Thursday, August 8, 2013

රතු පස් වලින් වෙන්දේසි කල ජන අරගල...

 
     


                                          රතුපස්වල ගැටුමෙන් මැරුනු අය , ඒ ප්‍ර්ශ්නෙට මැදිවෙච්ච අය වෙනුවෙන් කතා කරන්න අය දැන් වැහි වැහැලා. මැරුනු අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් රටේ හැම අහු මුල්ලකින්ම අය මතුවෙන්න පටන් අරන්. ඒත් උන්ගෙ අයිතිවාසිකම වෙනුවෙන් දැන් මැරෙන්න හදන උන්ට ඇයි බැරි උනේ මීට කලින් උන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න.


එහෙම කරලා පුලුවන්ද නේද.?   එහෙම කලානම් කෝ අපිට සටන් පාඨ.

" වතුර වෙනුවට වෙඩි " එහෙම නැත්තං " මිනීමරු ආන්ඩුව ගෙදර යවමු " 

අවංකවම මේ රටේ මිනිහෙක් වෙලා ඉපදිච්ච එක ගැන මම අනේක වාරයක් දුක් වෙනවා. 

මම දන්නේ මෙච්ච්රයි ඒ ප්‍රශ්නෙන් මැරුනු උන්ගෙ පවුලෙ උන් හැර අනික් හැම එකාම ඒ ප්‍ර්ශ්නෙන් ගන්නෙ ආතල් එකක්. නිකං නෙවෙ සුපිරි ආතල් එකක්.

උන් තුන් දෙනා මාරාගත්තෙ කවුද.. එක එකාට බොලෙ පාස් කරගන්න උවමනාවක් නෑ .. අඩු වැඩියක් නැතුව අපි හැමෝම ඒකට සම්මාදන් වෙලා තියනවා. 


මේ රටේ මිනිහෙක් ජීවත් වෙලා ඉන්නවට වඩා උගේ මරනෙට වටිනාකමක් දෙන උන් කොටසක් ඉන්නවා. උන්ට කියන්නෙ දේශපාලුවෝ කියලා. මල ගෙවල් හොය හොයා යන. මිනිහෙක් මැරෙනකම් කෙල හල හල ඉන්න ජාතියක් තමා දෙශපාලුවෝ කියන්නෙ ඒක කොයි පක්ශෙටත් කොයි පාටටත් පොදුයි.

රතුපස්වල ගමේ වතුර ප්‍ර්ශ්නෙ ඇති උනේ අද ඊයෙක නෙවෙ නම් . ඒ මිනිස්සු පාරට බහිනකම් දැන් මලගෙවල් වල යන, ගිහින් පොර ටෝක් දෙන සක්කිලි දේශපාලුවෝ මොනවද කලේ. මේ බබාල එහෙම ප්‍ර්ශ්නයක් තියනවා කියල දැනගන්නෙත් මිනිස්සු පාරට බැස්සට පස්සෙ. ඒ තරම් මිනිස්සු ගැන හොයලා බලපු අය තමයි අද ඒ මල ගෙවල් වල ගිහින් කතා පවත්වන්නේ.

එක හාල්පාරුවෙක්ටවත් එක පක්ශෙකටවත් කඩේ නොයා ඉන්න මිනිහෙක් ඉන්නවනම් ඌට හොදටම තේරෙනවා උනේ මොකක්ද කියන එක.

ගමේ මිනිස්සු පාරට බැහෙලා දෙවෙනි දවස වෙද්දි ගමේ අයට පිලිගත හැකි මට්ටමේ විසදුම් කිහිපයක් ලැබිලා තිබුනා. මොකද ඒ වෙනකොටත් 

1 ) කම්හල තාවකාලිකව වසා දැමුනා.

2) ජලය පරීක්ශණ සදහා අදාල ආයතන කැදවලා තිබුනා

3) ගම | කම්හල | අදාල අංශ අතර සාකච්චාවක් පැවැත්වෙමින් තිබ්බා


වතුර සම්බන්ධ ප්‍රශ්නය ඉතා බරපතලයි මොකද ප්‍රදාන මූලික අයිතිවාසිකමක් වෙන වතුර නැතුව. කිසිම මිනිහෙක්ට ඉන්න බෑඃ අනික ඒ ව්අගේ ප්‍ර්ශ්නෙකට මූන දෙන මිනිස්සු ආවේගශීලි වෙන එක සාධාරනයි. 

එහෙම වෙලා තියෙද්දිත් ඒ මින්ස්සු පාරවල් වලට පැනගෙන , පාරවල් වහගෙන  අනෙක් මිනිසුන්ගෙ සාමාන්‍ය ජනජීවිතය අඩාල වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වෙනකම්. අද බන දේශනා දෙන උත්තමයෝ කොහෙද හිටියේ. 

නෑ උන්ට ඕන උනේ ඔය දේ කරගන්න. මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ කලාතුරකින් කියලා උන් හැමෝම දැනෙගන හිටියා. පිට්ටනියකට වෙලා උද්ගෝශනේ කරපු මිනිස්සු මහ පාරට ආවෙ කොහොමද කියලා පාට කන්නාඩි ගලවලා බැලුවොත් හැම මහත්තයෙක්ටම ඒ ආව විදිය හොද පැහැදිලි විදියට පෙනෙයි.

මේක ලංකාවෙ පලවෙනියට උනු දෙයක් කියලද උබල කියන්න හදන්නෙ. මිනිස්සුන්ට ප්‍ර්ශනය්ක් ඇති උන ගමන් සක්කිලි දෙශපාලුවෝ රෙද්ද කරට අරන් උන් ලගට දුවන්නේ විසදුම් දෙන්නද, 

නෑ උන්ව පිස්සු බල්ලෝ කරන්න. ඊට පස්සෙ පාරට බස්සන්න. ඊට පස්සෙ එකෙක් දෙන්නෙක් මරාගන්න . ඊට පස්සෙ එ මල කදන් ටික විකුනගෙන උන් ගොඩ යන්න.

ඇයි අහලා නැද්ද ඔය ලොකු මහත්තුරු කතා කරනකොට එයාලගේ සෑහෙන ජනප්‍රිය මාතෘකාවක් තියනවා මෙන්න මෙහම

" මේකට විසදුමක් නැත්තං අපි ජනතාව එක්ක පාරට බහිනවා "

අපේ උන් හැමදාම ඔය වාක්‍ය එක්ක ලොකූ හුරේ පාරක් දානවා. එත් උන් දන්නෙ නෑ ඒ වෙන්දේසියේ දාන්නේ උන්ගේ ජීවිත කියලා.

එදා ඉදලම අද වෙනකම් උනේ ඒ ටික. අපෙ ගම් වල ඉන්න පොල් බූරුවොත් අඩුවක් පාඩුවක් නැතුව ඒ ගැටේට එදා ඉදලම අද වෙනකම් අහු වෙනවා. 

ප්‍ර්ශන වෙනුවෙන් පාරට බැහෙලා මැරුනේ මේ මරුනු උන් තුන්දෙනා විතරද , එදා ඉදලා අද වෙනුවෙන් කී දෙනෙක් මේ කාලකන්නි හින්දා මැරුම් කෑවද. හලාවත ඇන්ටනි කිව්වොත් දැන් කාටවත් ඒ මිනිහව මතක තියනවද. කටුනායක මැරුන රොශෙන් චානක ගැන දැන් මතක කීයෙන් කී දෙනාටද, එදා  ඒ ගෙවල් අස්සෙ රිංගගෙන උන්ගෙ පවුල් ගැන කතා කරපු එකෙක් එදයින් පස්සෙ උගෙ ගෙදර ගියාද කියලා හොයලා බලපල්ලා. උන්ට මේ මලකදන් තුරුම්පු විතරයි. 

මෙ රටේ ඔනෑම දෙයක් වෙනුවෙන් පාරට බහිනවනම් එකක් මතක තියාගෙන බැහැපල්ලා. උබලා පාරට බහින්නෙ උබලගේ ජීවත් වීම උදෙසා ප්‍ර්ශ්නයකටනම් ජීවිතේ රැක ගන්නනම්. එක විහිලුවක්. මොකද උබලාගේ ජීවිතේට වඩා මල කදේ වටිනාකම වැඩි. උබලා ජීවත් වෙන එක නොවෙන එක දැන් තීරණය කරන්නෙ මහ බබා නෙවෙ. 

දැන් හැම්දේටම පස්සෙ ජාතියේ මුර දේවතා එලී දැන් ටියුබ් ලයිට් වෙලා. රණවිරුවා ආමිකරයා වෙලා.  රටක හමුදාව කියන්නෙ මොකක්ද ,උන් පිලිපැදිය යුත්තේ කාගෙ අණද , හමුදාවෙ මිනිහෙක්ගෙ මානසිකත්වය මොකක්ද.  කියලා ඉස්සරවෙලාම හොයලා බලපල්ලා ඒ වගේම හමුදා පුහුනුවක් ලබපු මිනිහෙක් ලගට ගිහින් ඌට ගහන්න ගල් අතට ගත්තම වෙන දේ ගැනත් හොයලා බලපල්ලා, අවුරුදු ගානක් තිස්සෙ ආමි එකේ උන් කෑම්ප් වල තියගෙන උන්ට පුරුදු කරන්නෙ සමථ භාවනාවයි  ආනාපනා සති බාවනාවයි කියලද උබලා හිතාගෙන ඉන්නෙ. හැම එකාම කියවන්නෙ ආමි එකෙන් ගහපු කතාවනෙ හැබෙයි උන් ගහන්න කලින්  උන් මෙන්න මෙහෙම තුන් පාරක් කිව්වා.

" මේ වෙනකොට ගමේ ප්‍රධානියෝ සහ ගමේ අය එක්ක කම්හල් ප්‍රධානීන් අදාල පාර්ශව සාකච්චාවක් පැවතෙනවා. ඒ අය ඇවිත් තීරනය දැනුම් දෙන තුරු කරුනාකරලා මාරගයෙන් ඉවත් වෙලා සාමාන්‍ය ජනතාවට අවහිර නොකර ඉන්න කියලා "

ඒකට උබලගේ උත්තරේ උනේ හොද හූ පාරක්..  

උබලට තිබ්බ ප්‍ර්ශ්නෙ ලොකු ප්‍ර්ශ්නයක් ඒක නෑ කියන්න බෑ.. හැබෙයි උබලා නැතුවෙ ඇත්ත්ටම උබලගේ ප්‍ර්ශ්නෙ වෙනුවෙන්ද නැත්තං වෙන උන්ගෙ උවමනවාක් වෙනුවෙන්ද කියලා උබලම හිතලා බලපල්ලා.


හැම දේම උනාට පස්සෙ කඩපිලට වෙලා , ෆේස් බුක් එකට වෙලා , බ්ලොග් එකට වෙලා අපේ මහත්තුරු මොකද කරන්නෙ

ආන්ඩුව වැරදි

හමුදාව වැරදි

විපක්ශේ වැරදි

ජේවීපී කාරයෝ වැරදි..

උබලා ඔය බෝල පාස් කරගන්නේ ඇත්තටම මැරුන එකා ගැන කැක්කුමටද. උබලා කදුලු හල හල පෙනී හිටින්නේ මැරුනු එකා වෙනුවෙන්ද.. නෑ  එකෙක් උබලා කෑ ගහන්නෙ එක්කෝ මහින්ද බේරගන්න , නැත්තං රනිල් බේරගන්න.. මේ රටේ ඉන්න බහුතරයක් නපුංසකයෝ තමන්ගේ ලේ වලට වඩා තමන්ගේ ජීවිතේට වඩා,තමන්ගේ එකාට වඩා වටින්නෙ තමන් අදහන පක්ශේ මහ එකාව. රතුපස්වල උනෙත් ඒකම තමා තම්න්ගෙ ප්‍ර්ශ්නෙ වවාගෙන මුන් කරගන්න යන්නෙ මොකක්ද කියලා එදා පරට පැනගෙන නටපු එක පොල් බූරුවෙක් හරි හිතුවනම් අද අර අහිංසකයෝ තුන් දෙනා යස අගේට ජීවත් වෙනවා.


මෙ රටේ ආන්ඩුව විපක්ශය හෝ කිසිම පක්ශයක් ජනතා ප්‍ර්ශ්න වෙනුවෙන් පෙනී සිටිනවා කියලා හිතෙනවනම්. එහෙම හිතන එකා පව්.


උබලා රෙදි කරේ තියාගෙන පාරවල් වලට පැනගෙන කෑ ගහන්නේ කාගෙ පව් වලටද. ඔය මහ තැන්වල ඉන්න උන් ඒ තැන් වලට යැව්වෙ කතරගම දෙයියොද. බත් පැකට් එකට රුපියල් 100ට රෙද්ද උස්සගෙන කසිප්පු කාරයන්ට කතිරෙ ගහපු මී හරක් තමා මහ ලොකු ජන අරගල වල ඉස්සරහින්ම දුවන්නෙ. පාරවල් මැද බුදියගන්නෙ. දේශපාලනේ කරන එකෙක් වත් බූරුවෝ නෙවෙ. කවුරු හරි කියනවන්ම් දේශපාලනේ කරන් උන් නූගත් කියලා එහෙම කියන එකා තමා ලෝකෙ ඉන්න හොදම පොල් බූරුවා. අවුරුදු 5කට සැරයක් මුලු රටේම ඉන්න පොල් බූරුවන්ගේ මොල ටික හෝදලා අවුරුදු 5ක් පුරා කරපු අවලං අවජාතක වැඩ, සති දෙකෙන් අමතක කරවන්න පුලුවන් උන් නූගතුන් කියලා කාට හරි කියන්න පුලුවන් නම් . බිපං හෙට ඉදලා පුන්නක්කු.



තමන්ගේ තාත්ත මරපු පලියට ආන්ඩුව ගෙදර යවමු  කියන උන් ඉන්න.  ගිනි තියාගන් කියලා කැමරාකරන උන් ඉන්න. අල්ලපු ගෙදර උන් දෙන්නා ගහ ගත්තම ඒකට ආන්ඩුව විපක්ශේ වග කියන්න ඕන කියන උන් ඉන්න. පාරෙ කෙහෙල් ලෙල්ලක් තිබුනොත් ඒකටත් දේශපාලනේ ඇදගන්න . එදා වේල හම්බකරල දෙන ගෑනි, මිනිහා රනිල් මහින්ද වෙනුවෙන් මරාගන්න , නපුංසක ,නිහීන , තුප්පැහි ජාතියක් ඉන්න රටක් මේක.


මේ රට කවදා හරි ආසියාවෙ විතරක් නෙවෙ මුලු තුන් ලෝකෙම  ආශ්චර්ය වෙනවා. ඒක හොදට මතක තියාගනිල්ලා..

තමන් වදපු අම්මා අප්පාට වඩා. එක කුස උපන්නු සහෝදරයට වඩා , එකට කාපු බීපු යාලුවට වඩා,  මැරෙන්ට වැටුනු වෙලාවෙ ඉස්පිරිතාලෙ අරන් ගිහින් පන බේරපු අල්ලපු ගෙදර එකාට වඩා. අපේ උන් මහින්දට රනිල්ට ආදරෙයි. මොකද උන් උපන්නු දවසේ ඉදලා ඉස්කෝලෙ යවලා ලොකු මහත් කලේ මහින්ද..  ඇදුම් අරන් දීලා ලෙඩට දුකට බෙහෙත් අරන් දුන්නේ රනිල්.  උන් තරම් කවදාවත් අපේ පවුල් වල උන්.. යාලුවෝ අපිට කරපු දෙයක් නෑ ඒ හින්දයි අපි චන්දයක් ලං උන ගමන් මිනී මරාගන්නේ. එකට කාපු බීපු එකාට පිහියෙන් අනින්නේ. අම්මා අප්පා එක්ක මරාගන්නේ තොපිට හැම දෙයක්ම කරේ මහින්ද , රනිල් අපි ජීවත් වෙන්නෙ උන් වෙනුවෙන්. තූ නොදකින් තොපේ මනුස්සකම.




23 comments:

  1. මෙච්චර කාලෙකට රතුපස්වල සිද්ධිය සහ ලංකාවෙ දේශපාලනය ගැන මම දැකපු හොඳම ලිපිය...

    /*මෙ රටේ ආන්ඩුව විපක්ශය හෝ කිසිම පක්ශයක් ජනතා ප්‍ර්ශ්න වෙනුවෙන් පෙනී සිටිනවා කියලා හිතෙනවනම්. එහෙම හිතන එකා පව්.*/
    ++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. විලි ලැජ්ජාවට පන යනවා යකෝ.


    " උබලා රෙදි කරේ තියාගෙන පාරවල් වලට පැනගෙන කෑ ගහන්නේ කාගෙ පව් වලටද. ඔය මහ තැන්වල ඉන්න උන් ඒ තැන් වලට යැව්වෙ කතරගම දෙයියොද. බත් පැකට් එකට රුපියල් 100ට රෙද්ද උස්සගෙන කසිප්පු කාරයන්ට කතිරෙ ගහපු මී හරක් තමා මහ ලොකු ජන අරගල වල ඉස්සරහින්ම දුවන්නෙ. පාරවල් මැද බුදියගන්නෙ. දේශපාලනේ කරන එකෙක් වත් බූරුවෝ නෙවෙ. කවුරු හරි කියනවන්ම් දේශපාලනේ කරන් උන් නූගත් කියලා එහෙම කියන එකා තමා ලෝකෙ ඉන්න හොදම පොල් බූරුවා. අවුරුදු 5කට සැරයක් මුලු රටේම ඉන්න පොල් බූරුවන්ගේ මොල ටික හෝදලා අවුරුදු 5ක් පුරා කරපු අවලං අවජාතක වැඩ, සති දෙකෙන් අමතක කරවන්න පුලුවන් උන් නූගතුන් කියලා කාට හරි කියන්න පුලුවන් නම් . බිපං හෙට ඉදලා පුන්නක්කු. "

    ReplyDelete
  3. දෙපයින් යන්න බැරි ගමනක් යන්නේ වාහනයකින්. පිටතට පේන්න වාහනය දුවවන්නේ රෝද, ඒ වුනත් රෝද දුවවන පිටතට නොපෙනෙන ව්‍යූහය බෙයාරිං කියන්නේ. සද්ද නැතිව දුවවන වාහනයේ සද්ද දෙද්දි, රෝද බකල් වෙද්දි බාසුන්නැහේලා ගලවලා විසිකරන්නේ බෙයාරිං. එව්වරයි.

    ReplyDelete
  4. කාගෙන්වත් විසඳුමක් නැති නිසා තමයි ජනතාව ස්වාධීනව නැගී සිටියේ. අපි ආවේගයට කිව්වට ජනතාව මෝඩ නෑ. මෙතනත් කීප දෙනෙක් ප්‍රශ්ණයට මැදි වන්නට ආවත්, ජනතාව ඔවුන් නිෂ්ප්‍රභා කලා. සමහර අය කියන විදියට, ආන්ඩුවේ බලල් අතක් වන ආගමික සංවිධාණයක, ජනප්‍රිය චරිතයක් ප්‍රතික්ෂේප කිරීම තමයි ප්‍රහාරයට හේතුව. හැමෝම මේ විදියට දකින්න ගියොත්. හැම එකාම ආතල් ගන්න එකෙක් කියලා පෙනෙයි. අන්තීමට වින්දිතයත් ඒ විදියට පෙනෙයි. ඒකනේ බල්ලෝ වගේ මරලා දැම්මේ. එහෙම බලපුවම උඹෙයි, ආමී කාරයන්ගෙයි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

      හැරල්ඩ් ජේ. ලැස්කි
      (1893-1950)



      ලොකු මහත්ත්යා මම ඕක කොපි කරලා සෑහෙන අමාරුවෙන් අරන් ආවෙ ඔයාගෙම බ්ලොග් එකෙ පැත්තක එල්ලලා තියෙද්දි . ලොකු ලොකු ටොක් වලින් නැතුව මමත් කිව්වෙ මේ ටිකම තමා . ඕක ඔයා ඔයගෙ බ්ලොග් එකෙ සෑහෙන කාලයක් එල්ලගෙන හිටියට ඔලුවට අරන් නෑ වගේ නෙ. ඔතන දේශපාලුවෝ කිව්වම මහත්තයෝ ආන්ඩු ප්ක්ශෙ විතරක් අයිති වෙන්නෙ නෑ. හැරල්ඩ් ජේ. ලැස්කි මෙහෙ හිටියනම් පොර ඒ ටිකත් ඕකට දාලම කියනවා.

      Delete
  5. //පිට්ටනියකට වෙලා උද්ගෝශනේ කරපු මිනිස්සු මහ පාරට ආවෙ කොහොමද ?//

    ඒ දින උදේ ගම්පහ අධිකරණය මගින්, කර්මාන්තශාලාව වැසීම පිලිබදව තීන්දුවක් දීම දින 22 කින් කල්තැබීමෙන් පසුව තමයි උද්ඝෝෂණය මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වන්නේ. ඔවුන් පාරට ඒන්නේ ඒ නිසාය. ඔබ කියන අයුරින් ඒ තැන ඒක දේශපාලනඥයෙක්වත් සිටියේ නැත.

    හැමොටම අැස් අැරුනේ උන්ගේ ප්‍රාඩෝ වලට මොන්ටෙරෝවලට බී ඒම් ඩබ්ලිව් වලට පිඹගෙන යන්න බැරි වෙන්න පාරවල් අවහිර වුනාට පසුවයි. (ඊට පෙර සතියක් පුරා ඔවුන් තැන් තැන් වල පොඩි පොඩි උද්ඝෝෂණ කලා.) ඉන්පසුව තමයි ගෝඨාභය සාකඡ්ඡාවට කියලා කියන්නේ සවස 2.30 ට. අධිකරණයට දෙන්න බැරි තීන්දුවක් ගෝඨාභයට දෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ කව්ද?

    //" මේ වෙනකොට ගමේ ප්‍රධානියෝ සහ ගමේ අය එක්ක කම්හල් ප්‍රධානීන් අදාල පාර්ශව සාකච්චාවක් පැවතෙනවා. ඒ අය ඇවිත් තීරනය දැනුම් දෙන තුරු කරුනාකරලා මාරගයෙන් ඉවත් වෙලා සාමාන්‍ය ජනතාවට අවහිර නොකර ඉන්න කියලා "//

    ඔයවගේ කතා මිනිස්සු අැතිතරම් අහලා තියෙනවා. ඒ නිසා හමුදා නිලධාරියෙක් අැවිත් ප්‍රකාශයක් කරපු තරමින් අත්හැරදමා යන්න පුළුවන් ප්‍රශණයක් වෙනුවෙන් නොවෙයි ඔවුන් උද්ඝෝෂණය කලේ. අනෙක් කරුන නම් උද්ගඝෝෂණයක් සංවිධානය කරගන්න අැති අපහසුව ගැන ඔවුන් දන්නවා. ඒ වගේම ඔතන හිටපු අය "හැම් බේකන් චීස් පුඩිං" කාලා ව්‍යායාම කරන්න අැපු අය නොවෙයි. හැමෝම යම්කිසි කැපකිරීමක් කරලා තමයි උද්ඝෝෂණය වෙනුවෙන් කාලය යොදවන්නෙ.

    // රටක හමුදාව කියන්නෙ මොකක්ද ,උන් පිලිපැදිය යුත්තේ කාගෙ අණද , හමුදාවෙ මිනිහෙක්ගෙ මානසිකත්වය මොකක්ද. කියලා ඉස්සරවෙලාම හොයලා බලපල්ලා ඒ වගේම හමුදා පුහුනුවක් ලබපු මිනිහෙක් ලගට ගිහින් ඌට ගහන්න ගල් අතට ගත්තම වෙන දේ ගැනත් හොයලා බලපල්ලා, අවුරුදු ගානක් තිස්සෙ ආමි එකේ උන් කෑම්ප් වල තියගෙන උන්ට පුරුදු කරන්නෙ සමථ භාවනාවයි ආනාපනා සති බාවනාවයි කියලද උබලා හිතාගෙන ඉන්නෙ. //

    අපි බ්ලොග් ඒකේ, ෆේස්බුක් ඒකේ කතා කරන්නෙක් ඒ ගැනම තමා.ඔය කියන ජාතියේ හමුදාව ඔතනට ඒවන්න තීරණය කල ගොනා ගැනයි අපි කතා කරන්නේ. ඔතන උද්ඝොෂණය කල වුන් අතර අවරුදු දහයේ පහලවේ සිට අවුරුදු හැට හැත්තෑව යන වයස් වලට අයත් සිටියා. ඔබ ඉහත දක්වා අැති පින්තූරයෙන්ම ඒ බව පැහැදිලි වෙනවා.ඒ වැනි ජන පිරිසක් විසුරුවා හැරීමට, ඔබ ඉහත දක්වා අැති අන්දමේ හමුදාවක් යෙදවීමට තරම් අමනෝඥ නායකයෙක් වෙනුවෙන්ද ඔබ රෙද්ද උස්ස ගෙන කඩේ යන්නේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ මාතලන් අයියගෙන් ඒකගතාවයක්!

      සංතෝසයි, සංතෝසයි, ස්තුතියි.

      Delete
  6. දැන් උඹ කියන විදිහට කිසිම පක්ෂයක් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නෙ නෑ. අනික් පක්ෂ වලට ඕනේ කාව හරි මරා ගෙන මළ කඳ උඩින් දිනන්න. ඒ නිසා මිනිසුන්ව ඉත්තෝ කර ගන්නවා. උද්ඝෝෂණය කලොත් ආණ්ඩුව වෙඩි තියලා එකෙක් දෙන්නෙක් මරන බව මේ පක්ෂ වල එවුන් දන්නවා. ඒ නිසා කොච්චර අසාධාරණකම් උණත් ඒක්කෝ උද්ඝෝෂණය නොකර ඉන්නේ ඕනේ, නැත්නම් උද්ඝෝෂණය කරනකොට කාටවත් කරදරයක් නැති පාළු පිට්ටනියකට ඕනේම නම් ටිකක් හයියෙන් කෑ ගහලා... ගෙදර ඇවිත් බුදිය ගන්න ඕනේ.

    //උබලා ඔය බෝල පාස් කරගන්නේ ඇත්තටම මැරුන එකා ගැන කැක්කුමටද. උබලා කදුලු හල හල පෙනී හිටින්නේ මැරුනු එකා වෙනුවෙන්ද.. නෑ එකෙක් උබලා කෑ ගහන්නෙ එක්කෝ මහින්ද බේරගන්න , නැත්තං රනිල් බේරගන්න.. මේ රටේ ඉන්න බහුතරයක් නපුංසකයෝ තමන්ගේ ලේ වලට වඩා තමන්ගේ ජීවිතේට වඩා,තමන්ගේ එකාට වඩා වටින්නෙ තමන් අදහන පක්ශේ මහ එකාව//

    මේක හරියටම උඹ ගැන හිතලම ලියපු එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. නෑ මහත්තයෝ මම මෙක ලිව්වෙ කට්ටියක් ගැන හිතලා, ඒක හරියටම හරි මොකද ඒ අයට ගොඩක් රිදිලා දැන් මෙතන නටනවා. මම ලියපු ටික ඕන නෑ කොමෙන්ට් ටික කියවෙවනම් මම ලිව්වෙ මොකක් ගැන්ද කියලා ඒකෙන්ම තෙරෙයි.

      Delete
  7. සමහර අයට උත්තරයක් විදියට දෙන්න තියෙන්නෙ මෙච්ච්රයි.. පුන්නක්කු වලට පුරුදු උනු හරක්ට හැම් බේකන් කවන්න බෑ. මොකද කරන්ට් ආතල් එක තියෙන්නෙ පුන්නක්කු වලට. නිකමට වගේ කතාවක් මතක් උනා

    " මලිත්ට ගහනකොට මොකද චංචලා අඩන්නෙ "

    අනේ මන්දා ඉතිං ..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. හරක් සහ පුනක්කු උපමාවට ගත්ත එකම හොඳයි. අපිටත් කියන්න තියෙන්නේ ඒකම තමයි...

      Delete
    2. මාතලන් මහත්තයෝ මේ ටික හොදට කන සුද්ද කරලා අහ ගන්න හොදේ..

      ඔයා නැට්ට ගිනි අරන් මේ තරම් ෆෝම් වෙල නටන්නෙ රටේ මිනිස්සු වෙනුවෙන් නම්. මමත් මෙක ලිව්වෙ උන් හින්දම තමා. ඒක ඔයාට නොතෙරුනෙ මම ඒකට දාපු කොටස් දෙක තුනක් ඔයාට ඕන විදියට ලියවිලා තින්නෙ නැති නිසා

      මරාගේ ආන්ඩුවෙ උන් අහිංසකයො තුන් දෙන්ක් අමු අමුවෙ මරලා දැම්මා මේකට රාජපක්ශ ආන්ඩුව සම්පූර්නයෙක් වග කිව යුතුයි කියලා මම ලිව්වනම්.. ඔයාට පට්ට ආතල් එකක් යයි නේ.. අර උඩින් වැදුනු ප්ල්ස් ++++++++++ පේලියක් එක්ක මල්වට්ටියක් මට හම්බවෙයි නේද.

      ලොකු මහත්ත්යා මම මෙක ලිව්වෙ මේක බලාගෙන එක එකාට ස්වයංවින්දනේ යෙදෙන්ඩ නෙවෙ. මම උපන්නු දා ඉදල මට කන්න බොන්න දුන්නේ මගෙ අම්මා අප්පා. නැතුව ඔහෙලා වන්දනා මාන කරන පිංගුත්තරයෝ නෙවෙ.

      ඔය හැම එකාගෙම ආන්ඩු තිබ්බ කාලෙ අපි අඩු ව්ඇඩියක් නැතුව බඩගින්නෙ හිටපු දවස් තිබ්බා. අදටත් ජීවිතේ විදවනවනම් විදවන්ට එකම කාරනේ කාලකන්නි දේශපාලනේ. ඔහෙලගෙ කෙහෙම්මල් දේශපාලනෙ ඔහෙලට ලොකු උනාට මට එකේන් ලැබුනු අබ ඇටේක දෙයක් නෑ. මන් රෙද්ද උස්සන් උන් පස්සෙ ඒව ඉල්ලගෙන ගිහිනුත් නෑ. ඔහෙලාගෙ ලොකු ලොකු වචනවලින් කියවන දේශපලනේ නෙවෙ අහල පහල මුඩුක්කුවෙ ටවුමේ , රෙද්දෙ දේශපාලනෙ ඔලුවට ගහලා අනාථ උනු ඕන තරම් ජිවිත මම දැකලා තියනවා ඒකට පාටක් පක්ශයක් නෑ. තම තමන්ගෙ ඔලුවල තියන විකාර අපෙ ඔලුවලින් දකින්ට ට්‍රයි කරන්ඩ එපා. මොකද මම ඔය එක පොන්නයෙක්ටවත් කඩේ යන පිංගුත්තරයෙක් නෙවෙ. හෙට කියන්න තියෙනෙන්ත් අද කිව්ව එකම තමා.

      පාට පක්ශෙ මොකක් උනත් දේශපාලනෙ කරන හැම එකෙක්ම කරගන්නෙ උන්ට මිසක් අපිට නෙවෙ. ඒකට මහ රජත් ඇතුලත් , කනාටු අලියත් ඇතුලත්

      Delete
    3. ඔය ඔබ ඉදිරිපත්කරන නපුංසක දේශපාලන න්‍යාය තමයි, අාණ්ඩුව වහන්න බැරි වරදක් කලවිට අාණ්ඩුවට කඩේ යන අය පාවිච්චි කරන්නෙ. ඒ පැත්තටත් නැතිව මේ පැත්තටත් නැතිව ඒ පැත්තටත් බැනල මේ පැත්තටත් බැනල,මේ අාකාරයේ වැරදි කිරීම දේශපාලනඥයින්ගේ පොදු ලක්ෂණයක්ය කියලා වැරදි කාරයාව භාගෙට නිදොස් කරනවා. ඉතිරි භාගය විපක්ෂයට බැර කරනවා.

      වැලවේරියේ සිද්ධියට කිසිම දේශපාලන පක්ෂයක් මුල්වෙලා කටයුතු කරලා නැත. ඒ නිසා ඔබ ඉදිරිපත් කරන මතවාදය වැලිවේරියේ සිදුධියට අදාලවන්නේත් නැත. ඒ තැන සිටි ඒකම දේශපාලනඥයා රජය පමණි. ඒ නිසා ඒ සිදුවීමට තනිකරම වගකිව යුත්තේ රජයයි. හරියටම කියනවා නම් 88-89 භීෂණයට ඒකල සිටි විපක්ෂ්‍ය වගකිවයුතු නැතුවා මෙන්ය.

      Delete
    4. පොන්නයෝ කව්ද කියලා අනිත් අය තීරණය කරයි. ඕන් අද මහ එකාම ඒක වහලා දාන්න කියලා. දේශපාළණයක් නෙමෙයි මෙතන කතාකරන්නේ. සමාජ සාධාරණත්වය කියන් දේ... මොළේ මයිල්ද...? ඔහේට නෙමෙයි අපිටත් දේශපාලනෙන් ලැබිච්ච දෙයක් නෑ. නමුත් හැම එකාම දේශපාළණ සත්වයෙක් බව අමතක කරන්න එපා..

      Delete
  8. සත්‍ය කතාවක්. හැමදාම වෙන්දේසි උනේ උන් අතින් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. මිනිස්සු හුරේ දැම්මේ තමන්ගේම ජීවිත වලට. හැබැයි මේ වෙනකම් ඔය එක මිනිහෙක්වත් ඇත්ත ඇති සැටියෙන් දැන ගත්තේ නෑ..


    බොර දියක ඉඳුවර

    ReplyDelete
  9. මම දන්නේ මෙච්ච්රයි ඒ ප්රඩශ්නෙන් මැරුනු උන්ගෙ පවුලෙ උන් හැර අනික් හැම එකාම ඒ ප්ර්යශ්නෙන් ගන්නෙ ආතල් එකක්. නිකං නෙවෙ සුපිරි ආතල් එකක්
    බ්ලොග් එක ලියන ඔයා මේ ගොඩට අයිති නෑති දෙවියො වගේ කෙනෙක්ද

    ReplyDelete
  10. මෙම ලිපියත් සන්ජීව බන්ඩරලා ගැන ඇති ලිපියත් එකට සැලකුවොත් සරලව ඔබට කියන්නට හැකි එහෙත් ඔබ නොකියන කොටස මෙයයි
    මම දැන් මොන ක්රනමයකින් හරි පියදසලා වගේ මිනිස්සුන්ට වඩා උඩින් ඉන්නවා.මේ කලකන්නි ටික විකාර කරල මොන ක්රබමයකින් හරි මට කෙලවුනොත් මම මොකද කරන්නේ
    ජීවිතයෙන් වැඩි කාලයක් මහ පාරේ ට්රැහෆික් වල කටපියාගෙන යන මිනිසුන් සන්ජීවලා එක වරක් පාර වැසු විට මල පැන බනින සැබෑ හෙතුව එයයි
    සරලව කිව්වොත් නරුමවාදය යනුවෙන් මෙය හදුන්වන්න පුලුවන්

    ReplyDelete
  11. පාන් රාත්තල් රුපියලකින් වැඩි උනාම , තොපේ එකෙක් මොනවා හරි කුප්ප වැඩක් කරලා කූඩු කලාම පන්ති කාමරේ ඉගන ගන්න එකාවත් ඇදගෙන පාරට බහිනවා නිදහස් අධ්යාරපනෙ රකින්න. රැකෙයි බලගෙන හිටපන්. පුලුවන් නම් ඉගන ගන්න දවස් 5 ඉගනගෙන අනික් දවස් වල කරන රෙද්දක් කරපන්. අධ්යා පන ඇමතියගේ. රටේ ජනාදිපතිගේ ගෙදරට යන පාර වහගෙන පැයක් බැරිනම් දවසක් ඉදගෙන හිටපං . පුලුවං නම් සංජිව උබ ඔය ඉල්ලීම ටික ඉල්ලලා ගිනි තියාගෙන මැරියං .. හැබෙයි උබ මැරියං කාගෙ හරි අහිංසක අම්මෙක් තාත්තෙක්ගේ පුතෙක් ෆෝම් කරලා මල්ලි ගිනි තියාගනිං කියලා කෑන් එක අතට නොදී.
    ඔබ ඔබේ දෙමව්පියන්ට සහොදර සහොදරියන්ට විවාහකනම් බිරිදට ඉන්නවානම් දරුවන්ට කතා කරන්නෙත් මේ විදියටද.අනිත් අය ගැන හොයන්න කලින් තමන් අර්ද වනචාරී කියල තෙරුම් අරන් වත් හැසිරෙන්න

    ReplyDelete
  12. Ada nam Matalan Nagena wage :D

    ReplyDelete
  13. ubanam henama ponnayek........

    ReplyDelete
  14. කඩේ යන උන්දලාට සෑහෙන්න රිදිලා තියෙන්නෙ. කොතන වැරද්ද තිබුනත් උබේ එක කතාවක් සම්පූර්න ඇත්ත. පක්ශ විපක්ශ මොකා උනත් අපි ගැන උන්ට වගක් නෑ. එලකිරි දිගටම ලියපන් මලයා. මේකෙ ඉන්න එක එකාට කත් අදින නපුංසකයෝ දිගටම කෑ ගහයි

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: