවල් කපා ගන්නවා ඒත් නගා ඔයා ඒ පාර කපාගන්න අතට අරන් තියෙන්නෙ උදැල්ලක්  නෙවෙ උදලු මිටක්. 


උබේ හිතේ තියන හයිය හරි ව්දියට පාවිච්චි කරහන් නගා එදාට උබ ගොඩ
කොහොම කොහොම හරි නගා ඉදලා හිටලා හරි පාත් වෙලා ගියපු පිටසක්වල යානා ටික මීට පස්සෙනම් ජිවිතේට ආයෙ මේ සිරි ලංකාවෙ දකිනවා බොරු.






නගාගේ ඉන්ටවිව් එක






නගාගේ සිංදුව


 

 

15 comments:

  1. අයියා , මමත් ඔය ගැන ලිව්වා. හැබැයි මම ලියනකොට සින්දුව විතරයි ප්ලේ කළේ.
    මම ඉන්ට්‍රවීව් එක ඇහුවේ දැක්කේ. :D මේ ළමයා ගැන මටනම් දුකක් හිතෙනවා. මොකද මෙයා පොලවේ පය ගහලද නෙමෙයිද ඉන්නේ කියලා. මම කතා කලේ එයාගේ පැත්ත අරගෙන එයාට අනිත් අය අදහස් දක්වපු විදිය ගැන.
    හැබැයි මෙයා දෙන පොර ටෝක් වලට වමනේ යනවා නොවෑ..
    අවුරුදු 15 නේ.. මට අවුරුදු 3ක් බාලයි. ඔන්න ඔහේ සුටි පැටික්කියක් කියලා ඉමු.
    ආයෙමත් කියනවා. You tube එකේ එයාට වරද්ද පෙන්නපු කැත විදියේ තමයි වැරැද්ද තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ උන් ඉස්සරහ වැඩක් වන කරගන්නවා කියන්නෙ එතනින් එහාට කතාව හරි ශෝචනීයයි බං, යූ ටුයුබ් එකේ කොමෙන්ට් ගැන නම් කියන්න තියෙන්නෙ එතන ඉන්න බහුතරයක් මානසික ලෙඩ්ඩු කියන එක. මේ කෙල්ල දොට්ට පිලට යන්නවත් ගෙදරින් එලියකට බැහෙලා තිබ්බනම් ලංකාවෙ ඉන්නෙ මොක්කුද මොන වගෙ උන්ද කියලා තේරුම් ගනී . එහෙනම් කීයටවත් මේකි ඔහොම වැඩක් කරන් නෑ...

      Delete
    2. අනිවා. එකෙන් ගම්‍ය වෙන්නේ එකී ලෝකේ ගැන මුකුත්ම නොදන්නවා කියන එක තමයි. හැබැයි කෙල්ල පණ්ඩිතයි. ඔය කාලේ මමත් ඔහොමමයි. මුකුත්ම නොදන්නවා උනාට හැමදේම දන්නවා වගේ උන්නේ. හැබැයි වරදෙනවා අඩුයි. මෙයාටත් එහෙම්ම නොවේවා කියා පතමි.

      අවුරුදු 18ක් උනා මට. මම තාමත් බාත් රූම් සිංගර්. හැබැයි එයා අවුරුදු 15ක් වෙලා එයාගේ අරමුණට රටක් හිනස්සලා හරි ගියා. ඒ අතින් බලද්දී අපි මුක්කු ද ?

      Delete
  2. කිවුවත් වගෙ දොට්ට පිලට යන්න හරි එලියට බෑහෑල තිබුන නම් මෙ වගෙ අම්න මරි මොඩ වෑඩක් කරයිද

    ReplyDelete
  3. පිස්සුද බං.. මං නං ඇත්තටම ගිහින් කමෙන්ට් ටික බලලා ටිකක් හිනාවෙලා ආවා මිසක් සින්දුව වැඩි වෙලා අහන්න බයිට් වියදම් කළේ නෑ... පළවෙනි විනාඩියෙන්ම මට ඇති උනා... මේ වගේ ඒව ලියන කාලෙත් අපරාදේ... කාලෙන් කාලෙට ඔය වගේ පිස්සු මරගාත එක රැයින් අපි වෙලා පැය ගානෙන් බැහැලා ගිහින් තියෙනවා... ඒත් ‌මේක නං අන්තිමයි කියලා තමයි කියන්න වෙන්නෙ.. අර පිටරටවල ඉන්නේ බං “ ඔස්ට්‍රේලියාවෙන් ආපු කන්ට්‍රි සෝන්ග්ස් කියන, අයිරිෂ් බෑන්ඩ් එකේ රැප් වෝකල් එකක් කියන ඒෂියන් ගර්ල්” කියලා සෙලිබ්‍රිටි වෙන ජාතියෙ උන්... අන්න ඒ වගේ වෙන්න දඟලන අය මේ...

    ReplyDelete
  4. මේ ගැන දැන් බේලොග් සටහනුත් වැහි වැහැලනේ.. වෙනස්ම සටහනක් ලියල තිබුණා උඩින් ඇවිත් ඉන්න බෙනා මලයත්...හික්ස්....

    ReplyDelete
    Replies
    1. නලීන් අංකල් ( හික්ස් ) මේ.. ඔයත් පත්තර කන්තෝරුවේ ඉඳන් ලියනවා කෝ මොකාක් හරි මෙව්වා එකක්.. හැබැයි ඒ ළමයා මාර විදියට ප්‍රමෝට් උණා නොවෑ..
      අපිට තමයි එහෙමත් බැරි.

      Delete
  5. මේ කෙල්ල මේක හදලා සද්ද නැතුව හිටියා. ඒක ඒ කෙල්ලගෙ කැමත්ත. අද සල්ලි තියෙන හැම එකාම ඔය වගේ ඒවා ටී වී චැනල් වලත් දානවනේ. පිටරට තියෙනවා කිඩ් සෝන්ග්ස් කියලා ගී කලාවක්. මේක වැටෙන්නේ ඒ ඝනයට. හේතුව 18 පහළ අය ලංකාවේ ගනන් ගන්නේ කිඩ්ස්ලා හැටියට.

    එහෙම පැත්තක තිබුන ගීතය අරගෙන, ඒකට නිග්‍රහ කරන අයගේ මානසිකත්වය හරිම නින්දා සහගතයි. එකක් අපේ උන් ඉන්ගිරිසි සින්දු අහන්නේ නැති එක. අනික එක්ස්ට්‍රීම් ක්‍රිටිසිසම් කියන එකට යන එක.

    මම නම් මේ ගීයේවත් කටහඬේවත් වරදක් දකින්නේ නෑ. මේක විවේචනය කරපු අයගෙන මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. කරුණා කරලා ආෂා බෝස්ලේගේ ගීයක් අහන්න කියලා. බී ඇස් ලත් එක්ක කියන සිංදුවක් තියෙනවනේ. ඒක ලව් සෝන්ග් එකක්. ඒක ඇහුවමත් මට මේ වගේ නරුම සිතිවිලි එනවා. ඒත් ඒ ගීයෙත් මොකක්දෝ ර්සයක් තියෙනවා.

    හැබයි හොඳ ක්‍රියේටිව් ක්ටිසිසම් ටිකකුත් දැක්ක. අර පැල් රකින ගොවියගෙ පුතාගේ කොමෙන්ට් එක වගේ ඒවා.

    ReplyDelete
    Replies
    1. මචෝ සුද්දො අහනවලු මේ බාසාව මොකක්ද අහලා?

      Delete
  6. දෙමාපියෝ එකතුවෙලා කෙල්ලව සංගීතය ඉගෙනගන්න යැව්වානම් හොඳයි.ඇත්තටම කියන්නේ .අපිටත් ලමයි ඉන්නවනේ.කැත කොමෙන්ට්ස් දාන එකනම් හොඳ මදි.දෙමව්පියන්ටත් දුක හිතෙනවානේ.

    ReplyDelete
  7. ඇත්තටම මට තේරුමක් නෑ.මොනවද මේ කියල.ඇයි අපි අැහුවෙWHY THIS COLAWARY
    මේත් එක උත්සාහයක් නේද???????????????????????????????????????????????

    ReplyDelete
  8. මෙ සින්දුවෙ තියෙන එකම අවුල එඅක අපිට නොගෑලපෙන එක විතරමයි.මෙ කෙල්ලට හරියට අපෙ රටට ගෑලපෙන්න උගන්නල ගත්ත නම් සෑඅහෙන්න ඉදිරියට යයි.මට නම් තෙරෙන්නෙ නෑඅ සහොදරය , මෙ කෙල්ලගෙ අම්ම තාත්ත කිසි හෙවිල්ලක් බෑලිල්ලක් නෑතිව ඇති.යුටියුබ් එකෙ නන් ඔය කෙල්ලව ඉවර කරල තිබුනෙ.පව් ඉටින් රෙද්දක් අදන් පාරටවත් බහින්නෙ කොහොමද...

    ReplyDelete
  9. නංගිට තාම 15යිලු.. හැබැ වෙනසක් කරයි 17 18 වෙද්දි.

    ReplyDelete
  10. ඇත්තේනම් මේ ගීතයේ අපට දැනෙන රසයක් නම් නැහැ තමයි. වචන තේරුම් ගන්නත් අමාරුයි , එතැනදි ශෛලිය වගේම යොදාගත් තාක්ෂණයත් නිවැරදි මට්ටමේ තිබුණාද සැකයක් එනවා .

    කෙසේ වෙතත් මෙවන් , අපට කිසිම දෙයක් නොතේරෙන ගීත ගීයක් ලෝකයේ ප්‍රසිද්ධම ගී බවට පත්වුනාද ? PSY වුනත් ලෝකයේ ජනප්‍රිය වෙත්දි එහි තේරුම දැන ගෙන හිටියේ කීදෙනාද ? ..ඒත් වාසනාවට ඒ ගීත වල වැඩි දෙනෙක් රිසි රිද්මයක් වත් තිබුණා .
    මේ දරුවගේ නිර්මාණ උත්සාහය තුල ඒ රිද්මය අපට නොදැනුනා වෙන්නට පුළුවන් . එසේ වු පමණින් , එය අසාර්ථකයි කියමින් නිගරුවට පත් කරනවාට වඩා සුදුසු , ඒ දැරිවියව මීට වඩා හොඳ නිර්මාණයකට යොමු කරවීම කියලයි මට හිතෙන්නෙ .

    ස්තුතියි ඔබට

    ReplyDelete
  11. මම සිංදුවට නම් කැමති නැහැ. ඒත් වැඩේ කොලිටි එකට කරලා තියනවා... මේකෙ මියුසික්, මෙලඩි, ශබ්ද පරිපාලනේ එහෙම ඉහල තත්වෙක තියනවා. මේ වගේ දේවල් වලින් එක එක දේවල් අත්හදා බැලුවට මගේ අවුලක් නැහැ.

    පෞද්ගලිකව, බලෙන් දාගත්ත ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් එක්ක සිංහල සිංදු කීම (ඉන්ද්‍රචාප ලියනගේ), ගෙඩි පිටින් දේවල් කොපි කිරීම වගේ දේවල් වලට මම කැමති නෑ. නමුත් ලංකාවේ ඉන්න පරම්පරාවක් ඇත්තටම සිංහල කතා කරන්නෙ එහෙමයි. අනික නිර්මාණකරණයේ මූලික අදියර කොපි කිරීම වෙන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෝ, නළුවෝ, ගායකයෝ තමන්ගේ මූලික හැකියාව හඳුනා ගන්නේ තව කෙනෙක් කරපු දෙයක් කරන්න උත්සාහ කිරීමෙන්. ටිකෙන් ටික පරිණත වෙද්දි තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමෙන් තමයි පැවැත්මක් ලැබෙන්නේ. නිරෝෂා විරාජිනී මුලින් කිව්වේ හිංදි ගීත. චම්පා කල්හාරිත් එහෙමයි.

    සමාජයට අහිතකර නොවන දේවල් ඇතුලත විවිධ දේ අත්හදා බැලීම ගැන නම් මගේ කිසිම අවුලක් නැහැ. අපි පෞද්ගලිකව ඒකට කැමති අකමැති එක වෙනම කතාවක්. බටහිර ගීත තුල, පෙරදිග සංගීතය භාවිතාවීම දැන් සුලභව දකින්න පුළුවන්. මම නම් දකින්නේ මෙතන තියෙන්නේ අසන්නාගේ රුචිකත්වයේ වෙනස විතරයි. ජෝතිපාලලා ගෙඩි පිටින් හින්දි කොපි කිරීමට වඩා සෑහෙන ඉදිරියට ගිය නිර්මාණශීලිත්වයක් මේ සිංදුවේ තියනවා.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: