Monday, September 23, 2013

චන්දේ...

චන්දේ...





එකදාස් ගනන්වලින් අවුරුදු ගනන් කරන කාලේ මම මීට වඩා බරපතලෙටම දේශපාලනේ කලා. චන්දෙ ඔන්න මෙන්න කියලා ගෙදරට එන පාට පාට මාමලගෙන් වැඩිම කැලෙන්ඩර් කාඩ්. පෝස්ටර් එකතු කරන සීතල යුද්දයක් මමයි මල්ලි අතරෙයි දරුනුවටම තිබ්බා ගොඩාක් වෙලාවට ඒවා කෙලවර උනේ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලින්. කැෆේ සංවිධාන වගේ සංවිධාන නොවුනත් අපේ අම්මගෙ හරි තාත්තගෙ හරි සංවිධානයක් මැදිහත් වෙලා ඒවා නීරික්ෂනය කරලා ඒ වෙලාවෙම බරපතල දඩුවමුත් ලබා දුන්නා.

ඊට පස්සෙ වැදගත්ම දවස උනේ චන්ද දවස . උදේ පාන්දරින් ගිහින් චන්දෙ දාල එන අම්මගෙයි තාත්තගෙයි පුන්චි ඇගිල්ල දිහා බලාගෙන අපී අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා . මොකද අපිටත් අයිතියක් තියනවා මේ රටේ පුරවැසියෝ වැස්සියෝ විදිහට අපේ මනාපේ දෙන්ඩ. හැමදේටම අපි පුන්චි වැඩි කියන එක පිලිගන්ඩ පුලුවන්ද.  දෙපාරක් තුන්පාරක් පුම්බගෙන  එහෙ මෙහෙ යනකොට ඔන්න තාත්තගෙන් කැදවීමක් එනවා.

" එනවා කන්තෝරු කාමරේට "

අන්න ඒ වෙලාවට පුම්බගත්ත නැට්ට අකුලගෙන මල්ලිට කලින් කොහොම හරි මම කාමරේට පැනගන්නවා. ඒ දවස් වල අපේ තාත්තා ලග තිබ්බා මාකර් පෑන් ඉතින් තාත්තා කරන්නේ ඕකෙන් අපේ පුන්චි ඇගිල්ල පාට කරන එක. අන්න ඒ විදියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ  පුරවැසියෙක් වීමෙ අයිතිය කන්තෝරු කාමරේදී අපේ තාත්ත ලබා දෙනවා.



ඉතින් ඊට පස්සෙ හරී සන්තෝසයි. ගෙදරට එන බල්ලටයි කොල්ලටයි නැන්දලටයි මාමලටයි සහ සීයලුම හෙලවෙන ජීවියෙක් දැක්ක ගමන් අපි කරන්නෙ අපේ ඇගිල්ල උස්සලා පෙන්වන එක. සෙල්ලංද අපිත් චන්දෙ දීලා ඉන්නෙ.


එහෙමත් වෙලාවක කොරන්ඩ වැඩක් නැතිම එකෙක් කුපාඩි කමට අපෙන් ප්‍ර්ශ්නයක් අහනවා. ආ ලොක්කා කාටද චන්දෙ දුන්නෙ. 

ඕකට මම හැමදාම දුන්නෙ එකම උත්තරේ ... පලාත් සබා , ප්‍රාදේශිය සබා , ජානාධිපතිවරනේ ඔය මොකක් උනත් මගේ උත්තරේ උනේ " ප්‍රේමදාස මහත්තයට " කියන එක. ඒ උත්තරෙන් පස්සෙ වටේ පිටේ උන් කුප්ප විදියට හිනා වෙනකොට ආයෙම පූර්ව මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති උන වාර බොහොමයක් තිබ්බා.

ඊට පස්සෙ හවස තුන තුනහාමාර වෙනකොට මායි මල්ලිවයි එක්කරගෙන අපේ තාත්ත පාර අයිනට යනවා ජනතාවගේ පරාමාධිපත්‍ය පෙට්ටි වලට පුරවගෙන අරන් යන හැටි බලන්ඩ.   ලංගම බස් ලයිට් දාගෙන දුම් පිබගෙන අපිව පහු කරන් යනකොට ඒ බස් වල ඩ්‍රයිවර් ලා මගේ සුපිරි වීර ලැයිස්තුවෙ සුපර් මෑන්ටත් වඩා අඩි 25ක් 30ක් උඩින් තමා කොහොමත් නතර වෙන්නෙ. චන්දෙ ඉවරවෙලත් මාසයක් දෙකක් යනකම් ලංගම බස් ඩ්‍රයිවර්ලා මගේ ගරු කටයුතු ලිස්ට් එකෙන් කොහොමටවත් පහලට බහින් නෑ .. කොහොමත් අන්තිම චන්ද පෙට්ටියත් අරන් ගියා කියන වචනෙ මට විශ්වාස කරන්ඩ පුලුවන් එකෙක්ගෙ කටින් පිටවෙනක්ම් අපි ගෙදර ගියෙත් නෑ

අන්න එහෙමයි අපි චන්ද කලේ

එතනින් පස්සෙ උදා වෙන්නේ  සෑහෙන්ඩ වැඩ තියන කොටස . හය හත වෙනකොට පහල ගෙදර අය අපේ ගෙදෙට්ට එන්න පටන් ගන්නවා. චන්ද් ප්‍රටිපල බලන්ඩ අපේ බාප්පා ඒ දවස් වල අනිත් පැත්තේ . අපේ තාත්ත කොහොමත් උපන්දා ඉදලා යූ, එන් ,පී   ඉතින් අපි කලින්ම ප්‍රතිපල යනකොට කෑ ගහන්ඩ ඕන පක්ශෙ පාට සතා තාත්තගෙන් අහගන්නවා.  ඔය වෙලාව වෙනකොට තාත්ත අපිට දෙනවා කොල ස්ටෙප්ලර් කරලා හදපු පොතක්. අපි එතකොට තේරුම් ගන්නවා අපි සෑහෙන්ඩ වැදගත් කාර්යක් ඉටුකල යුතු පුද්ගලයෝ කියලා. කොහොමත් ඒ වෙනකොට මම තීරණය කරලා ඉවරයි දවසම ඇහෙරලා ඒ පවරපු රාජකාරිය අකුරටම ඉටු කරනවා කියලා. හැබෙයි  ඒ පොතක පිටු දෙකක් තුනක් ඇරෙන්ඩ කවදාවත් ඊට වඩා නම් ලියාගන්ඩ බැරි උනා. 

මුල්ම චන්ද ප්‍රතිපල අතරේ උඩින්ම ඉන්න සතා අලියනම් . ආයේ ඉතින් අපි යටිගිරියෙන් අපේ සතුට ප්‍රකාශ කරනවා ලේසිද දිනලා ඉන්නේ අපේ තාත්තා. ඊලග චන්ද ප්‍රතිපල ටිකත් අලියම උනාම වෙන දේ හිතාගන්න අමාරු නෑ නේ. මම හිතන්නෙ අපේ ගෙදර උන් යූ.එන්.පී කියලා මුලු හාරිස්පත්තුවම ඒ දවස්වල දන්නවා ඇති.  අපේ මේ සතුට ප්‍රකාශ කිරීම හමුවේ අපේ බාප්පා පාන්දර ජාමෙම ගෙදර බලා යන්ඩ යනවා. මම මේ මෑතකදි කල්පනා කලා ඒ මනුස්සය කොයි තරම් නම් දුකක් අපි හින්දා විදින්ඩ ඇද්ද කියලා.   කොහොමෙන් හරි පහුවෙනිදට චන්දෙ ඉවර උනාම අපේ තාත්තගෙ පක්ශෙ දිනලා නම් අපි ඉන්නෙ පුදුම සතුටකින්. මොකද කියනවනම් දිනලා ඉන්නේ අපේ තාත්තා. අපේ බාප්පා පැරදිලා.  ඉතින් සන්තෝස නැද්ද... 


ආයෙම කියනවනම් අන්න එහෙමයි අපි චන්ද කලේ



ඔය ඔක්කොම ගෙවිලා අද වෙද්දි අවුරුදු 27ක් ගෙවිලා  , තාත්තගෙ මාකර් එකෙන් නැතුව ගිහිල්ලම පාට කරගෙන වරෙන් කියලා මට ආන්ඩුවෙන් මුල්ම කොලේ එනකොට මට  දේශපාලනේ කියන ආතල් එක  කුනු ගොඩකටත් එහා ගිය ජරාවක් වෙලා . එදායින් පස්සෙ  ආපු චන්ද කාඩ් වලින් එකක් ඇරෙන්න අනික් හැම එකම අපේ තාත්තගේ අල්මාරියේ එකතු වෙලා තියනවා.  එකම එක සැරයක් හිතුනා එක දෙයක් වෙනුවෙන් කතිරේ ගහන්න යුද්දෙන් පස්සෙ තිබ්බ චන්දෙදි  පොඩිම කාලෙ අලියට හුරේ දාපු මම ගිහින්  මහින්ද ලොක්කට කතිරේ ගැහුවා.  එදා රනිල්ට දුක නොහිතුනත් අපේ තාත්තට සෑහෙන්ඩ දුක හිතෙන්ඩ ඇති.  


කොහොමත් මේ වෙනකොට කවදාවත් වෙනස් නොවෙන තීරණයක් මම අරන් ඉවරයි. මේ ජීවිතේ තියනකම් කිසිම දවසක කිසිම එකෙකුට මම චන්දේ දෙන් නෑ.  










8 comments:

  1. ලියපු ලියවිල්ල නම් එල.
    අවසන සිතූ සිතිවිල්ල නම් ගොං.

    ReplyDelete
  2. තාත්තා ඡන්දේ දාන තැනට එන්නේ නෑ නේ.. අපිටත් ඔහොම තිබුනට මම දුන්නේ මම කැමති එකාට. එකම සැරයක් ඡන්දේ කටුගාලත් තියෙනවා. මම නම් හැමදාම දෙන්නේ දිනන පක්ෂෙට. නැත්නම් ප්‍රතිඵල කියන කොට පට්ට දුකක් එනවා. එහෙම ආපූ එකම සැරයයි තිබුනේ.. ඒ ෆොන්සේකට දුන්න ඡන්දේ.. ඒ උනාට පොර නාපු එක හොඳයි..

    ඡන්දේ නොදාන එක නම් ගොන් කමක්. නමුත් ඒක තමන්ගේ කැමත්ත.. ඔය බලයා ලබා ගන්න මිනිස්සු වින්ද දුක් දන්න එකෙක්, කවදාවත් ඒ අයිතියට පිටු පාන්නේ නෑ..

    ReplyDelete
  3. මට තියෙන්නෙ එකම එක ඉල්ලීමක් පමණකි... උඹේ ඔය අවසාන තිරණය මං මේ රටේ ජනාධිපති වෙන්ට ඡන්දේ ඉල්ලන දවසට විතරක් වෙනස් කොරහං කියන එකය.. :D
    මං දන්නවා උඹ එහෙම ලේසියෙන් ප්‍රතිපත්ති පාවාදෙන එකෙක් නොවන බව... ඒත් මං මගේ පළමු දේශපාලන පොරොන්දුව හැටියට උඹට මයේ ගානේ උරූ මස් හට්ටියක්ම උයලා දෙන්න පොරොන්දු වෙනවා... උඹ ඒ ගාන සලකා බලපං... :D :D :D

    ReplyDelete
    Replies
    1. යකෝ මූ නොමිනේෂන් දෙන්නත් කලින් අල්ලස් දෙනවනෙ.

      Delete
    2. පිස්සුද..? මං ඔය පොරොන්දු දේශපාලනේට කැමතිම නැහැ.. මේ හර්ෂණයත් ප්‍රතිපත්ති පාවා දෙන්න කැමතිම නැහැ.. ඉතිං ඒකට මේක කැපිලා යන හැටියට තමා මං මේ යෝජනාව ගෙනාවේ...

      (උඹත් අර ප්‍රින්ටින් එක ලොකුවට දාගන්න හිතං ඉන්නවනං කියහං.. උඹේ ප්‍රතිපත්තියි..මගේ පොරොන්දුයි කැපෙන්න මොකක් හරි සෙට්ල් කරන්නං..)

      Delete
    3. මාරය මලය හදල දෙන හට්ටියේ තම්බන වල්ගෙ කොටා ඇවිල්ල කැලේ හෝ ගමේ එකාද..?
      නැත්නම් චයින එකාද?

      Delete
    4. ඈ බොල මාරයෝ නිට්ටබුවේ පොල් අතු බත් කඩේ තියනකම් ඔය යෝජනවාට මම මගේ ප්‍රතිපත්ති පාවලා දෙන් නෑ

      Delete
  4. බොට කියන්න මාත් පොඩිකාලෙ ඔය චන්ද කාරයො දෙන කාඩ්, හෑන්ඩ් බිල් එකතු කරන්න මාර ආසාවක් තිබ්බෙ. හැබැයි ඡන්දෙ නොදා ඉන්න එකනං ගොං කමක්. අඩුමගානෙ ජන්ද කොලේ අරගෙන ඒකෙ වෙන බයිලයක් කරල හරි පෙට්ටියට දාල එන්න ඕන.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: