Sunday, September 1, 2013

සමාජවාදය මගේ බාසාවෙන්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-xy7n5-8_VifUbs49LvIkME9qrz6vPv3WM_neliWYWlz6rPj1wT23zZcYPieZExUknLOV7WWXbxwL-lpFtsEBQx7-a5dMQu3UjPSKqVJtGHgpl4yE8NywQ_rSDXn3PTcj3m2e2LZE-Lk/s320/Colombo_JVPrap.jpg

 

                     පහු ගිය දවස් ටිකේ බ්ලොග් ලියලා නොසෑහෙන්ඩ බැනුම් අහගත්ත එකේ අදත් නිවාඩු පාඩුවෙ මොනවා හරි අහගන්න හිතුනා.එහෙම හිතුනේ පහුගිය දාක ලියපු ලිපියකට දාල තිබ්බ කොමෙන්ටුවක් දැක්කම. ඔන්න එහෙනම් ඒක බලාගන්ඩකෝ.


Anonymous - මිත්‍රයා ඔබ විසින් මේ ලිපිය ලියන්න ඇත්තේ සමහර විට ජනතා විමුක්ති පෙරමුන ගැන ඔබේ හිතේ ඇති ආකල්ප පදනම් කරගෙන වෙන්න පුලුවන්. ඒත් අමතක නොකල යුතුයි විශ්වවිද්‍යාල ප්‍රජාවට යම් කාරන දිනා ගැනීමට ඉතිහාසය තුලදී ඔවුන්ගේ මත ඉහල වැදගත්කමක් දැක්වුව බව. ඉතිහාසය පුරා ඔවුන් විසින් දිනා දුන් දේවල් අපි අත්විදිනවා.ඒත් ජනතාව ඒ පිලිබදව දැනුවත් නෑ හේතුව ඔවුන් ඒවට සටන් කලේ නිහඩව.

ඉතිං මේ කොමෙන්ටුව දැක්කට පස්සෙ මේකට උත්තරයක් ලියන්ඩ හිතුනා. මොකද කියනවනම් ඇනෝ මිත්‍රයා කිව්වා වගේ ජනතා විමුක්ති පෙරමුණ ගැන මගේ තියන ආකල්පෙ වැරදි ඇති . ඒ නිසා එහෙම වැරදි ආකල්පයක් හැදුනේ ඇයි කියලා ලියලා දාන්න හිතුනා. මෙතිනින් එහාට ලියවෙන කතන්දරෙන් පස්සෙ මගෙ වැරදි  ආකල්පෙ කොහොමද ගොඩ නැගුනේ කියලා කාට කාට හරි තේරුනොත් මගේ වැරද්ද නිවරදි කරලා දෙන්න. එහෙනම් කතාව පටන් ගමු.


මම ඉස්කෝලෙ යන කාලෙ මට හොදට මතක කාලයක් තිබ්බා. ඒ 9 වසර සතියට දවස් 3ක් දිග කලිසමයි දවස් 2ක් කොට කලිසමයි ඇන්ද කාලෙ. මොකද කියනවනම් 9 වසරෙදි තමා අපිට දිග කලිසම් අදින්න අවසර ලැබුනේ. එකපාර කලිසම් දෙකක් මහගන්න බැරි නිසා කාලයක් යනකම් එක සුදු කලිසමයි අනිත් දවසට කොට කලිසමයි ඇදන් මම ඉස්කෝලෙ ගියේ. ඒත් ඔය අවසරේ ලැබුන ගමන් මට සුදු කලිසමක් මහගන්න හැටියක් තිබ්බෙ නෑ. නමුත් ඔය අවසරේ ලැබුන ගමන්ම පන්තියෙන් කොටසක් ඉස්කෝලෙ ආවෙ සතිය පුරා සුදු කලිසම් ඇදගෙන.

අන්න ඒ කාලෙ හරි අපූරු දෙවල් උනා. පන්තියෙ හිටපු කොට කලිසම් ඇදගෙන හිටපු සෙට් එක සතිය පුරාම හෙව්වෙ දිග කලිසම් වල අවුල්. 

" බලපන් අරක මහල තියන හැටි "
" අපෝ අරුගේ කකුලේ ලොකූ ඌට කලින් කලිසම යනවා "
" යකෝ බලපන්කෝ උගේ ලොකු කම දැන් නලුවා කියලා හිතන් ඉන්නෙ "

ඔය වගේ එකී නොකී දේවල් දාහක් කොට කලිසම් කල්ලියෙ ලිස්ට් වල තිබුනා. හැබැයි දිග කලිසම් ඇදපු එකෙක්ගෙවත් එහෙම ලොකුකමක් මට පෙනුනේ නෑ. මට ඕන උනෙත් පුලුවන් තරම් ඉක්මනට දිග කලිසමක් මහ ගන්න. ඔය කාලෙ කොට කලිසම් ගහපු උන් හරි එකමුතුයි. මං එක්කත් හෙන ෆිට් වෙච්ච උන් ටිකක් හිටියා. හැබෙයි ඒ මමත් දිග කලිසමක් මහ ගන්නකම් විතරයි. මම දිග කලිසමට බැස්ස ගමන් මං එක්ක සෙට් වෙලා දිග කලිසම් වල ඇද කියපු සෙට් එක මගෙන් ඈත් උනා. හැබ්යි ඒ උනුත් දිග කලිසම් මහගන්නකම් විතරයි. හැබැයි කොට කලිසම ඇදෙගෙන තමන්ගෙ පාඩුවෙ හිටපු උන් ඕන තරම් හිටියා ඔය කැහිල්ල කැක්කුම තිබ්බෙ කීප දෙනෙක්ට විතරයි. 

ඉතිං ඒ කතාවට කොහොමද ජනතා විමුක්ති පෙරමුණ ගෑවෙන්නෙ.

ආ.....  ඒ මෙන්න මෙහෙමයි. මම කවදාවත් සමාජාදය ගැන පොත් කියවලා නෑ. දේශන අහලා නෑ. අහන්න උවමනාවකුත් නෑ. ඒත් මට සමාජවාදය උගන්වන්ඩ ආව ගොඩක් දෙනෙක්  මම ඔය කතාවෙ කියපු කොට කලිසම් කාරයෝ වගේ. සමහර විට ඇත්ත සමාජවාදේ කියන්නෙ රතු දර්ශනේ කියන්නෙ යම් ගතයුත්තක් ඇති හෝ තාර්කික දර්ශනයක් වෙන්න ඇති ඒත්. ලංකාවෙ සමාජවාදය කියන්නෙ තනිකරම ඉරිසියාව. තමුන්ට නැති දේ අනුන්ට තියන දේ ගෙන ඇති ඉරිසියාව. මට ජීවිතේ එක එක කාල වලදී රතු රත්නලා ගොඩක් ආස්සරේ කරන්න ලැබුනා. බොහොමයක් අය තදින්ම ඔය කියන පෙරමුණට වැඩ කරපු උදවිය. හැබ්යි ඒ හැම එකා ගාවම මම දැක්කේ දර්ශනයකට වඩා ඉරිසියාවක්. උන්ට කවදාවත් ඒ දේවල් ලබාගන්න ඉලක්කයක් තිබ්බෙ නෑ. තිබ්බේ ඒ දේවල් තියන උන්ට ඉරිසියා කරන පුරුද්ද විතරයි. 

වැඩිය දුරක නෙවෙ මගේ පවුලෙ නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා උග්‍ර රතු රත්න කෙනෙක්. දන්නා තරමින් ප්‍රාදේශිය වශයෙන් ඔය ප්ක්ශෙ තනතුරු දරන කෙනෙක්. මිනිහාගෙ සමාජවාදෙ හරි පුදුමයි. ඉස්සරවෙලාම කාලයක් පුරා නැටුවා 5 වසරට  තමන්ගෙ ලමයව නුවර ප්‍රධාන පෙලෙ පාසලකට දා ගන්න. ඒක හරි ගියේ නෑ පස්සෙ කාලෙක මිනිහා මං එක්කම කියනවා මේ ජනප්‍රිය පාසල් කියන ඒවා නැති කරන්න ඕනලු . ගමේ පාසල් වලට වෙන අකටයුතු ගැන. මිනිස්සුමලු ඒවා ජනප්‍රිය කියලා ලේබල් කරලා තියෙන්නෙ අරකද මේකද. හැබෙයි ඊටා අවුරුදු දෙකක් විතර ගිය තැන ඌ ආයෙම මගෙන් අහනවා උගෙ ලොකු පුතා O/L කරනවා.  ඒකෙන් පස්සෙ මම ගිය ඉස්කෝලෙට දා ගන්න පුලුවන්ද කියලා. 

ඉතින් මට හරී.... සන්තෝසයි... 

ඊට පස්සෙ එකෙක් හිටියා ඇමරිකාවට බටහිර රටවලට පලු යන්ඩ බනින එකෙක්. අද ඌ ඉන්නෙ UK වල දැන් උගේ සමාජවාදේ කෙසෙ වෙතත් ඌට සිංහලත් බෑ.


හා... ඉතින් ඔන්න ඔහොමයි මට හම්බ උනු රතු රත්නලා. ඒ උන්දලාගෙනුත් මම ඔය සමාජවාදෙ ගැන සෑහෙන්න දැනුවත් උනා. එත් සමාජවාදේ සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන හිතට දැනෙනම කතාව මට කියලා දුන්නෙ අපේ තාත්තා. ඒ නිසා ඒ ආකල්පේ කවදාවත් වෙනස් වෙන එකක් නෑ මොකද චේ ගුවේරට. ලෙනින්ට වඩා මට මගේ තාත්තව විශ්වාසයි


 ඉතිං දැන් කියන්න යන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිහඩව  සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දිනා දුන්  ඒ වටිනා කැපකිරීම් ගැන අපේ තාත්තා මට කියපු කතාව.


දවසක් තාත්තයි මමයි ගෙදර පේන්ට් කරන්න පටන් ගත්තා. මතක හැටියට 2004 විතර. අපෙ ගෙදර ඇතුලට හුලන් එන්න තියන කවුලු වලට කාඩ්බෝඩ් ගහලා වහලා තිබ්බේ. තාත්තා ඒ කාඩ්බෝඩ් ඔක්කොම එකින් එක ගලවන්න පටන් ගත්තා. එතකොටම මම ඇහුවා ඇයි ඒවා ගලවන්නේ කියලා. මොකද මම හිතුවෙ ඒව ගහලා තියෙන්නෙ ගේ ඇතුලට ඒ කවුලු වලින් සත්තු එන නිසා කියලා. තාත්ත මං දිහා බලලා හිනා වෙලා මෙහම ඇහුවා.

" උබ හිතං ඉන්නෙ මේවා ගැහුවෙ සත්තු රිංගනවට කියලා "

හැරෙන තෑපෑලෙන් මගේ උත්තරේ උනේ  

" ඔව් "

" පිස්සුද . මේවා ගැහුවෙ උබල පොඩි කාලෙ උබලට කිරි හදලා දෙන්න. ඉස්සර JVP එකෙන් ඇවිත් ලයිට් නිවන්න කියලා කිව්වට පස්සෙ ගමේ කිසිම තැනක ලයිට් දාන්න තහනම්. ඒත් උබලා රෑට නැගිටලා අඩනකොට කරන්න දෙයක් නෑ නේ. මේස යට ඉටිපන්දම් පත්තුකරගෙන උබලට කිරි හැදුවෙ . ඒලිය පිටට පෙනවට ඔය කවුලු වලට කාඩ්බෝඩ් ගැහුවෙ "

ඔය උඩින් කොමෙන්ටුව කෙටුව මහත්තයෝ මට එදා උබලගෙ ඔය පෙරමූන ගැන ඇති වෙච්ච ආකල්පේ මම මැරෙනකම් වෙනස් වෙන එකක් නෑ. උබලගෙ පඩි වදන් වල විදියට අපිත් එතකොට ධනපතිද. උබලා සාමාන්‍ය ජනතාවට දිනා දෙන්න හැදුවෙ සැපද. ඒකයි මම හැමදාම කියන්නෙ.

මේ ලංකාවෙ පැවතුන කිසිම ආන්ඩුවක් නොකරපු තරමට පොඩි මිනිහට වද දුන්නෙ උබලා කියල.


උබලා ගිනි තියපු ලංගම බස් වල ගියේ ආන්ඩුවෙ ඇමතිලාද. කඩලා දාපු ලයිට් කනු දිගේ කරන්ට් එක ගියේ ධනපතියංගේ ගෙවල් වලට විතරද. උබලගෙ මූනවල් දැක්කත් අදටත් මට හිනා යන්නේ ඒකයි.  උබලා හැමදාම කලේ මිනිස්සුන්ට ඉරිසියා කරන්න පුරුදු කරපු එක. කන්න නැති එකා කන්න තියන එකාට ඉරිසියා කලා. අදින්න නැති එකා අදින්න තියන එකාට ඉරිසියා කලා. උබලා ගම් වලින් ඒවගේ උන් තෝරගෙන උන්ගේ ඒ ගතියට  සමාජවාදේ කියලා නමක් දැම්මා අන්න එක තමා උබලගේ සමාජවාදය. ඒ හිත් වල තිබ්බ ආවෙගය හරි මගට අරන් ඒ වෙගෙන්ම උන්ට දියුනු වෙන්න පාර පෙන්නුවනම් අද උන් ඔක්කොම ධනපතියෝ. උබලා කලේ උන්ගේ මෝඩකම් උබලගේ ඔනෑකම් වෙනුවෙන් පාවිච්චි කරපු එක.  

මට සමාජවාදේ කියලා දෙන්න ආව හාල්පාරුවෝ හැම එකාම කිව්වෙ මට දේවල් ලබාගන්න සටන් කරන්න ඕන කියලා. බූරු හැත්ත සටන් කරන්න ඕන නම් යකෝ ආමි එකට යනවනේ මලාට පස්සෙ ගෙදරට පඩිය හරි එයි. මමත් උබලගෙ සමාජවාදෙ ඔලුවට දා ගත්තනම් ඇනිත් උන් වගේම පාරක් පාරක් ගානෙ ගුටි කකා , ගෙදරින් සල්ලි ඉල්ලගෙන , උබලට බැනර් උස්සන් ඉන්න තිබ්බා. එදා කිව්වා වගේම කැම්පස් වල උබලට බැනර්  උස්සන් යන උන්ගෙන් 90% කට 2500ක් ආන්ඩුවෙන් 2500ක් ගෙදරින් වියදම දෙන උන්. අන්න ඒකයි ආතල්ම කොටස. රෙද්ද උස්සන් කෑ ගැහුවා කියල හැම දේම ලැබෙනවනම් . මේ රටේ උබලා එදා ඉදලා කෑ ගැහුව විදියට අද සුර පුරයක් වෙලා තියෙන්න ඕන. එකක් මතක තියාගනින් සහෝදරයා සමාජවාදේ කියල උබලා කියන්නෙ නිකං ඉදගෙන , කෑ ගහලා කාගෙන් හරි ඉල්ලගෙන කන එකනම් . ඊට වඩා හොදයි හිගා කන එක.


උබලා ඔය කැම්පස් ඇතුලට පැනගෙන විනාශ කරන ඔලු ඇතුලට උබලා ක්වදා හරි මෙ දේවල් දාල තියනවද. කට්ට කාගෙන හරි ඉගනගනිල්ලා. අනිත් එකාවත් කොහොම හරි ඇදෙගෙන විභාග ගොඩ දා ගනිල්ලා. නෑ නේ.

උබලා කියන එකම දේ අනිත් එකාවත් ඇදගෙන වරෙල්ලා අපි මරාගෙන මැරෙමු. 


එහෙම කියලා වෙන එකෙක් මැරෙන්ඩ දාලා උබල මාරු වෙනවා. පහුවෙනිදට උගේ මිනිය කරේ තියන් ආයෙම වත්ත වටේ යනවා. ඔකනේ උබලගෙ සමාජවාදෙ.

මට හම්බඋනු හැම රතුරත්නයම මට ගොඩ යන පාර විදියට පෙන්නුවෙ ඔය පාර. හැබෙයි එහෙම ගියා නම් මම අදත් කන්නෙ ගෙදරින්. මම ඉස්සරවෙලාම රස්සාවට යනකොට මට අවුරුදු 20යි. මට තේරුන එකම දේ. මගේ ප්‍ර්ශ්න  විසදගන්න ඕන මන්මයි කියන එක. මගේ ප්‍ර්ශ්න කවදාවත් මෙ රටේ මහ උන්ට ප්‍ර්ශ්නයක් නොවෙන බව මම එදා ඉදලම දැනගෙන හිටියා. මම පලවෙනි රස්සාවෙ පලවෙනි ප්‍රොජෙක්ට් එකේ තිබ්බේ තට්ටු 4 බිල්ඩිමක නෙට්වර්ක් අදින්න ඒදා ඒ වහලේ පන බයේ වෙව්ල වෙව්ල අඩිය තිබ්බ වෙලෙ මට ඉස්සරහ හිටිය එකා හොද වෙලාවට සමාජවාදියෙක් නෙවෙ. ඌ මට අත දීලා කිව්වෙ මෙච්ච්රයි.

" මල්ලි පරිස්සමෙන් වැඩ කරපන් " කියලා

එදා එතන උබලගෙ එකෙක් හිටියනම් කියන්නෙ මේ ටික

" මල්ලි පේනවනේ අපි විදින දුක. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. අපි මේ වෙනුවෙන් සටන් කරන්න ඕන "

බම්බුව තමා එහෙම උනා නම් අද වෙද්දි මම කොහෙද කියලා මටවත් හිතාගන්න බැරි වෙයි.

උබලාගෙ සමාජවාදේ අන්න එහෙමයි. ඒ වගේම ඔය මට ජනතා විමුක්ති පෙරමුණ දිනා දුන් දේවල් ගැන උගන්වන්න ආපු මහත්තුරුන්ට මතක් කරන්න තව කතාවක් තියනවා. ඒත් ඔයාලා දිනා දුන්න මම උදේ හවා දකින කතාවක්.

මම හැමදාම ගෙදරින් එලියට බහින පාර ඉස්සරහම තියනවා ගෙදරක්. ඒ ගෙදර ඉන්නෙ වයසක මානසික රෝගී අම්මා කෙනෙක් සහ එයාගෙ දුවයි පොඩි දරුවෙකුයි.ඒ පවුලෙ හතර දෙනයි හැබෑයි දැන් ඉන්නෙ තුන් දෙනයි. මොකද ඒ වයසක අම්මගෙ මහත්තයා උබලගේ ඔය දේශප්‍රේමි ජනතා විමුක්ති පෙරමුණ විසින් මරලා දැම්මා. හේතුව ලමයි බඩගින්නෙ තියන්න බැරි කමට උන්ගේ ඇදිරි නීතිය කඩලා වැඩට යාම. ඒ මනුස්සයා රස්සාව විදියට කලේ ෆොටෝ ගහන එක. එහෙම වැඩට ගියා කියලා ඒ මිනිහව මරලා දැම්මා. එහෙම කලේ නිකං නෙවෙ. තම්න්ගේ ගෑනි . ලමයි දෙන්නා ඉස්සරහ කටට බෙඩ්සීට් 2ක් ගිල්ල්වලා . ඇගිලි කපලා වෙඩි තියලා. තිරිසනෙක් වගේ මරලා දැම්මෙ. අන්තිමට ඒ අම්මා පිස්සියෙක් උනා. ලමයි දෙන්නා පිස්සු අම්මා එක්ක හැදිලා ඒ කෙල්ල නන්නත්තාර උනා.  කොල්ලා ආ ගිය අතක් නෑ. දැන් පිස්සු අම්මා එක්ක අප්පෙක් නැති ලමයෙක් හදන් අර කෙල්ල ඉන්නවා.  උබලගේ රෙද්දෙ සමාජවාදේ ගැන මට තවත් අමුතුවෙන් ආකල්ප ඕනද කියපන් දැන්.

මිනිස්සුන්ට දැනෙන්නේ උබලගේ පොතේ තියන සමාජවාදේ නෙවෙ. ඇස් පනාපිට දකින සමාජවාදේ. අපිට තේරෙන්නෙ  උබල ඔය අපිට නොතේරෙන්ට බර වචනවලින් කියන දෙවල් නෙවෙ. උබල අපිට පේන්න කරපු දෙවල්. 

උබලා කවදාවත් මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් කතා කලාද කියලා හිතපල්ලා, නිර්ධන. සමාජවාද.ධනේශ්වර . පීඩිත පංතිය. ඔය වචන කවදාවත් ඔය දුක් විදින පංතියේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ . ඔය වචන තේරුම් ගන්න අඩුම ගානේ ඌ දෙපාරක්වත් රුසියාවෙ ගිහින් ආව එකෙක් වෙන්න ඕන. අඩුම තරමෙ තමුන් පෙනී සිටින පංතියට තෙරෙන බාසාවෙන් කතා කරන්න ඉගනගනිල්ලා. උබලා එහෙම නොකරන්නෙත් උබලගෙම වාසියට කියලා මම දන්නවා මොකද උබලා ලොකූ බර වචනවලින් කියන ගොඩක් දේවල් සාමාන්‍ය බාසාවෙන් ගත්තම පොඩි දෙයක්. අර මෙලෝ හසරක් තේරෙන්නෙ නැති උන් ගොඩක් මැදට ගිහින් උබලා මේ වගේ වචන සෙට් එකක් දානවා

 ප්‍රතිගාමී තත්වයන් යටතේ ක්‍රියාකාරි වන සෛධ්‍යාන්තික නිගමන වලින් ව්‍යුත්පන්න කර ගන්නා ලද භෞතිකවාදී දයලෙක්තික ධර්මතාවයෙන් විසංගතිකව ශ්‍රමය මූලික කොට යැපෙන නිර්ධනපංතික ආමාශයන්හී ප්‍රකෘතිවාදය විසින් ඉල්ලා සිටින කෘෂිකර්මාන්තයේ හෝ ජෛව පාලනයෙහි ඵල ඔවුනට ලබා දිම ව්‍යවහාරික වශයෙන් වඩා ඵලදායීය


දැන් ඔය කියපු එක උන්ට තේරුනාද. අඩු ගානෙ ඕක පාලකයන්ට තේරෙනවද . මේ රටේ ඇමතිවරු ඉන්න උන්ගෙන 90% සාමාන්‍යපෙලවත් පාස් නැති උන්. 

ඕක කියපන්කෝ මෙහෙම..

මේ වැඩකරන මිනිස්සුන්ට බඩගිනි උන්ට කන්න හොයාගන්න විදියක් නෑ උන් දුප්පත්. ඒකට විසදුමක් දෙන්න


ඕක උබලට , මට , උන්ට, පාලකයන්ට ඔක්කොටම තේරෙනවා. උබල හැමදාම කරන්නෙ කොලේ වහලා ගහන එක. පොඩි මිනිහව උබලගේ අරමුනු වෙනුවෙන් ඇමට දාන එක. ඉතිහාසෙ පුරාවටම උනේ , වෙන්නෙ , ඔය ටිකම තමා


ඒ ඔක්කොමත් එක්ක මේ ගැන මට තියන ආකල්පේ ඇනෝ ඇවිත් මට සමාජවාදේ උගන්වන්ට හදන උන්ට කවදාවත් වෙනස් කරන්ඩ බැරි වෙයි. මොකද උබලගෙයි මගෙයි සමාජවාදේ වෙනස්.






46 comments:

  1. මල්ලි කාරණා කටයුතු නොදැන ඔහොම කතා කරන්න එපා... ජනතා විමුක්ති පෙරමුණ තරං ජනතාව ගැන හිතන.. ජනතාව ගැන දුක් වෙන.. ජනතාව වෙනුවෙන්ම කැප උන තව කවුරුවත් මේ ලංකාද්වීපේ නැහැ... එදා ඉදන් අද වෙනකල් ලංකාවේ ජනතාවට දෙයක් දිනා දුන්නනං ඒ ජනතා විමුක්ති පෙරමුණම තමා... මල්ලිම බලන්න... නිදහස් අධ්‍යාපනයේ පියා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්නේ.. එතකොට මහ පොළ දුන්නේ කවුද..? ඒත් ජනතාවිමුක්ති පෙරමුණු ඇමතියෙක්.. එතැනින් ගිහාම නිවාස දස ලක්ෂේ..ඒත් එයාලගේම තමා... තව ඉතිං මට ඕන තරං කිව්වැකි.. ඒත් එයිට වඩා හොදයි මල්ලිම පාරට බැහැලා බලන්න... ඔය මහවැලිය... අරක මේක හිටං මල්ලිට පෙනෙයි...

    අන්න ඒකයි කරුණු කාරණා නොදැන කතා කරන්න එපා කියලා කිව්වේ...

    ReplyDelete
  2. උඹ කියල තියන හැම වචනයක්ම ඇත්ත... ඔය සමාජවාදය හරි නොයන්නේ මිනිස්සු හැමෝම හොඳ නැති නිසයි.ඒ වගේ සියයට සියයක් සම්පුර්ණ මිනිස්සුන් නැති නිසා ඔය සමාජවාදය හරි යන්නේ නැහැ.
    අපේ විශ්වවිද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපති මේ ලඟදි ඔස්ට්‍රලියාවේ පර්මනන්ට් රෙසිඩන්ස් හම්බවෙලා ගියා.. හොඅරි හොඳ එකා බන්.. ආ අර ඌ එක්ක වැඩ කල දෙන්නෙක් කෝස් එක අතැරලා ජොබ් වලට ගියා.. තර්ඩ් ඉයර් වෙත්දී ....

    ReplyDelete
  3. මරු. කියන්න තියෙන බොහෝ දේවල් තේරෙන බාසාවෙන් කියා දීලා තියෙනවා.

    සමාජය පන්ති බෙදාගෙන [එහෙම බම්බුවක් දැන් ඇත්තේ නැහැ ලෝකේ] එයින් ප්‍රතිවාදී ලෙස සැලකෙන පන්ති වලින් පලිගන්නා එකත එක්තරා විදිහක නරුම අන්තවාදයක්. ඒ වගේම තමන් අදහන ආගමක් වගේ දර්ශනයකට යටත් නොවන එවුන් මරා දැමීම තනිකර ජිහාඩ් එකක්.

    කොටින්ම නියෝජනය කරනවා කියන නිර්ධන පන්තිය කියා මවාගෙන ඉන්න එකටත් කෙලින එකම තමා කරන්නේ. පහුගිය සියවසේ වැඩියෙන්ම දුප්පත් මිනිසුන් බඩගින්නේ මියගියේ ස්ටාලින් හා මාවෝ යටතේ.

    ඔය මාක්ස්වාදී විප්ලව කාරයින් කියන්නේ අන්න එහෙම වර්ගවාදී ජිහාඩ් කාරයින් පිරිසක්. අනේ ඔකුන්ගේ මානව ප්‍රේමේ.

    ReplyDelete
  4. හැමදාම තේරෙන භාෂාවෙන් පොඩි මිනිස්සුන්ගෙ දුක ගැන ලියන උඹ,
    ලඟකදි ඉදන් තේරෙන භාෂාවෙන්ම දේශපාලනය ගැනත් ලියන එක සතුටක්!
    ජය!

    ReplyDelete
  5. ගැරිජ්බාස් කෙනෙක් වෙන් ෆයිතගර්ස් ප්‍රේමය, ත්‍රිකෝණමිතිය, ඕම්ගේ නියමය ඕන වෙන්නෑ, ලිද ලග හෝ කඩේ බංකු ලැල්ලේ ඕප දූප කථා කරන්න මහ ලොකු දේශපාලන දැනුමක්. දේශපාලන තියරියක් ඕන වෙන්නේ නැහැ.
    නමුත් කාර්යක්ෂමතාවයෙන් වැඩි යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න ඉහත සියළු දැනුම් ඕන වෙනවා. ඒවා ගැන අඹමල් රොනක තරම්වත් වැඩහීමක් නැති ගැරිජ් බාස් අනුන් හදපු වාහනයක නට් එකක් තද කරලා මහා පොරටෝක් දෙනවා. ඒ ගැරිජ්බාස්ගේ දැනුමේ තරම.
    කඩපිලේ බංකු ලෑස්ලේ දේශපාලනය කථා කරන හැබිචොල් පොරවලුත් එහෙම තමයි.
    අන්තර් ජාලයෙත් ගැරිජ්බාස්ලාට වගේම බංකු ලෑල්ලෙ ලගින උන් ඉන්නවා ඒක සාමාන්‍ය දෙයක්..

    ReplyDelete
    Replies
    1. බැලුබැල්මට නම් ගැලපෙනම උපමාව... ඒත් ඉතිං සමාජවාදෙ කියන වාහනේ ඇණ තද කර කර මේකෙ පලයව් කියන ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ උන් සහ මෙහෙ ඉන්න සමාජවාදියො ගැරජ් බාස්ලට සමාන කිරීම ගැරජ් එකක නට් තද කරන මිනිස්සුන්ට අපහාසයක්ද කියලත් හිතෙනෝ... ;)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //අන්තර් ජාලයෙත් ගැරිජ්බාස්ලාට වගේම බංකු ලෑල්ලෙ ලගින උන් ඉන්නවා ඒක සාමාන්‍ය දෙයක්..//

      ඇත්ත ඇත්ත.. ඒ කතාවනං සහතික ඇත්ත.. ඇයි ඒ විතරක්යෑ... තමනුත් නොදන්න ඒත් දන්නවා යැයි හිතන... හැබැයි කවුරු හරි එකෙක් ඇහුවොත් හැබෑටම මොකක්ද ඕක කියලා ඇහුවම අර උඩ තියෙන්නැහේ..
      //සෛධ්‍යාන්තික නිගමන වලින් ව්‍යුත්පන්න කර ගන්නා ලද භෞතිකවාදී දයලෙක්තික ධර්මතාවයෙන් විසංගතිකව ශ්‍රමය මූලික කොට යැපෙන නිර්ධනපංතික ආමාශයන්හී ප්‍රකෘතිවාදය විසින් ඉල්ලා සිටින කෘෂිකර්මාන්තයේ හෝ ජෛව පාලනයෙහි ඵල ඔවුනට ලබා දිම ව්‍යවහාරික වශයෙන් වඩා ඵලදායීය//
      කියලා වචන ටිකකින් දමා ගහලා ෂේප්වෙන.. කවදාවත් අදාල දේ පැහැදිලි කරලා දෙන්නේ නැතිව වටේ යන මක බාස්ලත් මේකේ ඉන්නවා ආයිබෝං...

      සමහරු ඕක මෙහෙමත් කියලා මාරු වෙනවා... “මෝඩයින්ට ඕවා තේරෙන්නේ නැහැ..“ හැබැයි නිකමටවත් මෝඩයට තේරුං කරලා දෙන්න උත්සහ කොරන්නෙත් නැහැ ඌට තේරෙන විදියකට.. එහෙම වෙලාවට තමුන්ගේ ධර්මෙට පිටින් යන “මෝඩයින්ව“ උත්තරීතර විප්ලවයේ නාමයෙන් බල්ලෝ බළල්ලු වගේ මරා දාන්න උනත් බැරියෑ විප්ලවයක් වෙන කාලෙට... අර කාලයක් උනා වගේ... :D

      Delete
    5. මං ආයෙ අමුතුවෙන් මොකුත් කියන්ඩ ඕන නෑ නේ...

      Delete
    6. මචන් රංජි උඹ පොඩ්ඩක් හිතලා බැලුවේ නැද්ද උබ කොහොමද අද මෙතන ඉන්නේ කියලා
      මහලොකු ගැරෙජ් බාස් කෙනෙක්ම ඕනමනෑ, එකට බංකු ලෑල්ලෙ ලගින ඒකේක් හිටියත් ඇති.(ලෑ^ල්ල පද්දන්න පුලුවන් )
      තව දෙයක් අවම විනාඩි 5යි උපරිම 15යි මාස 10න් එලියේ.
      ඔකට මැවිසුරැවෙක්ම ඕනේද?

      Delete
  6. මම ඉස්සරවෙලාම රස්සාවට යනකොට මට අවුරුදු 20යි. මට තේරුන එකම දේ. මගේ ප්‍ර්ශ්න විසදගන්න ඕන මන්මයි කියන එක. මගේ ප්‍ර්ශ්න කවදාවත් මෙ රටේ මහ උන්ට ප්‍ර්ශ්නයක් නොවෙන බව මම එදා ඉදලම දැනගෙන හිටියා. මම පලවෙනි රස්සාවෙ පලවෙනි ප්‍රොජෙක්ට් එකේ තිබ්බේ තට්ටු 4 බිල්ඩිමක නෙට්වර්ක් අදින්න ඒදා ඒ වහලේ පන බයේ වෙව්ල වෙව්ල අඩිය තිබ්බ වෙලෙ මට ඉස්සරහ හිටිය එකා හොද වෙලාවට සමාජවාදියෙක් නෙවෙ. ඌ මට අත දීලා කිව්වෙ මෙච්ච්රයි.

    " මල්ලි පරිස්සමෙන් වැඩ කරපන් " කියලා

    එදා එතන උබලගෙ එකෙක් හිටියනම් කියන්නෙ මේ ටික

    " මල්ලි පේනවනේ අපි විදින දුක. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. අපි මේ වෙනුවෙන් සටන් කරන්න ඕන "

    බම්බුව තමා එහෙම උනා නම් අද වෙද්දි මම කොහෙද කියලා මටවත් හිතාගන්න බැරි වෙයි.




    ++++++++++++++++++++++++++

    ReplyDelete
  7. ඔන්න මන් පලවෙනි පාරට ඔයාගෙ බ්ලොග් එක කියෙව්වා. පට්ට මාත් ඉන්නෙ ඔයගෙ මතයෙම තමා.

    ReplyDelete
  8. ලෙසටම ලියල තියනවා මචෝ... මේ කුහකත්වයට අපේ තරුණ ජීවිත නම් කීයක් බිලි දී ඇතිද මේ වන විට.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මචං ඔය උඹට සමාජවාදය ගැන තියන අදහස වෙන්නැති. ඒත් සමාජවාදය කියන්නෙ ඕක නෙමෙයි.

    "මිනිස්සුන්ට දැනෙන්නේ උබලගේ පොතේ තියන සමාජවාදේ නෙවෙ. ඇස් පනාපිට දකින සමාජවාදේ. අපිට තේරෙන්නෙ උබල ඔය අපිට නොතේරෙන්ට බර වචනවලින් කියන දෙවල් නෙවෙ. උබල අපිට පේන්න කරපු දෙවල්. "

    මෙන්න මේ කතාවට නම් මාත් එකඟයි. කැම්පස් වල සමාජවාදය තියනවද නැද්ද කියන එක වෙනම කතා කරමු. JVP හා සමාජවාදය කියන දේ ගැනත් කතා කරන්න දේවල් තියනව. උඹ සමාජවදය ගැන මොකුත් දන්නෙ නෑ කියල පටන් අරගෙන උඹ සමාජවාදය කියල හිතන් ඉන්න එකක් ගැන කියනව. මං කියන්නෙ අපි මේ ගැන කතා කරමු.

    ReplyDelete
    Replies
    1. මමත් උඩ ඉදලම පල්ලෙහටම කිව්වෙ සමජාවාදේ කියන්නේ ඕක නෙවෙ කියලා තමා.


      Delete
  11. සමාජවාදය ගැන මේ බ්ලොග් අවකාශවල සිද්ධවෙන සාකච්ඡා/වාද විවාද සියල්ල මටනම් දැනෙන්නේ අර අන්ධයෝ පස්දෙනාගේ කතාව වගෙයි.
    අලියා කොහොම සතෙක්ද කියලා අන්ධයෝ 5කගෙන් ඇහුවාම,
    කකුල අල්ලලා බලපු අන්ධයා - අලියා වංගෙඩියක් වගේ
    කණ අල්ලලා බලපු අන්ධයා - අලියා කුල්ලක් වගේ
    වලියග අල්ලලා බලපු අන්ධයා - අලියා කොස්සක් වගේ
    ............

    ReplyDelete
  12. ඔය ගැන කතා කරල වැඩක් නෑ. පහුගිය අවුරුදු කිහිපය ඇතුලත ජවිපෙ, අන්තරේ වගේ වාමාංශික කියන ඔක්කොම සංවිධාන හැසිරුණු විදිහ දැක්කාම මේ අයට තියෙන්නෙ වාමාංශික චින්තනයක් නෙමේය, ග්‍රාමීය කුහකත්වයට වාමාංශික කවරයක් දාගෙනය කියන එක පැහැදිලිව පේනව. 89 මරපු හැමෝම ධනපතියොය කියල හිතාගෙන ඉන්න, ජවිපෙ නිසා දුක් විඳින ජනතාවට ලැබුනු හැම දෙයක්ම ලැබුනය කියල මේ අය පොඩි ස්වයං වින්දනයක් ගන්නව.

    සමහර විට ලෝකයෙ ක්‍රියාත්මක වන සමාජවාද චින්තන වල ගන්න පොඩි හරි දෙයක් ඇති. ලංකාවෙ නං සමාජවාදී පක්ෂයක්, චින්තනයක් දැන් හොයාගන්න අමාරුයි.

    දේශපාලනික දැනීම ගන්නවනං වාමාංශික දේශපාලනය කියන්නෙ තහඩු ටකරං බෙදා දීම, පාසැල් පොත් බෙදා දීම නෙමෙයි. ඒක සමාජ විද්‍යාවෙ එක චින්තන රටාවක දේශපාලනික ප්‍රතිරූපයක් විදියට හිතන්න පුලුවන්. ඒ නිසා සමාජය සියුම්ව අධ්‍යයනය කරන එක අත්‍යවශ්‍යයි. නමුත් එහෙම අධ්‍යයනය කරන්න යොදා ගන්න තියරි සර්වබලධාරී දෙවියො නොකරගෙන අධ්‍යයනය විතරක් අරමුණු කරගෙන යන්න වෙනව.

    දැන් ඉන්න “සමාජවාදීන්ට“ වෙලා තියෙන්නෙ තමන් එතෙක් අදහගෙන ආපු ආගම් අතෑරලා ඒ ඒ සමාජවාදී චින්තනය ආගම කරගෙන තියෙන එක.

    ඕවා කිව්වාම ඔන්ලයින් ලොකු ප්‍රතිවිරෝධයක් එනව. අපි හේගල් දන්නෑ, දයලෙක්තිකය දන්නෑ, ඒකෙන් ඔක්කොම විස්තර කරන්න පුලුවනය, අපි මහරජාට කඩේ යනවලුය අරකය මේකය දහසක් දේවල් කියනව.

    තව එක දෙයකුත් තියෙනව. මේව මෙහෙම වුන නිසාම නරුමයො එක්ක එක පේලියෙ ඉඳගන්නත් බැහැ. ඒකත් වැදගත් පොයින්ට් එකක්. උඩ පැන පැන උඹට චියර් එක දායි. ඒත් නරුමයා නරුමයා විදියට අඳුන ගන්නත් ඕනෙ.

    ReplyDelete
  13. //මම කවදාවත් සමාජාදය ගැන පොත් කියවලා නෑ. දේශන අහලා නෑ. අහන්න උවමනාවකුත් නෑ.//
    දියුනු මිනිසුන් නූගත් කම ආභරනයක් ලෙස සලකන්නේ නැත.නමුත් ඔබ එය ආභරනයක් ලෙස සලකන බව පෙනේ

    ReplyDelete
    Replies
    1. නමුත් වෙනත් මූලයන්ගෙන් එය cover වූ බව ඔබගේ අවධානයට ලක් වී නැති බව ද පෙනේ

      Delete
    2. මචං ඇනෝ උබලගේ හැමදාම තියෙන්නෙ ලස්සන වචන විතරයි. අපි නූගත් කියමුකෝ. හැබෙයි අපි පොලොවෙ පය ගහලා ඉන්නවා. උබලා වගේ හදේ ඉබ්බෝ හොයන් නෑ.

      Delete
    3. මා කිසිදු ලස්සන වචනයක් පවසා නැත .සමාජවාදය ගැන ඔබ නූගතෙකු බව ඔබම ලියා ඇති දෙය උපුටා දැක්වූවා පමනි.නූගත්කම කිසිදු මූලයකින් කවර් කල නොහැකිය යන මූලික කරුනවත් නොදන්නා අයයි ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඔබ පොලවේ පය ගහල ඉන්නවා කියන්නේ මෙහි ලියා ඇති ග්රානමීය පහල පන්තික අත්දැකීම් වලට වියහැක. හදේ ඉබ්බෝ හොයන් නෑ යන්නෙහි තේරුම මම නොදනිමි
      යම්කිසි කරුනක් ගැන කතා කිරීමට එම කරුන ගැන දැනුමක් තිබිය යුතුය යන්න දෙමාපියන් විසින් තම දරුවනට කුඩා කාලයේ සිටම ලබා දිය යුතු දෙයකි.එම දැනුම නොලැබුන විට බිහි වන්නේ සමාජයීය මුග්දයන්ය (social idiots)

      Delete
    4. ඔබගේ සමාජයීය මුග්දත්වය ගැන තවදුරටත්
      //උබලා කවදාවත් මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් කතා කලාද කියලා හිතපල්ලා, නිර්ධන. සමාජවාද.ධනේශ්වර . පීඩිත පංතිය. ඔය වචන කවදාවත් ඔය දුක් විදින පංතියේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ //.
      යම්කිසි දෙයක් ඉගෙන ගැනීමේදී ඊට අදාල වචන මාලාවක් ඇති බව වටහා ගත යුතුය. එය පන්ඩිත කමක් නොව විශයට අදාලව ලබාගන්නා ශික්ශනයයි.ඔබ කියන විදියට medical college ඉගැවිය යුත්තේ මෙහෙමද?පුකේ අමාරුවට හේතු,තනේ අමාරුවට බෙහෙත්
      දොස්තර වරයා අපට විස්තර කල යුත්තේ මෙහෙමයි.උබට තියෙන්නේ පුකේ අමාරුවක්
      ඇත්තටම මෙය ජ වි පෙ හො සමාජවාදයේ ප්රහශ්නයක් නොවෙයි.ඔබගේ දෙමාපියන් ඔබව නිවැරදිව සමාජ ගත නොකිරීමේ ගැටලුවයි.ඔබගේ සහ ඔබගේ දෙමාපියන්ගේ ප්රනශ්න වලට ජ වි පෙ සහ සමාජවාදය පලි නැහැ.

      Delete
    5. මචන් ඇනො උඹලට මෙවා ග්‍රාමීය පහල පාන්තික අත්දැකීම් උනු එකයි මෙතන ප්‍රශ්නෙ.උඹල කතා කරන්නේ වැඩ කරන ජනතාව ගැන කියලයි මන් අහල තිබ්බෙ වැඩකරන ජනතාව නම්(අපේ පැත්තේ) විට කාල,දාඩිය පෙරාගෙන ඉන්නෙ.මන්හිතන්නෙ ග්‍රමිය පහල පාන්තික විදියට උබට අනුව.එතකොට උබල මෙච්චර කල් කතා කරේ වැඩකරන පොශ් ජනතාව ගැනද?

      Delete
    6. වැඩකරන පොශ් ජනතාව ගැනද?


      ඇඩෙනවා.. ඒකටනම් .. ආයෙ මම මොකුත් කියන්න ඕන නෑ මං හිතන්නෙ

      Delete
    7. AnonymousSeptember 3, 2013 at 8:23 PM
      ඔබත් හර්ශන වගේම තමයි .දන්නැති දේවල් ගැනම තමයි කතාව.ග්රා,මීය පහල පන්තිය යනුවෙන් හදුන්වන්නේ සුලු දනේශ්වර අදහස් සහිත කොටසයි.හෙවත් යන්තම් පොඩි ඉඩම් කැල්ලක් වගේ දෙයක් තියාගෙන සල්ලිකාරයෙක් වගේ හිතන කට්ටිය. මම මේ සරලව කිව්වේ .දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් කියන්න තව විස්තර කරන්න පුලුවන්.
      හර්ශන ඔබ නම් ඉන්නේ ඇඩිය යුතු තත්වයක තමයි. තමන්ගේ විකාර රූපී බව පෙන්නා දුන් විට එයට පිලිතුරක් නොදෙමින් මග හරින ඔබගේ තත්වය ගැනවත් ඔබට අදහසක් නැත. ලජ්ජාව ආත්ම ගව් රවය වැනි දේවල් ගැන ඔබට දැනීමක් නැති බවයි පෙනෙන්නේ.සැබැවින්ම මේවා දෙමව්පියන්ගේ ප්රආශ්න.
      //මොකද චේ ගුවේරට. ලෙනින්ට වඩා මට මගේ තාත්තව විශ්වාසයි//
      සැම කුඩා ලමයෙකුටම තමන්ගේ පියා වීරයෙකි.නමුත් වැඩෙන විට සමාජය ගැන අවබොදයක් ලැබෙන විට තත්වය වෙනස් වෙයි.නමුත් මනස වැඩුනේ නැත්නම් තත්වය වෙනස් නොවෙයි .
      88/89 ප්රිශ්නය කිරි ප්රනශ්නයක්ට ලඝු කිරීම,රස්සාවට ගියවිට ලැබුන අත්දැකීම මේවාද අවශ්ය නම් පැහැදිලි කල හැක

      Delete
    8. අනේ පලයන් බං යන්න . උබලගේ බොක්කට වදින පීඩිත පන්තියේ ටෝක් හින්දා වෙන්න ඇති . සවලෙන් එකතු කරන්න පුලුවන් තරම් JVP කාරයෝ ටිකක් ඉතුරුවෙලා ඉන්නෙ. උබට ඕනම නම් මම ෆොටෝ ටිකක් එවන්නම් ගිය සතියෙ ගමේ තිබ්බ උබලගේ රැස්වීමක්. වේදිකාව ගහන්න බඩු දුන්න උන් ටිකයි සූ ගාල 40ක් විතරයි හිටියා ඒකෙනුත් බාගයක් අර මොකක් හරී ස්ටේජ් දැක්කම වට වෙන උන්. උබලගේ දැක්ම උබලගේ ක්‍රමය පට්ට විදියට නැගලා යන හින්දා වෙන්ඩ ඇති එහෙම උනේ.

      උබලා වගේ උන් එක්ක කතා කරනවට ව්අඩා හොදයි කුඩු ගහපු උන් එක්ක කතා කරනවා

      ගොබ්බ ටෝක් මැදට බර වචන දැම්මා කියලා . පොර වෙන් නෑ බං උබලා දෙතුන් දෙනා ඇරෙන්න අනික් උන්ට ඕවා මෝඩ චූන්.

      Delete
    9. මා කියා ඇති එකද ගොබ්බ කතාවකටවත් ඔබට පැහැදිලි පිලිතුරක් දීමට නොහැකි ඇයි? ඔබ මටත් වඩා ගොබ්බ නිසාද?
      මට පොරක් වීමට කිසිදු අවශ්යතාවයක් නොමැත.බ්ලොග් අටවාගෙන ෆොටො දමාගෙන තමන් නොදන්නා දේවල් කතා කරමින් පොරක් වීමට දගලන්නේ මමද නැත්නම් ඔබද?
      මා මාක්ස්වාදියෙකු වුවත් ජ වි පෙ සාමාජිකයකු නොවෙමි.එම කොටස මට අදාල නැත.
      මාත් කුඩුකාරයෙක් කියලා හිතාගෙන හරි මම මතුකර ඇති කරුනු වලට පිලිතුරු දෙන්න.
      මගේ මොඩ චූන් වලට ඔබ ලග ඇති නුවනක්කාර පිලිතුරු මොනවාද?බැනීම පමනක්ද?

      Delete
    10. මම බ්ලොග් ලියන්නෙ පොර වෙන්න නම් ලියන්න ඕන මාතෘකා මොනවද කියලා මම දන්නවා. අනිත් කාරනේ මගේ ෆොටෝ එකක් දාගෙන මට මේවා ලියන්න මට කොන්ද පන තියනවා. උබ වගේ හැංගිලා ලෝකෙට සමාජවාදෙ ගැන පන්ති දාන පොරක් නෙවෙ මම.

      මම කලින්ම කියලා තියනවා සමාජාවදේ කියන දේ මේ රටේ ඉන්න සමාජවාදෙ ගැන දොඩවන හා සමාජවාදියෝ කියලා පෙන්වන උන්ගේන් බහුතරයක නෑ කියලා.

      ඒකට උබට ඔය තරම් ෆෝම් වෙන්නෙ උබත් ඒ ගොඩේ එකෙක් නිසා.

      මේකත් හොදට මතක තියාගනින් බ්ලොග් ලියලා පොර උනා කියලා. මට මාසෙට හාල් පොල් ගන්න සුපර් මක්ට් වවුචර් හම්බ වෙන් නෑ.

      ඒ වගේ ස්වයං වින්දන සීන් මගේ නම් නෑ. මේ රටේ ඉන්න එකෙක් විදියට දකින ඇහෙන දේ මම ලියනවා. මගේ ජාතකේ අවුල හොයන ඔයා පොඩ්ඩක් ඔයාගෙ ජාතකේ අවුල ගැන හොයලා බලාගන්න. මොකද තමුන්ම කිව්වනෙ මේවා දෙමව්පියන්ගෙන් එන වැරදි කියලා. මටත් කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා.

      ඔය තරම් මාක්ස් වාදේ මිහිරිනම් . හුරතල් නම් ගම් වල සවල් වලින් එකතු කරන්න තරම් JVP කාරයෝ ඉතුරු උනේ ඇයි කියලා ඉස්සරවෙලා හොයාගනින්. මිනිස්සු විසි කරන්නෙ යල් පැන්න නරක් වෙච්ච එහෙමත් නැත්තං කුනු වෙච්ච බඩු.

      ඒ ටික හොදට මතක තියාගනින්. උබ අහන ප්‍ර්ශ්න අහන්න ඕන අපෙන් නෙවෙ උබලගෙන්මයි මොකද අපී අර වැඩකරන පොශ් ජනතාවට අයිති වෙන් නෑ.

      Delete
    11. ඔබ පොශ් පොරක් නොවන බව මම දනිමි.ඉතා අඩු ආරක්ශක ප්රිමිතියකින් යුතු බාල ඉන්දියන් යතුරු පැදිවල බාල පැට්රොල් ගසාගෙන (එයිනුත් කොටසක් ශෙඩ්වලින් හොරා කනවා) ට්රැ ෆික් වල වාත වෙමින් දුහුවිලි කමින් ගමන් කරමින් ගන්නා ඉතාඅඩු පඩියෙන් වැඩි කොටසක් මොඩයන් ලෙස නැවත ආන්ඩුවටම දෙමින් චීනයෙන් ගෙන්වන ලද අටවන බාල බඩු පාවිච්චි කරමින් පිට රට යවන්නට සැදූ ඇදුම් වලින් පලුදු නිසා ඉවත් කර ලන්කාවේ කඩවලට දමන ලද ඇදුම් අදිමින් කාලකන්නි ජීවිතයක් ගත කරන ඔබ පොශ් පොරක් කියා සිතීමට තරම් මට පිස්සු නැත.
      මා ප්රටශ්න කලේ ඔබ චින්තනයෙනුත් මුග්දයෙකු වීමයි.ඔබ ලියූ දෙය වැරදියි කියූ විට ඔබ හැසිරුනු අයුරින් එය මනාව පැහැදිලි වෙයි
      මාක්ස්වාදය වටහා ගත හැක්කේ දියුනු මනසක් ඇති අයට පමනයි.ඔබ වැනි අර්ද වනචාරී අයට එවා වටහා ගැනීමට අමාරුයි.
      සුපර් මාර්කට් එකකට ගිය පලියට හො මොඩර්න් කියා සිතා බ්ලොග් ලියූ පලියට වනචාරී ගතිගුන ඉවත් වන්නේ නැහැ

      Delete
    12. මම ඔයාගෙනුත් දකින්නෙ අනිත් සමාජවාදීන්ගෙන් දකින දේම තමා. උඩ තියන කොමෙන්ට් එකෙන් ඒක අනික් උනටත් පට්ට විදියට පැහෙදිලි වෙයි.

      ඔයා නිකං මාක්ස් නෙවෙ සුපිරි මාක්ස්,

      මම ඉගනගත්ත එක දෙයක් තියනවා. ගනුදෙනු කරන එකා හරකෙක් කියලා දැනගත්තට පස්සෙ . ඌට තවත් දෙවල් කියලා වැඩක් නෑ


      Delete
    13. නොදකින් විතරක් . උබ ඇනෝ හිටියට දැන් නම් හිතා ගන්න පුලුවන් මොකාද කියලා. උබලා වගේ නපුංසකයෝ ඉන්නවා බං වෙන රටවල් වලට වෙලා. සමාජවාදෙ ගැන පොත් කියවන එක විතරක් කරන උන්. සමාජවාදේ තියෙන්නෙ මොනිටරේ ඉස්සරහා නෙවෙ. උබ අමු ගොනෙක් ඒක උබම ඔප්පු කලා කියලා මටනම් හිතෙන්නෙ. මේ බ්ලොග් එක ලියපු එකාගෙද උබෙද කුහක කම තියෙන්නෙ කියලා උඩ ඉදලා මේක කියෙව්වම ඔලුවට වැටෙනවා. කකුලක් පිට කකුලක් දාගෙන පොත් කියවලා ඒවගේ හෑලි ෆේස් බුක් එකේ දැම්මා කියලා උබ වගෙ හාල් පාරුවෙක් සමාජවාදියෙක් වෙන් නෑ. උබ වගේ මෝඩ පඩියෙකුට වඩා. මොකුත් නොදැන තේරෙන්න මේක ලියපු එකාට මොලේ තියනවා

      Delete
    14. ඔය ඇනෝ ඇවිත් කමෙන්ට් දාන මාක්ස් වාදියා පොළොන්නරුවේ හිගන්නෙක්. උගේ උපතින් ආව අඩුකුල වාසගමත් වෙනස් කරලා ඉන්න හීන මාන කාරයෙක්. මහ ලොකු මාක්ස් වාදියා. ඒත් ගරු නම්බු ගැන හිතලා වාසගම මාරු කලා. හනේ රතෝ අපි දන්නෙ නැද්ද උඹ කෙල්ලෝ කී දෙනෙක්ට හදි කලාද කියලා ගාමන්ට් දාන්න කිය කියා.

      Delete
    15. ඔබගේ මූලික තර්කය රැගෙන බලන්න .යම්කිසි දෙයක් ගැන අදහස් ප්රතකාශ කිරීමට එගැන දැනුමක් අවශ්ය නැත.මෙවැනි තර්ක ඉදිරිපත් කරන අයට කියන්න පුලුවන් හරක් කියලා තමයි.කොන්දක් තියෙනවා කියා පොරටොක් දිදි ඇනො කොමෙන්ට් දමන්නේ ඇයි.ඔබගේ ලමයි පාසල් යවන්න එපා. අත් දැකීම් වලින්ම ඉගෙන ගන්න දෙන්න.ඇයි දැනුම අවශ්ය නැහැනේ.සිල්වා කියන්නේ ලන්කාවේ හැටියට අඩුකුල වාසගමක් තමයි.සිල්වලා හැටියට ඉන්නේ බොහොවිට පද්දන් හො හාලින්.ඔවුන් තවමත් කතා කරන්නේ තො උබ වරෙන් පලයන් වැනි වචන. එමනිසා ඔවුන් කොහොමටත් අනිත් සමාජයෙන් කොන් වෙලා තමයි ඉන්නේ.

      Delete
    16. ඇනෝ පුතේ. උබේ සමාජවාදේ කොහොමද කියල රෙද්ද පල්ලෙන් බේරිලා ඉවරයි. අනික උබට ව්අගේ හැංගිලා ගහන නපුංසක සීන් මට පුරුදු නෑ. උබ වාසගම් බලලා මීට පස්සෙ සමාජවාදේ උගන්වපන්. උබලා වගේ මානසීක රෝගියෝ තමා මහලොකු සමාජවාදී ටෝක් දෙන්නෙ , තවත් බලු නොවී කට වහගෙන හිටහන් දැන්. මොකද උබ කොයි තරම් උඩු බිරුවත් මිනිස්සුන්ට දැනෙන ඇත්ත වහන්න බෑ. උබගෙත් දැන් ආයෙ ගැලවෙන්න රෙදි ඉතුරු වෙලා නෑ.

      මෙච්ච්රයි කොන්දක් තියනවනම් . උබේ සමාජවාදේ ඔච්ච්ර හයියනම් වරෙන් හැංගිලා කෑ ගහන් නැතුව. ඇයි ඔයාගෙ සමාජවාදේ ශුවර් නැද්ද හැංගිලා ඒ ගැන කතා කරන්න තරම් . උබටම සැකයි නේ මිනිස්සු පිලිගනීද කියන එක. මීට පස්සෙ ඇනෝ ඇවිත් උබ තප්පුලන්න එපා සමාජවාදේ කොන්දට තියලා බැදගෙන වරෙන්

      Delete
    17. මගේ පිලිතුරු නිසා මා කිච වී රෙදි ගැලවී නන්නත්තාර වී ඇත්නම් තවදුරටත් පිලිතුරු දෙමින් මා පසුපස එන්නේ ඇයි?මගේ පිලිතුරු අමතක කර ඔබගේ මේ ජනප්රි ය බ්ලොග් එකේ වැඩ කරගෙන යන්න පුලුවන්නේ.
      හතර පස් දෙනෙක් බලන ඔබේ මේ බ්ලොග්(ඒ හතරපස් දෙනාත් එන්නේ මාරයාගේ පබ්ලිසිටියෙන් පස්සෙ) එකේ ඇනො ආවත් ප්රොනෆයිල් ආවත් සිදුවන ලොකු වෙනසක් නැත.උත්තර දෙන්නේ ඇනොද ප්රොනෆිල්ද කියා තීරනය කරන්නේ මමයි.
      ඔබ ඇනො එනවාට අකමැතිනම් ඇනො කොමෙන්ට් බ්ලොක් කරන්න පුලුවන්නේ. පසුව ඒ ගැන කතා කරන්නේ ඇයි.
      අප මේ කරන්නේ දේශපාලනික වැඩකි.වාමාන්ශික දෙශපාලනයට විරුද්ද වීමට අවශ්ය නම් ඉගෙනගෙන පැමිනෙන්න.නැත්නම් ඔබ වැනි කාලකන්නින්ට අප කිසිදා ඉඩ දෙන්නේ නැත.

      Delete
    18. රෙදිගැලවි ඇත්තේ ඔබතුමාගේමයි .
      කියන්න ඕනෑදේ පැහැදිලිව කියන්න දන්නේත් නැහැ
      (දන්නදේ තේරෑම් අරගෙන නැතිව අනුන්ට පැහැදිලිව කියාදිය නොහැක)
      සංනිවේදනයේදි මූලීකම දේ තමයි තමන්ගේ ප්‍රතිග්‍රහකයාව හොදින් වටහා ගන්න එක.
      ශ්‍රාවකයාගේ වයස බුද්ධිමට්ටම ගැන අවබෝධයක් නැති ඔබතුමාගේ මෝඩකම මොනවට කියන්නද?
      කොරන්න යන්නේ මොක්කද කියලා තේරැම් ගනින් ඉස්සෙල්ලා ,
      නිකන් මෝඩයා වගේ හි* දාන එක බුරියට දාන්නැතිව හිටහන්

      Delete
  14. මට හරි ආසයි එක ජේවීපී පකිස් බූරුවෙක්ට හරි මේක පෙන්නල උගෙ මූණත් තහඩුවට මොකද වෙන්නෙ කියල බලාගන්න.

    -ප.ගෝ.

    ReplyDelete
  15. මටනම් ඔය එක රෙද්දේ වාදෙකින් වත් වැඩක් නැ. ඕවා හදපු මිනිස්සු හිතලා තියන විදිහට නම් අවසානයේ "ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වුහ " තමයි. නමුත් කොරන කොටනම් ඔය එකකින් වත් අවසාන ප්‍රතිපලේ ලබා ගන්න බැරි එක තමයි පුරස්නේ. කොහොම උනත් මටත් පෙන්නම බැරි උන් තමා ලංකාවේ වාමාංසික කියන එවුන් ටික. මම කියා කියා හිටියේ ඔවුන්ට චන්දෙ දෙනවට වැඩිය හොඳයි ප්‍රභාකරන්ට චන්දෙ දෙන එක කියලා.

    ReplyDelete
  16. //මල්ලි කාරණා කටයුතු නොදැන ඔහොම කතා කරන්න එපා... ජනතා විමුක්ති පෙරමුණ තරං ජනතාව ගැන හිතන.. ජනතාව ගැන දුක් වෙන.. ජනතාව වෙනුවෙන්ම කැප උන තව කවුරුවත් මේ ලංකාද්වීපේ නැහැ... එදා ඉදන් අද වෙනකල් ලංකාවේ ජනතාවට දෙයක් දිනා දුන්නනං ඒ ජනතා විමුක්ති පෙරමුණම තමා... මල්ලිම බලන්න... නිදහස් අධ්‍යාපනයේ පියා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්නේ.. එතකොට මහ පොළ දුන්නේ කවුද..? ඒත් ජනතාවිමුක්ති පෙරමුණු ඇමතියෙක්.. එතැනින් ගිහාම නිවාස දස ලක්ෂේ..ඒත් එයාලගේම තමා... තව ඉතිං මට ඕන තරං කිව්වැකි.. ඒත් එයිට වඩා හොදයි මල්ලිම පාරට බැහැලා බලන්න... ඔය මහවැලිය... අරක මේක හිටං මල්ලිට පෙනෙයි...//

    උපේන්ද්‍ර.....උඩ තියෙන කොටස උඩින්ම තමයි ගත්තේ.කේන්ති ගන්නේ නැතිව මගේ ප්‍රශ්ණ තුනට උත්තර දෙන්න හොඳ මහත්මයෙක් වගේ.මම ජෙප්පෙක් කියලා හිතාගෙන උත්තර දෙන්න එපා.

    1)නිදහස් අධ්‍යාපණය කප්පාදු කිරීම සඳහා නොයෙකුත් රජයන් නොයෙකුත් විටකදී ගත් උත්සාහයන් වැලැක්වීම සඳහා ජේවීපිය යම්කිසි දායකත්වයක් ලබාදී නැද්ද?

    2)මහපොල ආධාරය වැඩිකර ගැනීම සඳහා ඔවුන් දුන් දායකත්වයක් නැද්ද?

    3)අපෙන් ඉහත පරම්පරාවන් විසින් නොයෙකුත් කැපකිරීම් තුලින් අපට ලබාදුන් යම්කිසි අයිතියක් ඇත්නම්,එය සුරකිව තබා ගැනීම අප සතු යුතුකමක්ද?නැද්ද?

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාල වල සිටි අභිත පුතුන්ගේ ක්‍රියාකාරකම් ජේවිපි වැනි අංජබජල් පක්ෂයකට ලබාදෙන්න උත්සහ කරන්න එපා.මහත්තයෝ

      අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය හා මහා ශිෂ්‍ය සංගමය වැනි නොසැලෙන ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරකම් හා එහි සිට පක්ෂ බේද රහිතව මුලුමහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකල ඒ උතුම් ශිෂ්‍ය පරපුර නිසා මිස වාසි පැත‍්තට පූ* දෙන්න ගොස් අනාතවු (පූ* හි* ලොකුකරගත් )ජේවිපි නිසා නොවන බව මා වගකිමෙන් ප්‍රකාශ කරමි.

      Delete
  17. සංවාදය ඉතා වැදගත්... සමාජවාදය හෝ ධනවාදය හො අර්ත ක්‍රමය කුමක් වුවත් වෛයිරයෙන් තොරව සුහදත්වයෙන් කෙරෙන සංවාදය තුලින් අසත්යෙන් දුර්මත වලින් වැසී ඇති සත්ය නිස්සාරනය කරගත හැකිවේ.
    ව්ශේෂයෙන්ම තරුණ්ය නව පරම්පරාව ගතානුගතිකව නොපිලිගෙන ව්මස විචාරා අධ්‍යානයෙන් පිලිගැනීමට නැඹුරු වීම රටේ හෙට දවසට ඉතා යහපත්.
    එය බ්ලොග් වලට කො‍ටු නොවී ස්මජය පුරා පුරා අතීවේ නම් බොහෝ අගේය.

    සමාජවාදය මෙන්ම කවරදෙයක් වුවත් කාලයත් සමග අඩුවැඩි වශයෙන් කදනයට හා ගුණත්මක වර්ධනයට ලක්වේ.
    ඇත්තාට වෛර කිරීම හෝ නැත්තාගේ නැතික වාසියට ගෙන හූරාකැම සමාජවදය නොවේ.
    ඇත්තා අධික පරීබෝජනයෙන් ඉවත්වී නැත්තා හා සහයොගයෙන් බෙදා ගැනීම සැබැ හා අපට අවශ්‍ය කරන සමාජවාදය වේ.

    ReplyDelete
  18. මම අදයි මේ බ්ලොග් එක දැක්කේ. මමත් සමාජවාදය ගැන ධනවාදය හා මාක්ස්ගේ ප්‍රාග්ධනය ලියනව. පුලුවන්නම් ඇවිත් කියවන්න. ඔබේ තරහව මට තේරුම් ගන්න පුළුවන්. මම ඇනෝ ලියන්නේ නැහැ. මගේ නමින්මයි ලියන්නේ. ඉන්නේ UK වල. රුසියාවටත් ගිහින් තියනවා. මම ප්‍රාග්ධනය ලියන්නේ තේරෙන භාෂාවෙන්. ඒ නිසා අර ඔබ කියන කතා (සමාවෙන්න අරූ මේ ඇත්තමයි) - අනුන්ට නොතේරෙන්න කතා කරන සමාජවාදී කතා මාත් අහල තියෙනවා. එක්තරා සුන්දර 1987 දවසක මම රුසියාවේ ඉඳන් ආපු වෙලාවේ හමුවුනා ජවිපෙ සාමාජිකයෙක්. මම බස් ගිනි තියපු වෙලාවේ ඒක විවේචනය කලහම මිනිහ මට කිව්වේ මම සුලුධනේෂවර වෙලා ඇවිත් කියල. 88-89 ඒගොල්ලොත් ගොඩක් මරුන. වධ දී මාරුව. ඒ ගොල්ලොත් මාරුව. දෙකම වැරදියි. UK වල ජිවත් වුනත් මම තවම සමාජවාදයට කැමතියි. ඒ මම හිතන සමාජවාදය නිදහස් මිනිසුන්ට අයිති එකක් නිසා. එක ඔය ජවිපෙ කියන එක නම් නෙමෙයි. මට ඒක වැටහුනේ ඒ කාලෙමයි. ජවිපෙ නිසා මාක්ස්ට බනින එක දේවදත්ත නිසා බුදු හාමුදුරුවන්ට බනිනවා වගේ. ස්තුතියි.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: